හොඳ කලා නිර්මාණවලට සම්බන්ධ වෙන අදහසක් තියෙනවා
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වූ ගෙනිෂා දිල්රුක්ෂි සමග අද ‘සාරවිට’ අපි කතා බහා මෙළෙස දිග හැරියේමු. රංගනයටද දැඩි සේ ඇල්මක් දක්වන ගෙනිෂා ඉදිරියේදී එම ක්ෂේත්රවලටද සම්බන්ධ වීමට උනන්ඳුවකින් පසුවේ. මේ ඇය අපි ඇසු ප්රශ්නවල දැක්වූ ප්‍රතිචාර.
ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොහොමද? කොයි කාළේද?
මම අධ්‍යාපනය ලැබුවේ හොරණ දොම්පේද්රික් මධ්‍ය මහා විද්යාලයෙන 2018 දී තමයි මම උසස් පෙළ හැදෑරුවෙ. උසස් පෙළ විභාගයෙන් පස්සේ මම රූපලාවණ්‍ය ශිල්පිය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. පාඨමාලාව හදාරද්දි තමයි මට නිරූපිකාවක් විදිහට ඡායාරූප කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ
කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණාද?
මම පොඩි කාළේ ඉඳලම කලාවට ආදරේයි. මොකද, මම උසස් පෙළ විභාගය තෙක්ම නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදෑරිම් කළා. නර්තනයට සමස්ත ලංකා මට්ටමින් පවා ජයග්‍රහණ හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒත් සමගම පාසලේදි පාසල් නාට්‍ය කිහිපයකටම සහභාගී වුණ.
කලා ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
කලා ක්ෂේත්රය කියන්නෙ නරක තැනක් නෙමෙයි. අපි තෝර ගන්න අංශ එක්ක තමයි ඒකෙ ගුණාත්මක බවය තීරණය වෙන්නේ.
දායක වුණ නිර්මාණ මොනවද?
පාසල් යන කාළේ මට රංගනයට සම්බන්ධ අවස්ථා කිහිපයක්ම ලැබුණා නමුත්, අධ්‍යාපන කටයුතු නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණ. දැනට නම් මම නිරූපිකාවක් විදිහට කරලා තියෙන්නේ පොටෝ ෂුට්වලට පෙනී හිටිය එක පමණයි. ගොඩක් කරලා තියෙන්නේ ‘බ්‍රයිඩල්’ පොටෝ ෂූට්.
නිරූපිකාවට අද තියෙන පිළිගැනීම කොහොමද?
හොද පිලිගැනීමක් තියන නිරූපිකාවන් අද ක්ෂේත්රයේ ඉන්නවා. නමුත්, ක්ෂේත්රයට පැමිණි අතළොස්සක් දෙනා කරන වැරදි නිසා මේ ක්ෂේත්රය ගැන සමාජය තුළ වැරදි වැටහිමක් ඇති වෙලා තියෙනවා.
මේක ඔබේ වෘත්තියද?
මම වෘත්තීය වශයෙන් රූපලාවණ්‍ය ක්ෂේත්රයේ නියැළෙනවා. ඒ අතරතුර තමයි මම විනෝදාංශයක් විදිහට පොටෝ ෂුට් වලට සහභාගි වෙන්නෙ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කලා කටයුතු වලට වැඩිපුර ඉදිරියේදී සම්බන්ධ වෙන්න.
කලා ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
මගෙ ලොකු ආසාවක් තියෙනවා කලාවට සම්බන්ධ වෙන්න. තවම මට හොද නිර්මාණයකට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. බලමු අවස්ථවක් ලැබුණොත් උපරිමයෙන් එයට සාධාරණයක් කරමින් ක්ෂෞත්‍රය තුළ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා.
උදව් කරපු අය?
මම රූපලාවණ්‍ය පාඨමාලාව හදාරද්දි තමයි මට අවස්ථාවක් ලැබුණේ. මගෙ පාඨමාලා ගුරුතුමිය තමයි මුලින්ම ‘බ්‍රයිඩල්’ පොටෝ ෂුට් වලට මාව යොමු කළේ. ඒ වගේම මගේ අම්මයි තාත්තයි හැම අවස්ථාවකදීම මගේ සෙවණැල්ල වගේ ළඟින් ඉන්නවා. ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න උදව් කරපු යාළුවො කිහිපදෙනෙක්ම මට ඉන්නවා. ඊට අමතරව මගේ ගමනට උදව් කරපු හැම දෙනාවම මේ මොහොතේදී ම හදෘයාගම මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර