හොඳ කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-945

ඇයගෙ නම බිලේෂා විජේරත්න. ඒත් වැඩි දෙනා ඇය හඳුනන්නේ ඩුබායි වට්ටක්කෙ හෙවත් සුදු නංගි කියලයි. මතකනෙ කූඹියෝ නාට්‍යය. එහි සුදු නංගි තමයි මේ. එයා මේ දිනවල හමුවන්නෙ චරිත් අබේසිංහගේ ‘යං’ ටෙලි නාට්‍යයේ නන්දනී ලෙසයි. පසුගියදා විකාශය වූ සිද්ධාර්ථ ගෞතම ටෙලිමාලාවේ භද්‍රා කුමරිය ලෙස රංගනයෙන් දායක වූ බිලේෂා සඳැල්ල පිළිසඳර හැඩ කළේ මෙලෙසිනි.

 

කූඹියෝ සුදු නංගි, එහෙම ඇමතීම හොඳයි නේද?

ඔව්. ඒ වුණාට සමහර අය කියන්නෙ අන්න ඩුබායි වට්ටක්කෙ යනවා කියලයි. එයාලට කූඹියෝ තවම මතකයි.

 

නන්දනී කොහොම කෙනෙක් ද?2019-05-27-ent-946

ගමේ ඉඳලා නගරයට ඇවිත් රස්සාවක් කරලා ජීවිතය ගොඩ දාගන්න උත්සාහ ගත්ත කෙනෙක්.

 

සාමාන්‍ය ජීවිතයේ බිලේෂා කොහොම කෙනෙක් ද?

මමත් මහන්සි වෙලා ජීවිතය ගොඩනගා ගන්න හදන සාමාන්‍ය පවුලක සාමාන්‍ය තරුණියක්.

 

ගම රත්නපුරය නේද?

ඔව්. ඒ වුණාට මේ වැඩ කටයුතු නිසා කොළඹ නතර වෙලා ඉන්නෙ.

 

කොළඹ නතර වෙලා මොනවද කරන්නේ?

මේ දිනවල යොවුන් නාට්‍ය උළෙල සඳහා නිෂ්පාදනය කෙරෙන වේදිකා නාට්‍ය දෙකක පුුහුණුවීම්වලට දායක වෙනවා. මගෙ තනි රකින්න අම්මත් ඉන්නවා.

 

නන්දනීගේ චරිතය හැර තව වෙනත් චරිත මොනවද?

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ ‘භද්‍රා’ කුමරිය ලෙස රඟපෑවා. ඒ කොටස් ඉවර වුණා.

 

වෙනත් චරිත සඳහා ආරාධනා නැද්ද?

ළඟදීම පටන් ගන්නා නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

 

එතකොට බිලේෂාගේ ඉගෙනීම් කටයුතු ඉවර ද?

සරසවි කටයුතු ඉවරයි. නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය ලබා ගත්තා.

 

දැන් අරමුණ?

නාට්‍ය හා රංග කලා අංශයේ ගුරුවරියක වීමටයි. දැන් ඒ වෙනුවෙන් අයදුම් කරලා බලාගෙන ඉන්නවා.

 

එතකොට රඟපෑම?

නාට්‍ය හා රංග කලාව මා හැදෑරූ විෂය වගේම රංගනයත් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදියට කලා ක්ෂේත‍්‍රයේ කටයුතු කරන බොහෝ චරිත සිටිනවා. ඒනිසා මට එය බාධාවක් වෙන එකක් නැහැ.

 

සුදු නංගි ටිකක් විප්ලවකාරී අදහස් තියෙන කෙනෙක්ලූ නේද?

එහෙමම නැහැ.

 

එහෙනම් කොහොම කෙනෙක් ද?

මගේ වැඩ කරගෙන මගේ පාඩුවේ සිටින කෙනෙක්.

