හොඳ දක්ෂ නිවේදිකාවක් වෙන්න ආසාවෙන් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-05-ent-119

ජාතික රූපවාහිනියේ "සිත් ගත් ගී" ගීතමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින ඇය පූර්ණි ශෙහාර පතිරාජ. ඇය පෞද්ගලික අංශයක සේවය කරන අතරතුර කලාවට සම්බන්ධවී වැඩකටයුතු කරන්නීය. මේ ඇය "සාරවිට" සමගින් දොඩමළු මොහොතකි.

 

ඔබ ගැන සඳහන් කළොත්?

2017-05-05-ent-126මම පූර්ණි ශෙහාරා පතිරාජ. වයස අවුරුදු 21යි. දැනට ජාතික රූපවාහිනියේ "සිත් ගත් ගී" වැඩසටහන කරනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.

 

කොයි කාලේද නිවේදිකාවක් වෙන්නේ?

මම පාසල් යන කාලෙ ඉඳන් ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. දැනට අවුරුදු තුනක් විතර වෙනවා.

 

ඇයි නිවේදිකාවක් වෙන්න හිතුවේ?

මම මුලින්ම මගේ පාසල මතක් කරන්න ඕනේ. මගේ පාසල "ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය කොළඹ 05". ඇත්තටම කියනවානම් පොඩි කාලේ එහෙම අදහසක් තිබ්බේ නැහැ. නමුත් ඒ කාලෙදී මං පාසලේ මාධ්‍ය ඒකකයෙ සභාපති වීමත් එක්ක නිවේදිකාවක් වෙන එක සිතට එන්න ඇති කියලා හිතනවා. පාසලේ හැම දවසකම නිවේදන කටයුතු කළේ මමයි. දැන ඇත්තටම නිවේදිකාවක් වෙලා ඉන්නවා.

 

රැකියාවයි නිවේදිනයයි පැටලෙන්නේ නැද්ද?

නැහැ කවදාවත් නැහැ. දෙකම ගොඩක් හොඳට සමබරව කරගෙන යනවා.

 

ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මොන පැත්තෙන් ඉදිරියට යන්නද?

හොඳ දක්ෂ නිවේදිකාවක් වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ ගැන ගොඩක් ඉගෙන ගන්නත් බලාපොරොත්තු වෙනවා. නිවේදිකාවක් වෙන එක මගේ ලොකු ආසාවක්. ඒකට සාධාරණයක් ඉටුකරමින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඒ කියන්නේ රැකියාවෙන් ඉවත් වෙලා නිවේදිකාවක් වෙන්නද බලාපොරොත්තුව?

නිවේදනය කියන්නේ මගේ රැකියාව නෙමෙයි. ඒක මම ගොඩක් ආදරෙන් ආසාවෙන් කරන දෙයක්. ඒ වගේම මගේ රැකියාවට මං ගරු කරනවා සහ දෙකම ගොඩක් හොඳට කරගෙන ඉස්සරහට යනවා.

 

ගෙදර අයගේ බලාපොරොත්තුව වුණේ ඔයා කවුරු වෙනවටද? මවගේ ආසාව ඔයාව කවුරු විදිහට දකින්නද?

ගෙදර අය මට බල කළෙ නැහැ කිසිදෙයකට. මගේ හැකියාවට, කැමැත්තට ඉඩ දුන්නා.

 

සහයෝගය දැක්වූ පිරිසක් ඇතිනේ?

ඔව් අනිවාර්යයෙන්ම. මං මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මව. එයා තමයි හැමදේටම මගේ පස්සෙන් ඉඳලා හරි වැරැද්ද කියලා දුන්නේ. ඒ වගේම මගේ තාත්තා, ආච්චි වගේම නංගිවත් මම මේ වේලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. එයලා නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. ඊට අමතරව ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වෙන්න පාර පෙන්නපු රවී අබේවික්‍රම සර්ව මම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම නලින් මාපිටිය සර්ව, ඔහු අධ්‍යක්ෂණය කරපු ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ %ඉඩදෙන්න^ ටෙලිනාට්‍යයේ මං ප්‍රධාන චරිතය සඳහා දායක වුණා. එහිදී ඔහුගෙන් ලැබුණ සහයෝගය වගේම දැනට ජාතික රූපවාහිනියේ %සිත් ගත් ගී^ නිෂ්පාදන මොහාන් විජේසිංහ අයියවත් මං ගොඩක් ආදරෙන් මතක් කරනවා වගේම මගේ යාළුවොත් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

  2017-05-05-ent-125 2017-05-05-ent-124 2017-05-05-ent-123 2017-05-05-ent-122 2017-05-05-ent-121 2017-05-05-ent-120