හොඳ නිර්මාණවලට මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-20-ent-55

දිගු කාලයක් තිස්සේ නිරූපණ කටයුතු සඳහා එක්ව සිටින කාංචනා කාන් සමගින් අද ‘සාරවිට‘ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. දැනට වෘත්තිමය නිරූපිකාවක් ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් හා ටෙලි නිර්මාණ හරහා සිය හැකියාවන් ඉදිරිපත් කරන්නට සූදානමින් සිටියි.

 

කාංචනා නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ?

2017-06-20-ent-561999 වසරේදී. මහරගම තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවක් හැදෑරුවා. එය තමයි මගේ ආරම්භය. දැනට මම නිරූපිකාවක් විදිහට වැඩ කරනවා.

 

ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

ගොඩක්ම කළේ නිරූපණ වැඩ තමයි. ගොඩක් වෙලාවට මනාලියන් දැක්මවල් සඳහා පෙනී සිටියා. දැනට ගීත රූප රචනා කිහිපයකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට ඒ නිර්මාණවලට දායක වෙලා රංගනය පැත්තට යොමු වෙන්න තමයි අදහස.

 

නිරූපිකාවක් විදිහට වැඩ කරන්න හිතුවේ ඇයි?

මම ගොඩක් කැමතියි නිරූපණ කටයුතුවලට. අනික මේක පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්. නිරූපිකාවකට වඩා පුංචි කාලේ ඉඳලා මගේ හිත යොමු වෙලා තිබුණේ රංගන ශිල්පිනියක් වෙන්න.

 

පාසල් අධ්‍යාපනය ලබන කොට?

ලොකු කැමැත්තක් තිබුණා කලා කටයුතුවලට. පාසලේ බාහිර වැඩවලටත් දායක වුණා. පාසලේ කලා කටයුතුවලදී මුල්තැන දීලා කටයුතු කරපු නිසා කවුරුත් හිතුවේ මම කලාව පැත්තෙන් ඉදිරියට යයි කියලා.

 

නිරූපණයටද? රඟපාන්නටද ඔබ වඩා කැමති?

දෙකටම. ඒත්, වැඩිපුර කැමැත්තක් තියෙනවා රංගනය පැත්තට ලොකුවට යොමු වෙන්න. මොකද ඒක මගේ පුංචි කාලේ ඉඳලා හිනේ නිසා. ඒ වගේම ලංකාවම දන්න දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නත් අදහසක් තියෙනවා.

 

දැනට ටෙලි නිර්මාණ වගේ දේවල්වලට එකතු වෙන්න ලැබිලා නැද්ද?

ලැබුණා. ඒත්, මම කැමතියි හොඳ චරිතයක් තුළින්ම මගේ ගමන ආරම්භ කරන්න.

 

ඉදිරි ඉලක්ක තියෙනවාද?

ලොකු ඉලක්ක නම් නැහැ. මම හෙමින් ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා හැම දෙයක්ම තෝරා බේරා ගෙන හොඳ දේවල්වලට විතරක් දායක වෙන එක තමයි එකම ඉලක්කය. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහට මා කලින් සඳහන් කළාක් මෙන් ලංකාවම දන්න දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තුව.

 

උදවු කළ අයත් ඇති?

ඉමේෂ් නුවන්දක අයියාව මේ මොහොතේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ පවුලේ අය, මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා. හැම වෙලාවෙම මාව දිරිමත් කරන. ඒ හැමෝටම බොහෝම ස්තුතිය කියනවා මේ වෙලාවේදී මම.

 

  2017-06-20-ent-54 2017-06-20-ent-53