හොඳ කලාත්මක නිර්මාණවලට දායක වෙන්න මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-502

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක දකින බුද්ධි රන්දෙණිය සමගින් අපි මෙවර "සාරවිට" කතාබහ ඇරඹුවෙමු. ටෙලි නාට්‍යය, වේදිකාව පමණක් නොව, සිනමා නිර්මාණ කිහිපයක් සඳහාද මේ වනවිට රංගනයෙන් දායක වී ඇති බුද්ධි ඉදිරියේ දී එම නිර්මාණ හරහාද ප්‍රේක්ෂකයන්ට දැකගත හැකිවෙයි.

 

මේ දිනවල ඔබ දකින නිර්මාණ මොනවද?2019-08-09-ent-504

මේ දිනවල මම දායක වුණ ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙනවා. එකක් %සිරස^ රූපවාහිනියේ විකාශය වෙන "සක්කාරං", අනිත් ටෙලි නාට්‍යය %දෙරණ^ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන %සිඳූ^ ටෙලි නාට්‍යය. ‘%සිඳූ^ ටෙලි නාට්‍යයේ මම දායක වෙන චරිතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

 

  රඟපාන්න කැමැත්තක් ඇති වුණේ කොහොමද?

ඒක අහම්බෙන් සිදු වුණ දෙයක්. උසස් පෙළ විභාගයට විෂයයක් ලෙස %නාට්‍ය හා රංග කලාව^ විෂය තෝර ගත්තා. ඇත්තටම මගේ කැමැත්ත තිබුණේ නර්තනයට. පාසල් යන කාලේ නර්තනය හැදෑරුවා. නමුත්, ඊට පස්සේ මට කැමැත්තක් ඇති වුණා රංගනයට.  

 

ඒ ගැන හැදෑරීමක් කළාද?

ඔව්, රංගනයට මම ආවේ ඒ පිළිබඳව හැදෑරීමක් කරලා. විශ්වවිද්‍යාලය ප්‍රවේශයත් එක්ක මම රංගනය ගැන ලංකාවේ තිබුණ වැඩමුළු කිහිපයකටම සම්බන්ධ වුණා. ඉන් පසු නලින්ද ප්‍රේමරත්න මහත්මයා යටතේ ඔහුගේ %ඇක්ට්4^ ඇකඩමියට සම්බන්ධ වෙලා රංගනය ගැන ඉගෙන ගත්තා. අදටත් මම %ඇක්ට්4^ ආයතනය සමග පූර්ණ කාලීනව සම්බන්ධ වෙලා ඉන්නවා.

 

නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න අදහසක් තිබුණේ නැද්ද?

තිබුණා. ඒ නිසාම මම නර්තනය ගැනත් හැදෑරුවා. ලංකාවේ පහතරට සම්පදායේ කලඑළි මංගල්‍යයක් කරපු මුල්ම නර්තන ශිල්පිනියන් තිදෙනාගෙන් කෙනෙක් මම. අදටත් මම පුංචි දරුවන්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමග වැඩ කරන්න ඒ ඉගෙන ගත්තු දේවල් යොදා ගන්නවා.

 

නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවාද?

ඔව්, මට ගැළපෙන හා මට කරන්න පුළුවන් කියලා හිතන චරිත පමණයි මම බොහෝ වෙලාවට භාර ගන්නේ. අනික හොඳ කලාත්මක නිර්මාණයකට දායක වෙන්න තියෙනවා නම් ඒක තමයි රංගන ශිල්පිනියකගේ තියෙන ලොකුම කැමැත්ත.  එවැනි නිර්මාණ ලැබුණොත් අනිවාර්යයෙන්ම මම භාරගෙන වැඩ කරනවා.

 

ඉදිරියේ දී ඔබව දකින්න පුළුවන් වෙනත් නිර්මාණ තියෙනවාද?

ඔව්, සෝමරත්න දිසානායකයක් අධ්‍යක්ෂණය කරපු %ඇන්ඩර් පැන්ටි තීෆ්^ චිත්‍රපටය තුළින් මාව දකින්න පුළුවන්. සෝමරත්න දිසානායක මහත්මයාගේ චිත්‍රපට කිහිපයකම මම වැඩ කරලා තියෙනවා. ඊට අමතරව තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනවාක් මේ වනවිට ලැබිලා තියෙනවා.  

 

  බුද්ධික සේනාධීර

 

 2019-08-09-ent-503