හොඳ ආරාධනාවක් බලාපොරොත්තු වන 'ජීනා'
වෘත්තීය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිණියක වන ඇය නිරූපණය ක්ෂේත්රයට පිවිස ඇත්තේ විනෝදාංශයක් වශයෙනි. ජීනා අන්මන් වන ඇය අපත් සමග ඇයගේ වෘත්තීය දිවිය පිළිබඳව මෙසේ සඳහන් කළාය.
"දැනට මම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. විනෝදාංශයක් වශයෙන් තමයි මම දැන් නම් මොඩලින් කරන්නේ. වෘත්තියක් වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිණියෙකු ලෙස කටයුතු කරනවා. දැනට මම අවුරුදු දෙකක් වෙනවා නිරූපණ ක්ෂේත්රයට ඇවිත්. 2012 වර්ෂයේදී තමයි මම නිරූපණ ක්ෂේත්රයට පැමිණියේ. දැනට මම මියුසික් වීඩියෝ සඳහා දායකවෙලා තියෙනවා. මේ වන විට ඩයලෝග් එකේ දැන්වීම් සඳහා දායකවෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය අවුරුද්දේ එළිදැක්වූ ඩයලොග් ක්‍රිකට් ගීතය සඳහා නර්තනයෙන් දායක වුණා. මම දැනට නම් රූපවාහිනි කතා මාලාවකට නම් දායකවෙලා නැහැ. නමුත් හොඳ ආරාධනාවක් ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක