හිස් මොල තියෙන රටකට සුද්දාගේ ක්‍රමය හරියනවද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-19-ent-39

සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ රන්ජන් ප්‍රසන්නගේ ‘අරුමවන්ති’ ටෙලි නාට්‍යයේ ‘සාරා’ ලෙස චරිත මවමින් රසික ආදරය දිනාගත් පියුමි සිරිනායක සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන ඇය වර්තමානයේ වඩාත් කතා බහට ලක්ව ඇත්තේ ගීත රූප රචනාවක් හරහාය.

 

පියුමි කියන්නේ මේ දිනවල බොහෝ දෙනා කතා කරන චරිතයක්?

2017-07-19-ent-36ඔව්, චමු ශ්‍රී කරපු ‘ප්‍රේම සටන’ මියුසික් විඩියෝව නිසා. ගොසිෆ් වෙබ් අඩවිවල නම් මම කරපු අඩ නිරුවත් රංගනය ගැන ලොකුවට පළ වෙලා තිබුණා විවිධ විවේචනත් එක්ක. එවැනි රංගනයක් ඉදිරිපත් කරනවා කියන එක මම නම් වැරැද්දක් විදිහට දකින්නේ නැහැ. මේ ලෝකේ අඩ නිරුවතින් රඟපාපු පළමු කෙනා මම නෙමෙයි නේ. ප්‍රවිණ දක්ෂ නළුනිළියෝ පවා සම්භාව්‍ය ගනයේ නිර්මාණවලට මෙවැනි රංගනවල නිරත වෙලා තියෙනවා. ඒ චරිතයේ ස්භාවය අනුව අපිට එවැනි රංගනයන්වල නිරත වෙන්න සිද්ධ වෙනවා. කලා නිර්මාණයක් වෙනුවෙන් ඒකට සාධාරණයක් කරන්නනම් මේ වගේ සමහරක් කැපවීම් කරන්න සිද්ධ වෙනවා. මම නම් දකින්නේ නැහැ නිර්මාණයක් වෙනුවෙන් නිරුවත් හා අඩනිරුවත් වීම වරදක් කියලා.

 

මෙවැනි නිර්මාණ කරන එක අද රැල්ලට යන වැඩක් වෙලා?

රැල්ලට යනවාද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. මම දකින විදිහට අපි අද වෙනකම් කරලා තියෙන්නේ මොනවද කියලා ආපස්සට හැරිලා බැලුවොත් ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි හොඳ නිර්මාණ බවට පත් වෙලා තියෙන්නේ. හැම චැනල් එකකින්ම ඉන්දිය ටෙලි නාට්‍යය එහෙමත් නැත්නම් හින්දි තිර පිටපතක් සල්ලිවලට අරගෙන එක සිංහල නළුනිළියෝ දාලා කරන ටෙලි නාට්‍යයවලට තැනක් දෙනවා. මම හිතන්නේ අපි අපේම කියලා නිර්මාණවලට යායුතුයි දැන්. ඒ නිසා තමයි මම ‘ප්‍රේම සටන’ කියන මියුසික් විඩියෝවට දායක වුණේ. ඒක අපේම වැඩක්. මිනිස්සු මේ රැල්ල විවේචනය කරනවා ඇයි මේ නිර්මාණම නරඹන්නේ. ‘ප්‍රේම සටන’ විඩියෝව ගත්තොත් අද වනවිට හොඳ නැරඹුම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මිනිස්සු එක නරඹන්නේ ආස නිසානේ.

 

මේ වගේ නිර්මාණ ලංකාවේ අපිට ගැළපෙනවාද?

ලංකාව මම දකින විදිහට වෙනත් දියුණු රටවලට වඩා වෙනස් රටක්. සෙක්ස් විඩියෝ අන්තර්ජාලයේ වැඩිපුරම බලන රට ශ්‍රී ලංකාව. මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ. සියදිවි හානි කරගන්න රටවල් අතරින් වැඩිපුර රේට්න්ග්ස් තියෙන රටවල් අතරත් අපි ඉන්නවා. අවුරුදු 5ක පොඩි දරුවන් දුෂණය කරන රට ශ්‍රී ලංකාව. වයස ගැණු දුෂණය කරන රට ශ්‍රී ලංකාව. හරියට ලිංගික දැනුමක් නැති රටත් මම හිතන්නේ මේක වෙන්න ඕනා. කලා නිර්මාණයක් කළාහම රටේ නැති ගොසිෆ් ගහනවා මේ රටේ. සුද්දන්ගෙන් රට බේර ගෙන වසර 70ක් වෙලත් සුද්දා දිපු දේවල් විතරක් සුද්දට බැණ බැණ භුක්ති විදන රටක් මේක. කවදාක්වත් රටකට අලුතින් දෙයක් කරන්න ඕනා කියලා කවුරුත් හිතන්නේ නැති රටක් මේක. අනුන්ගේ වැරදි හොයා හොයා අනුන් කරන දේට ගරහන රටක් මේක. ඉතින් මමත් හිතන්නේ හිස් මොල තියෙන රටකට සුද්දාගේ ක්‍රමය හරියනවද කියලා තමයි.

 

හැබැයි ඉතින් මේ වගේ නිර්මාණයකට දායක වුණොත් එක රැයින් ජනප්‍රිය වෙන්නත් පුළුවන්?

මම හිතන්නේ නැහැ ඒක හරි කියලා. මම දැකලා තියෙනවා මේ විදිහට විඩියෝ දැන් ගොඩක් කරලා තියෙනවා. නමුත්, කවුරුත් ඒ අතරින් ජනප්‍රිය වෙලා නැහැ. ඒ නිර්මාණයට පෙනි ඉන්න නිළියෝ හරි ඒ නිර්මාණය හරි ජනප්‍රිය වෙන්න නම් ඒ නිර්මාණය ප්‍රේක්ෂකාගේ හිත ඇද ගත යුතුයි. නිළියෝ හොඳ විදිහට රංගනයේ යෙදිය යුතුයි. ඒ දෙකම සාර්ථකව තියෙනවා නම් නිර්මාණයක් ජනප්‍රිය වෙන්නේ එක රැයෙන් නෙමෙයි එක පැයෙන්. කරන නිර්මාණය තුළ නිරුවත් ජවනිකා තිබුණා හෝ වෙනත් යමක් තිබුණා කියලාවත් ඒ නිර්මාණය ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒක තිරණය වෙන්නේ නිර්මාණාත්මක භාවය හා නිළියගේ සහජ හැකියාව මත කියලයි මම හිතන්නේ.

 

‘ප්‍රේම සටනින්’ පස්සේ නැවතත් මෙවැනි නිර්මාණයකට ආරාධනා ලැබුණොත්?

මම කිව්වානේ මෙවැනි නිර්මාණ සියයකට දායක වුණත් වැඩැක් නැහැ ඒ නිර්මාණය තුළ අපේ ගුණාත්මක භාවය රැක ගත යුතුයි. ඒ නිසා දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ දක්ෂ කැමරා ශිල්පියෙකු යටතේ මෙවැනි හොඳ නිර්මාණයක් කරනවා නම් මම අනිවාර්යයෙන්ම දායක වෙනවා. ඒ නිර්මාණය තුළ නිරුවත් වෙනවද නැද්ද කියන දේ මට අදාල නැහැ මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන් මගේ සීමාව තුළ ඉදගෙනම.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-07-19-ent-34 2017-07-19-ent-35  2017-07-19-ent-37 2017-07-19-ent-38