හැමදේකම සුදු සහ කළු පැත්තක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-973

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් එකතු වෙන නවක රංගන ශිල්පිනියක් තමයි පියුමාලි කියන්නේ. පියුමාලි රංගනයට අමතරව නිරූපණ කටයුතුවලද නිරත වෙනවා. නවක රංගන ශිල්පිනියක් වන නිසාම පියුමාලිට අප අද සාරවිටෙන් ඉඩක් වෙන් කරන්නට සිතුවේ මේ ලෙසින්.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-08-09-ent-974

මගේ නම පියුමාලි තිලිණිකා. මම රැකියාවක් කරනවා. ඊට අමතරව රංගන කටයුතුවලයි නිරූපණයටයි සම්බන්ධ වෙලා ඉන්නවා.

 

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මහලොකු කාලයක් නැහැ. දැනට අවුරුදු දෙකක් තුනක් විතර ඇති. සුරංග සතරසිංහ මහතාගේ ටෙලි නාට්‍යයකින් තමයි ක්ෂේත්‍රයට එකතු වෙන්නේ.

 

දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?

කන්තෝරු මෝරු, දූවිලි අහස, සඳ හැංගිලා සහ මේ දවස්වල සිඳූ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවා.

 

රැකියාව සහ කලාව සමබරව ගෙන යන්න පුළුවන්ද?

යම් යම් ගැටළු ඇතිවෙලා තියෙනවා. නමුත් මම පුළුවන් විදිහට දෙපැත්තම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

 

වැඩියෙන්ම කැමති රංගනයටද? නිරූපණයටද?

එහෙම කියන්න බැහැ. දෙකටම මම ගොඩක් ආසයි. ඒකයි ක්ෂේත්‍ර දෙකේම වැඩ කරන්නේ. එකකට ප්‍රධානත්වයක් ලබාදෙන්න බැහැ.

 

කලාවට සම්බන්ධ වෙන්නේ අහඹු ලෙසද?

පොඩි කාලේ මෙහෙම කෙනෙක් වෙනවා කියලා හීනයක් තිබුණේ නැහැ. නමුත් මම පොඩි කාලේ ඉඳලා වැඩ කරලා තියෙනවා. ඒත් කලාවට එකතු වෙන්න අදහසක් නැතුව හිටපු කාලේ තමයි සුරංග සතරසිංහ මහත්මාගේ ආරාධනය ලැබෙන්නේ.

 

කලා ක්ෂේත්‍රය ගැන අද වෙද්දි තිබෙන මතය හොඳයිද?

හැමදේකම සුදු සහ කළු පැත්තක් තියෙනවා. නමුත් මම හැමවෙලේම ආස ඕන දේක සුදු පැත්ත දකින්නයි. කලාව කියන්නේ ඇත්තටම හොඳ තැනක්. තවත් කෙනෙක්ව පිනවන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි කලාව කියන්නේ. කෙනෙක්ට තවත් කෙනෙක්ව පිනවන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. මේ ක්ෂේත්‍රය කවදාවත් නරක තැනක් කියලා මම කියන්නේ නැහැ.

 

රැකියාව නිසා කලාවෙන් ඈත් වෙන්න හිතුණොත්?

අනිවාර්යෙන්ම මම මුල්තැන ලබා දෙන්නේ මගේ රැකියාවටයි. ඒ නිසා එහෙම ගැටළුවක් ඇති වුණොත් කලාවෙන් සමු ගනි.

 

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් බලපෑමක් නැහැ. මගේ අයියලා සහ තාත්තා හැමවෙලාවෙම කියන්නේ තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන වැඩ කරන්න කියලා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ලැබෙන නිර්මාණවලට මම උපරිම සාධාරණයක් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැමවෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්නවා.

 

අවසන් වශයෙන් උදව් කරපු අය ගැන කිව්වොත්?

සුරංග සතරසිංහ මහතාට, ශිවා සර්, සුදත්ත තිලකසිරි මහතාට, සිඳූ නාට්‍යයේ තිළිණ බොරලැස්ස මහතාට ඇතුළු නම් කියපු නොකියපු සියළු දෙනාට මම ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද

 

  2019-08-09-ent-975 2019-08-09-ent-976 2019-08-09-ent-977 2019-08-09-ent-978 2019-08-09-ent-979