හැමෝගේම ආදරය දිනාගන්න පුළුවන් ලස්සන වෘත්තියක්
රංගන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කරන තනුලී නකේෂා කලා ක්ෂේත්රයට තවමත් නවකයෙකි. එහෙත්, මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයකම සුළු චරිත රඟපා ඇති ඇය වර්තමානයේ වැඩි දායකත්වයක් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සඳහා ලබා දී තිබේ. අද ‘සාරවිට’ තරු කතා බහ දිග හැරෙන්නේ ඇය සමගිනි.
තනුලී රංගන ශිල්පිණියක්ද? නිරූපණ ශිල්පිණියක්ද?
මේ වෘත්තීන් දෙකේම මම කටයුතු කරවවා. ක්ෂේත්රයට ආවේ නම් රංගන ශිල්පිණියක් විදිහට. නමුත්, දැන් නිරූපිකාවක් විදිහට වැඩිපුර වැඩ කරනවා.
ක්ෂේත්රයට ඔබගේ පිවීසිම?
හිරු රූපවාහිනියේ විකාශය වුණ ටෙලි නාට්‍යයක සුළු කොටසක් නිරූපණය කරමින් තමයි ක්ෂේත්රයට එන්නේ. ඒ අවස්ථාව ලබා දුන්නේ කසුන් අයියා. ඊට පස්සේ මම ටෙලි නාට්‍යය කිහිපයකම සුළු චරිත රඟපෑවා.
දායක වුණ කලා නිර්මාණ?
ටෛලි නාට්‍යය කිහිපයටම මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයක් සඳහාත් දායක වෙලා තියෙනවා. මෑත කාලයේ නම් මාව ගොඩක්ම ජනප්‍රිය වුණේ ‘ඩෙල්මා ඩිෂ්’ කියන වෙළෙඳ දැන්වීම තුළින්.
කලා ශිල්පිණියක් නොවුණා නම්?
පුංචි කාලේ ඉඳලා තිබුණේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්න. කාලයත් එක්කම ඒ සිහිනය බොඳ වෙලා ගියා. දිගටම කලා ශිල්පිණියක් විදිහට වැඩ කරන්න තමයි දැන්නම් අදහස.
තනුලීට කලා ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
මේ ක්ෂේත්රය තුළ මම වැරුද්දක් දකින්නේ නැහැ. හැම ක්ෂේත්රයකම විවිධාකර ප්‍රශ්ණ තියෙනවා. නමුත්, ඒ හැම ක්ෂේතුයකටම වඩා කලා ක්ෂේත්රයේ සිදුවන වැරදි වලට ගොඩ දෙනෙක්ගේ ඇහැ යනවා වැඩියි. ගැහැණු ළමයෙකුට මේ ක්ෂේත්රය සුදුසු නැහැ කියලා මම දකින්නේ නැහැ. මේක හැමෝගේම ආදරය දිනාගන්න පුළුවන් ලස්සන වෘත්තියක්.
ඉදිරි ඉලක්ක?
ලොකු ඉලක්ක මට නැහැ. ලැබෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මගේ කැමැත්ත. කලා කටයුතුවලට දායක වෙනවට අමතරව මගේම කියලා ව්‍යාපාරයක් අරඹන්නත් ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා.
උදව් කළ අය?
ගොඩ දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් සඳහන් කරන්න අමාරුයි. මුලින්ම ක්ෂේත්රයට එන්න අත දිනු කසුන් අයියාව මුලින්ම මතක් කරන්න ඕනා. ඊට පස්සේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක පරාක්‍රම ඒකනායක අයියා. ‘ඩෙල්මා ඩිෂ්’ වෙළෙඳ දැන්වීමට මාව සම්බන්ධ කරගත් තුසිත් අයියාව මතක් කරනවා. මගේ පවුලේ හැම දෙනාම, මගේ මිතුරු, මිතුරියන් සියලු දෙනාවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.