 

ගෙදරින් ආදර යෝජනාවක් ගෙනාවොත් හොඳටම කේන්ති යනවලූ නේද?

එහෙම නෑ ඉතිං. ජීවිත කාලයටම හුදෙකලාව ඉන්නත් බැහැනේ. ඒ වුණාට හදිසි වෙලා විවාහ වෙන්න බැහැ. ජීවිත කාලයටම ගැළපෙන කෙනෙක් ඉන්න එපායැ. ඒනිසා යෝජනා ආවාම කලබල නැහැ. හොඳ කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.

 

දැන් ඔය මනමාලි බලන්න කී දෙනෙක් ඇවිත් තියෙනව ද?

එහෙමම නෑ ඉතිං...

මාව තේරුම් ගන්න පුළුවන්, මාත් එක්ක ජීවිත කාලය පුරාවටම ඉන්න පුළුවන් කෙනෙක් කියලා දැනුනොත් මම ආදරය කරාවි. මගේ ප‍්‍රාර්ථනය එයයි.

 

කොහොමද බිලේෂාට කලා ක්ෂේත‍්‍රයෙන් ලැබෙන ප‍්‍රතිචාර?

ප‍්‍රවීනයින් මගේ අඩුපාඩු දුටුවාම මට කියලා දෙනවා. ඒ වගේම මගේ හැකියාවන් ගැන හොඳ ප‍්‍රතිචාර දක්වනවා. මම කොහොමටත් වේගවත් ගමනකට කැමති නැහැ. හෙමින් ගමන මට හොඳයි. පැවැත්ම තියෙන්නෙ එතකොටයි.

 

‘නන්දනී’ චරිතයේ අමතක නොවන අවස්ථා සිහිපත් කළොත්?

කල්තොට ඉතා දුෂ්කර පළාතක රූගත කිරීම් කළේ. ඒ ගමේ හේනක වැඩ කරන්නත් තිබුණා. අව් රශ්මිය දරාගෙන ඒවා කළා. දුෂ්කර වුණත් ඒ අවස්ථා හරි සුන්දරයි. මෙම නාට්‍යයේ තේමා ගීතය රූගත කළේ තට්ටු දෙකේ බස් එකක. එය ගාලූ මුවදොර අසල තිබිය දී එදා දෙසැම්බර් 31 දා රාත‍්‍රියේ විනෝදවීමට පැමිණ සිටි පිරිස නිසා තරමක් අපහසුතාවට පත් වුණා.

 

‘බිලේෂා’ ආදරේ ගැන හිතන්නේ කොහොම ද?

ආදරය විවිධාකාර විදියට ලැබෙනවනෙ. ස්වභාවයන් විවිධාකාරයිනෙ. මොන විදියට ලැබුණත් ආදරය කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සුන්දර දෙයක්.

 

ගෙදර විස්තරත් කියමු?

අම්මා, තාත්තා, අයියා, අක්කා සහ මම. අයියයි, අක්කයි දෙන්නම විවාහ වෙලා. අක්කත් ගුරුවරියක්.

 

අක්කා ද ලස්සන? නංගි ද ලස්සන?

හැමෝම කියන්නෙ නම් අපේ අක්කා කියලයි. එයා ඒ දිනවල රූ රැුජින තරගයකටත් ඉඳලා තියෙනවා. ඒත් රඟපාන්න ආවේ නැහැ. පාසල් කාලයේ දී නම් එයයි මායි දෙන්නම නාට්‍ය විෂය කළා. ඒත් දැන් අක්කා ගණිත සහ විද්‍යා අංශයේ ගුරුවරියක්.

 

සුදු නංගිගෙ අනාගත සිිහිනය?

මේ ක්ෂේත‍්‍රයේ ඉදිරියට යන අතරේ ලස්සන ජීවිතයක් ගත කිරීම අරමුණයි. අම්මා, තාත්තා බලාගෙන ඉදිරි ජීවිතය ගත කරන්න ආසයි.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