හොදට හිටියොත් හැමදාම කලාව තුළ රැදිලා ඉන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වූ ‘සක්කරං’ හි ‘රන් එතෙනා’ ලෙස බොහෝ ප්‍රේක්ෂයන්ගේ ප්‍රතිචාර දිනාගත් ක්‍රිෂි ඩියානා මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයකම ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ. මෙවර ‘සාරවිට’ තරු කතාබහ අපි ඇය වෙනුවෙන් මෙසේ වෙන් කළේමු.

ක්ෂේත්‍රයට ආවේ කොහොමද? කොයි කාලේද?

මම තාම කලා ක්ෂේත්‍රයට නවකයෙක්. ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම තාම වසර දෙකක් විතර තමයි ගෙවලා තියෙන්නේ.  ක්ෂේත්‍රයට ආවේ තිර පරීක්ෂණයකට මුහුණ දීලා. තිර පරික්ෂණය සාර්ථක වීමත් සමග තමයි මට රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.

රංගන ශිල්පිනියක් වෙන්න ආසාවක් තිබුණාද? නැත්නම් අවස්ථාව ලැබුණේ අහම්බෙන්ද?

තෙරේන කාලේ ඉඳලා මම නිළියක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ඒ වගේම මේක මගේ අම්මගෙත් තිබුණ හීනයක්. කලා ක්ෂේත්‍රය තුළ දැන් මම තරමක දුරක් ඇවිල්ලා තියෙනවා. නමුත්, මට යන්න තියෙන දුර තව බොහෝමයක් තියෙනවා. 

වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබ දරන මතය මොකක්ද?

කලා ක්ෂේත්‍රය කියන්නේ හොඳ තැනක්. හොදට හිටියොත් හැමදාම මේ ක්ෂේත්‍රය කුළ රැදිලා ඉන්න පුළුවන් කියලා මම හිතෙනවා.

20200323Diana-1

දායක වුණ නිර්මාණ මොනවද?

මම දැනට යෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා.  ඒ වගේම වේදිකා නාට්‍යයක් සඳහාත් මේ දිනවල එකතු වෙලා ඉන්නවා. ඉදිරියේදී මා රංගනයෙන් දායක වුණ තවත් ටෙලි නාට්‍යයක් විකාශනය වීමට  නියමිත වෙලා තිබෙනවා. ඊඨ අමතරව පසුගිය කාළේ තවත් ගීත රූප රචනා කිහිපයකට හා රූපවාහිනි වෙළෙඳ දැන්වීමකට දායක වුණා.

රංගන ශිල්පිනියකට අද තියෙන පිළිගැනීම කොහොමද?

අද සමාජය දිහා ගත්තම නිළියකට ලොකු පිළිගැනීමක් තියෙනවා කියන්න අමාරුයි. මොකද ගොඩක් අය මේ ක්ෂේත්‍රය ගැන වැරදි මතයක ඉන්න නිසා. පිටින් බලන අය වැරදි මත වල හිටියට කලා ක්ෂේත්‍රය කියන්නේ  ගොඩක් හොඳ තැනක් කියලයි මම හිතන්නේ. ඒක ඇවිල්ලම තමා බලන්න ඕන. මම හිතන විදිහට හොදට හිටියොත් ඕනැම කෙනෙක්ට හොඳ පිළිගැනීමක් තියෙනවා සහ ඒක ඉබේම මේ ක්ෂේත්‍රය තුළ ලැබෙනවා


මේක වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තිය වැඩ කරනවාද?

රංගනය කියන්නේ මගේ වෘත්තිය.

කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?

ඔව්, කලාව තුළ දිගටම රැදිලා දක්ෂ හා ජනප්‍රිය නිළියක් විදියට ඉස්සරහට යන්න තමා මගේ එකම බලාපොරොත්තුව .

උදව් කරපු අය?

ගොඩක් දෙනෙක් මට මේ වෙද්දී මම මේ ඉන්න දැනට එන්න උදව් කරලා තියෙනවා.ඒ හැම දෙනාටම මම ගොඩක් ස්තුති කරනවා.  එ වගේම මගේ පවුලේ අයගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා මේ කලා කටයුතුවලට සම්බන්ධ වෙද්දි.

බුද්ධික සේනාධීර