හොඳ විදිහට හොඳ දේවල් කරන ගොඩක් අය ඉන්නවා
ඇය නමින් මල්කි දුෂානි, ව්‍යාපාර කළමනාකරණ අංශය ඔස්සේ අධ්‍යාපනය හදාරා ඇති ඇය මේ වනවිට නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නීය. ඇයගේ කටයුතු ගැන ‘සාරවිට’ සඳහා පැවැසුවේ මෙවැන්නකි.
ඔබ ගැන හැඳින්වීමක් කරොත්?
මගේ නම මල්කි දුෂානි ඉලංගගේ. මම NIBM ආයතනයේ ව්‍යාපාර කළමනාකරණ උපාධියක් කළා. මම සමාගම් ලේකම්වරියක ලෙස සේවය කරන්න කැමතියි. ඒ සඳහා ඉදිරියේදී ව්‍යාපාර තර්කනය පිළිබඳව හදාරන්න අදහසක් තියෙනවා. මම දැනට Ceylon TV එකේ නිවේදන කටයුතු කරනවා.
රැකියාවෙන් පිට වෙනත්ම ක්ෂේත්රයක් නිරූපණය කියන්නේ. ඇයි නිරූපණ කටයුතු කරන්නේ?
ඒක මගේ කැමැත්ත. ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දෙයක්.
ඒක කවදාවත් වෘත්තීය කරගන්න බලාපොරොත්තුවක් නැද්ද?
ලොකුවට වෘත්තීයක් කරගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක මම ආසාවට කරන දෙයක්. ඒක අද තිබිලා හෙට නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මම ඉගෙන ගන්න දේ පැත්තෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
නිරූපණයට යොමුවෙද්දී දෙමවුපියන්ගෙන් අකමැත්තක් තිබුණේ නැද්ද?
අකමැත්තක් තිබුණේ නැහැ. ඒ අය ඒකට කැමතියි.
නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලයේදීද?
සැලෝන් ඩීෂාහි නිරෝෂා අක්කාගේ මාර්ගයෙන් තමයි මම මුලින්ම නිරූපණය සඳහා එකතු වෙන්නේ. එහිදී කළේ පුවත්පතක කවර් පේජ් ෂූට් එකක්. ඊට පසුව ලැබුණු ආරාධනා භාරඅරගෙන කළා.
පළමු වැඩකටයුත්තේදී ලැබුණ අත්දැකීම ගැන මොකද හිතුණේ?
මුලින්ම නම් Photo Shoot එකක් කළේ. නිරෝෂා අක්කා තමයි රූපලාවණ්‍ය කටයුතු කළේ. මුලින්ම නම් කැමරාව ඉස්සරහා ඉන්නේ කොහොමද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. පස්සේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා ඒ අක්කාම තමයි ගොඩක් උදවු කළේ. ඊට පස්සේ චුට්ටක් බය නැති වුණා.
නිරූපණය ගැන හැදෑරීමක් කරලා තියෙනවාද?
ඒ ගැන ඉගෙන ගන්නනම් ආසාවක් තියෙනවා.
ඉගෙනීමේ වැඩකටයුතු හා රැකියාවේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
මම සමාගම් ලිපිකාරිනියක් වෙන්න තමයි ආසාවෙන් ඉන්නේ. මම කලින් රැකියා කරලා තියෙනවා. අවුරුද්දක් පමණ අමායා කන්ස්ට්‍රක්ෂන් ආයතනය යටතේ මත්තල ගුවන්තොටුපළේ සේවය කළා. ඒ වගේ තවත් ආයතන කිහිපයක සේවය කළා. NIBM ආයතනයේ පාඨමාලා හදාරන කොට රැකියාව සහ අධ්‍යාපන කටයුතු කියන දෙක එකට කරන්න අමාරුයි වගේ දැනුණා. ඉන්පසුව මම රැකියාවෙන් ඉවත් වෙලා මේ කාලය ඉගෙනීමේ කටයුතු සඳහා වෙන්කරලා තිබුණා. ඉදිරියටත් ඉගෙන ගැනීමට තමයි බලාපොරොත්තුව.
නිරූපණ කටයුතුවල නිරත වෙන්න කාලය තියෙනවාද?
මුලින් කීවා වගේ මම Photoshoot වලට එහෙම ලොකුවට දායක වෙන්නේ නැහැ. සෙනසුරාදා ඉරිදා වගේ තමයි මගේ Class තියෙන්නේ. ඉතිං සතියේ ඉතිරි දවස් 5ම වගේ මම Free. ඒ දවස් 5 මම පාඩම් කරන දවස වෙනමත්, බාහිර දේවල් සඳහා කාලය වෙනමත් වෙන්කරගන්නවා.
නිවේදනය සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
හෂාන් ලොරන්ස් අයියාගේ මාර්ගයෙන් තමයි මට ඒ අවස්ථාව උදාවෙන්නේ. එයා තමයි මාව තරිඳු මල්ලීට හඳුන්වා දෙන්නේ. හදිසියේ යෙදුණු වැඩකටයුත්තක්. එදා Ceylon majestic Pagent එක. එදා එයා තමයි මට කෝල් එකක් දීලා කිව්වේ මල්කි මෙහෙම එකක් තියෙනවා පුළුවන් නම් ඔයා යන්න කියලා. එදා ඉඳන් අද වෙනකම් තරිඳු ලක්ෂාන් මල්ලි සහ වෙනුර කාවිංග මල්ලි තමයි මට ගොඩක් උදව් කරන්නේ.
ක්ෂේත්රය ගැන පැහැදීමක් තියෙනවාද?
හොඳ විදිහට හොඳ දේවල් කරන ගොඩක් අය ඉන්නවා. ඒ වුණාට දෙයක් නොදැන ගෙන ඇවිල්ලා, වැරදි දේවල් කරලා උපහාසයට ලක්වෙන අයත් ඉන්නවා. හොඳ විදියට දෙයක් කරන අය ගැන අපි පැහැදීමට ලක්වෙන්න ඕන. වැරදි කරන අය දිහා නොබලා හොඳ අය දිහා විතරක් බලලා අපිත් ඒ දේවල් ඉගෙන ගත්තානම් තමයි හොඳ.
ඔබ ඔය කියන හොඳ නරක නිසාම දෙමව්පියන්ගෙන් බලපෑමක් නැද්ද?
මොකක් හරි වැඩකට ආරාධනා ලැබුණොත්, ඒ සඳහා ඕන ඇඳුම මොකක්ද කියන එක අපි බලන්න ඕන. ඒවා බලල තමයි තීරණය කරන්න ඕන. දෙමව්පියො අපිව හදලා තියෙන විදියත් එක්ක තමයි ඒ අය අපිව විශ්වාස කරනවාද, අවිශ්වාස කරනවාද කියන එක රැඳිලා තියෙන්නෙ. ඒ අය දන්නවානෙ අපි වරදක් කරන්න යන්නේ නැහැ කියලා. ඉතිං ඒ නිසා ඒ අය බය නැහැ.
ඉදිරි බලාපොරොත්තු හා වැඩකටයුතු මොනවාද?
නිවේදනය ගැන ගොඩක් හොඳට ඉගෙනගෙන ගොඩක් හොඳ නිවේදිකාවක් වෙන්න මම කැමතියි. මම තවමත් කැමරාව ඉදිරියේ මගේ බය සහ සැකය කියන දේ නැතිකරගන්න හදන කෙනෙක්. අධ්‍යාපන කටයුතුත් ඒ වගේම කරගෙන යන්න ඕනෙ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha