හොඳ වගේම නරක පැත්තකුත් මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-26-ent-06

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනා සඳහා රංගනයෙන් දායක වී ඇත. නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට උත්සාහ දරණ කිත්මා සමගින් අද තරු කතා බහ අපි මෙළෙස දිග හැරියෙමු.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්නේ?2018-09-26-ent-09

මට වයස අවුරුදු 19දී. එක්තරා නිමි ඇඳුම් ආයතනයක පැවති විලාසිතා දැක්මක් හරහා. නිරූපිකාවක් වෙන හීනයක් නම් තිබුණේ නැහැ. ඒත්, නිරූපිකාවක් විදිහට ඡායාරූප වලට පෙනි ඉන්න කොට ආසාවක් ඇතිවුණා නිරූපණ ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න.

 

දායක වුණ නිර්මාණ?

ක්ෂේත්‍රයට ඇවිල්ලා තවමත් කෙටි කාලයයි. ඒ කාලය තුළදී ගොඩක් වෙලාවට කළේ ඡායාරූප වලට පෙනී ඉන්න එක තමයි. මෑතකදී ගීත රූප රචනාවක් සඳහා රංගනයෙන් දායක වුණා. ඒ ගයාන් සංගීත උඩවත්තගේ ගීතයක් සඳහා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් අටකට විතර දැනට පෙනි ඉඳලා තියෙනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන?

හැම දේකම හොඳ පැත්තකුත්, නරක පැත්තකුත් තියෙනවා. මේකත් එහෙමයි. මම හිතන්නේ හොඳ විදිහට ගියොත් මේක හොඳයි. තමනගේ සීමාව දැන ගෙන මේක කරනවා නම් හොඳයි.

 

රැකියාවක් කරන අතරේ මේ වැඩවලට ඉඩකඩ තියෙනවාද?

මම තවමත් අධ්‍යාපනය ලබනවා. ඒ වගේම මම ඉගෙන ගන්න විෂය හරහා හොඳ රැකියාවකුත් කරනවා. ඒ අතරේ තමා නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්නේ. ඉගෙන ගත්තු දෙයින් ඉහළ තැනකට යන්න ආසයි. ඒ වගේම කලාවෙනුත් ඉදිරියට යන්න ආසයි.

 

ගැණු ළමයෙක්ට නිරූපණ ක්ෂේත්‍රය සුදුසුද?

තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න තමන් දැනගන්න ඕනා. මුලින්ම මොන කෂේත්‍රයක කෙනෙක් වුණත් තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න ඕනා. එහෙම කළොත් මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

 

වර්තමානයේ නම් මේ ක්ෂේත්‍රය ගැන බොහෝ පිරිසකට පැහැදිමක් නැහැ?

ඇත්තටම ඔව්, මේක විහිළුවක් කරගත්ත අයත් ඉන්නවා. ක්ෂේත්‍රය තුළ හැසිරෙන්නවත් දන්නේ නැති අයත් ඉන්නවා. එහෙම අය ඉන්න කොට ඕහොම වෙන එක සාධාරණයි. එකෙන් හොඳට ඉන්න අයටත් තැනක් නැති වෙන එක විතරයි වෙන්නේ.

 

අඩ නිරුවත් නිර්මාණයකට හෝ රූප රචනාවකට කතා කළොත්?

අනිවාර්යයෙන්ම භාර ගන්නේ නැහැ. මොකද නිර්මාණයට ලැබෙන මුදලට වඩා මට මගේ ආත්මගරුත්වය ගොඩක් වටිනවා.

 

ඒ කියන්නේ නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවා ලැබෙන නිර්මාණ?

හොඳ නිර්මාණත් ලැබෙනවා මට නොගැළෙපන නිර්මාණත් ලැබෙනවා. කෝටියක් දෙනාව කිව්වාත් මම නම්මට නොගැළෙන නිර්මාණයකට දායක වෙන්නේ නැහැ. හොඳ කලාත්මක නිර්මාණයක් ලැබෙනවා නම් මම මට ලැබෙන මුදල පිළිබඳවත් අවධානය නොකර ඒ නිර්මාණයට දායක වෙනවා.

 

අනාගත බලාපොරොත්තු?

මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඒ පැත්තෙන් ඉහළ තැනකට යන එක. ඊට අමතරව හොඳ නිර්මාණවලට පමණක් දායක වෙලා දක්ෂ නිරූපිකාවක් රංගන ශිල්පිනියක් වෙන එකත් මගේ ලොකුම ඉලක්කයක්.

 

උදව් කළ අය?

ගොඩක් අය උදව් කළා. මට මුලින් අම්මායි, තාත්තාවයි මගේ සහෝදරයයි මතක් කරන්න ඕනා. රූපගත කිරිම් තිබුණා රෑ එළි වෙනකම්. ඒ හැම එකකටම සහභාගි වුණේ මගේ පවුලේ අයත් එක්ක. චිලි තිවංක අයියා, ගයාන සංගීත් අයියා මතක් කරන්න ඕනා. ඊට අමතරව ගොඩක් කට්ටිය ඉන්නවා නම් සඳහන් කරන්න බැරි. ඒ හැමෝම මතක් කරන්න ඕනා මේ වෙලාවේ.

 

බුද්ධික සේනාධිර

 

  2018-09-26-ent-08 2018-09-26-ent-07