හොඳට ඉන්න අපි දිහාත් මිනිස්සු වැරදි විදිහට බලනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-08-ent-46

රංගන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කරන තුෂී ලක්මාලි අද ‘සාරවිට’ තරු කතා බහ සමගින් මෙළෙස එක් වුණේමු. නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි තුෂි මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරමින් සිටියි. ඇය රංගනයෙන් දායක වූ ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබට දැක බලා ගැනීමේ හැකියාවද තිබේ.

 

රංගන ශිල්පිණියක් විදිහට තුෂි දැන් කාර්යබහුලයි නේද?2018-06-08-ent-49

ඔව්, පසුගිය දිනවල රංගන ශිල්පිණියක් විදිහට ගොඩක් වැඩ කරන්න ලැබුණා. ඉදිරියේදී ඒ නිර්මාණ හරහා මාව දැකබලා ගන්න පුළුවන්.

 

ඔබව දකින්න පුළුවන් මොන නිර්මාණ හරහාද?

සරත් ධර්මසිරි අයියාගේ ‘සුළඟ’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව ‘සේයා’ කියන චිත්‍රපටයේ මාව දකින්න පුළුවන්. මේ දිනවල දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයෙත් මම රඟපානවා. ටෙලි හා සිනමා නිර්මාණවලට අමතරව ගීත රූප රචනා කිහිපයකටම පසුගිය කාලයේ දායක වුණා. සමහරක් ඒවා නිකුත් වුණා. තවත් සමහර ඒවා ඉදිරියේදී එළිදක්වන්න නියමිත වෙලා තියෙනවා.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලත් දැන් සැහෙන්න කාලයක් නේද?

ඔව්, 2007 වසරේ තිබුණ ‘සිරස කුමරිය’ රියලටි තරගය හරහා තමා ක්ෂේත්‍රයට ආවේ. ඒ වෙද්දි මම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයටවත් මම පෙනී හිටියේ නැහැ. ඒ තරගයෙන් පස්සේ මම තාවකාලිව මේ ක්ෂේත්‍රයෙන් ඈත්වුණා. ආයෙත් ක්ෂේත්‍රයට ආවේ අ.පො.ස උසස් පෙළ විභාගයටත් මුහුණ දීලා.

 

දැන් තුෂි කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිණීයක්ද?

එ දේකම මම කරනවා. ඒත්, දැන් වැඩිපුරම කැමති රඟපාන්න.

 

කලාවට පැත්තට යොමු වෙන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?

ආසයි හැමෝටම පුංචි පුංචි හීන තියෙනවා. පොඩි කාලේදී තිබුණ ලොකුම හීනය තමයි නිළියක් වෙන එක. දැන් ඒක හැබැ වෙලා තියෙනවා.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න එක නම් අද ගොඩක් අමාරුයි. මොකද, ගොඩක් වෙලාවට මේ ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලි වැඩියි. අනික මිනිස්සු හොඳට කතා කරලා පණ දෙන්න වගේ හිටියත් ඒ කට්ටියම විවිධ විවෙචන කරලා කපලා දාන්න උත්සාහ කරනවා නිතරම. ඊටත් වඩා ක්ෂේත්‍රය ඉන්න සමහර අයගේ වැඩ නිසා හොඳට ඉන්න අපි දිහාත් මිනිස්සු වැරදි කෝණවලින් බලනවා.

 

ක්ෂේත්‍ර තුළ ඉලක්ක තියෙනවාද ඔබට?

මගේ ලොකුම ඉලක්ක තමයි මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන එක. ඒ වගේම මේ ක්ෂේත්‍රව තුළ මට කරන්න පුළුවන් උපරිමය කරන්න. ඒ කිව්වේ රංගනය පැත්තෙන් නම් දක්ෂ නිළීයක් වෙන එක. නිරූපණය පැත්තෙන් නම් ‘සුපර් මොඩල්’ කෙනෙක් වෙන එක.

 

බුද්ධික සේනාධීර

 

 2018-06-08-ent-47 2018-06-08-ent-48