හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමතියි
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වූ තරු දිසානායක සමගින් අද %සාරවිට^ තරු කතා බහ අපි මෙළෙස ආරම්භ කළේමු. දැනට රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා රැසක දකින තරු රංගනයට දැඩි සේ ප්රිය කරන්නියක්ද වේ. මේ ඒ පිළිබඳව ඇය අප සමග පැවසු අදහස් කිහිපයකි.
2016 වසරේදී තිබුණ "මොඩ්ලින් ෂෝ" එකකට මම සහභාගි වුණා. එහිදි "හොඳම ෆීමෙල්" වුණා. ඊට පස්සේ තමයි නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්රය තුළ දිගටම වැඩ කරන්න ගත්තේ.
මේ කෙටි කාලය තුළ කලා නිර්මාණ බොහොමයකටත් දායල වෙලා තියෙනවා?
ඔව්, ගොඩක්ම කළේ රූපවාහිනි වෙළෙඳ දැන්වීම්. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් දායක වුණා. ඒ අතරින් %මේ ආදරය^ හා %බිදුනු සිත^ කියන රූප රචනා ගොඩක් ජනප්රිය වුණා.
රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
කැමතියි. හැබැයි හොඳ නිර්මාණවලට පමණක් දායක වෙන්න.
පුංචි කාලේ හීනේ වුණේ?
ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්න. මගේ තාත්තාත් ගුවන් හමුදාවට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ හින්දා පුංචි කාලේ ඉඳලා ආසාව වුණේ ඒ වෘත්තිය තෝර ගන්න. මොඩ්ලින් පැත්තට යොමු වුණේ නැත්තනම් අද මම ඒ වෘත්තියේ බොහෝ දුරට කටයුතු කරනවා ඇති කියලා කියන්න පුළුවන්.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හොඳයි. මන් ගොඩක් ආස කරනවා මොඩ්ලින්ග් වලට. ඒ වගේම තමයි මේ ෆිල්ඩ් එක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනා.
නිරූපිකාවක් විදිහට තියෙන ඉලක්ක මොනවද?
මේ ෆිල්ඩ් එකේ ඉස්සරහාටම යන්න වගේම මගේ රටට කිර්තියක් ගේන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ වගේම තමයි මිනිස්සුන් අතර කතා බහ වන ජනප්රිය මොඩ්ලින් කෙනෙක් වෙන්නත් කැමතියි මම.
නිරූපණ ක්ෂේත්රයට ලංකාවේ පිළිගැනීම කොහොමද?
පිළිගැනිම හොඳයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ. එක එක්කෙනා මේ ෆිල්ඩ් එක දකින විදිහ වෙනස්. සමස්තයක් විදිහට ගත්තොත් මට හිතෙන්නේ හොඳ පිළිගැනීමක් තියෙනවා කියලයි.
උදව් කරපු කට්ටයකුත් ඇති ඔබට?
ගොඩක් අය ඉන්නවා උදව් කරපු. මගේ පවුලේ අය විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. එයාලාගේ ආශිර්වාදය නැත්නම් මට මේ ගමන යන්න බැ. ඒ වගේම නිලු සේනානායක හා අර්ජූන් සේනානායක ගොඩක් උදව් කළා මේ ෆිල්ඩ් එනේ ඉස්සරාහට එන්න. ඊට අමතරව මොඩ්ල් ෆිල්ඩ් එකේ වගේම මට හිතවත් මගේ යහළුවෝ ගොඩක් අය මට නන් අයුරින් සහයෝගය ලබාදීලා තියෙනවා.
බුද්ධික සේනාධීර