හැමදෙම හොඳ විදිහට කළොත් පැවැත්මක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-14-ent-19

රසායන විද්‍යා අංශයෙන් සරසවි වරම් ලද ඇය නිරූපණයට දැඩි ඇල්මක් දක්වන්නීය. ෂයිනි මලීෂා නම් නවක නිරූපිකාව ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව ‘සාරවිට’ මෙලෙසින් අදහස් දැක්වූවාය.

 

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2017-02-14-ent-18මගේ නම ෂයිනි මලීෂා රසාංගි ප්‍රනාන්දු. මගේ පදිංචිය පානදුර. මම උසස් පෙළ අවසන් කරලා රසායන විද්‍යා අංශයෙන් උපාධියක් හදාරමින් ඉන්නවා. ඒ අතර පෞද්ගලික රෝහලක රසායනාගරයේ සේවය කරනවා.

 

ඔබ නිරූපණයට පිවිසීම?

එය මගේ ආසාව. විනෝදාංශයක් ලෙස තමයි නිරූපණය කරන්නේ. මේ ක්‍ෂේත්‍රයට ළඟදී තමයි එකතු වුණේ.

 

ඔබ නිරූපණයට එකතු වෙද්දී පවුලේ අයගෙන් ලැබුණු ප්‍රතිචාරය?

තාත්තානම් මුලින් එච්චර කැමති වුණේ නැහැ. අම්මා හැමදේටම මගේ පිටුපසින් ඉන්න නිසා එයා හැමදේටම උදවු කරනවා.

 

ලංකාව තුළ නිරූපණ ක්ෂේත්‍රයේ ඇති වාතාවරණයත් සමග ඔබ නිරූපණයට පිවිසීම හොඳ දෙයක් ලෙසද දකින්නේ?

එක එක අය හිතන විදිය වෙනස්. අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක අම්මලා වුනත් අකමැතියි නිරූපණයට එකතු වෙනවට. මටත් තාත්තාගෙ කැමැත්ත හිමි නොවෙන්න බලපෑවේ ඒ ප්‍රශ්නය. නමුත් තමන්ගේ වෘත්තීය ඒවිදියට කරගෙන යන අයත් ඉන්නවා. හැමදේම හොඳ විදියට කරනවානම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

 

නිරූපණය ඔබේ රැකියාවට බාධාවක් නෙවෙයිද?

මම ඉගෙනීම් කටයුතු කරන නිසා මට නිවාඩු ලැබීම ඉතාමත් සීමිත වෙලා තියෙන්නේ. මට ලොකු සහයෝගයක් දෙනවා මගේ ආයතනයෙන්. ඒ සහයෝගයත් එක්ක ගැටලුවක් වෙලා නැහැ.

 

නිරූපණයේ ඔබ කැමති කුමන් ඉසව්වලටද?

මම Bridle වලට නම් ගොඩක් ආසයි. එහෙම විශේෂයක් නෑ. හොඳ දේකට කැමතියි.

 

රංගනය සඳහා ඔබේ කැමැත්තක් නැද්ද?

රඟපෑමට පොඩි කාලේ ඉඳන්ම ආසයි. ඒ කාලේ ඉගෙනීම් කටයුතුත් එක්ක ඒ දේවල්වලට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. දැන් ඒ සඳහා යොමු වෙන්න කාලය තියෙන නිසා අවස්ථාවක් ලැබුණොත් දායක වෙනවා.

 

නිරූපණයට දායක වෙන්න පොඩිකාලෙ ඉඳන්ම ආසාවක් තිබුණද?

පාසල් යන කාලෙදීවත් නිරූපණය සඳහා ලොකු ආසාවක් තිබුණෙ නැහැ. පසුව දකින්න ලැබෙන දේවල් එක්ක තමයි ඒ ආසාව ඇතිවුණේ.

 

ඔබ තෝරාගත් ඒ දේ ඔබට ගැළපෙනවා කියලා හිතනවාද?

ඔව්. ගැළපෙනවා කියලා හිතනවා.

 

නිරූපණය පිළිබඳව ඔබ හැදෑරීමක් කරලා තියෙනවද?

ඉදිරියේදී ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔබේ ඉදිරි බලොපොරොත්තු?

මගේ අධ්‍යාපන කටයුතු හොඳින් නිමා කරන්න ඕන. ඒ වගේම මගේ රැකියාවත් හොඳින් කරගෙන නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතුත් හොඳින් කරන්න තමයි බලාපොරොත්තුව.

 

2017-02-14-ent-20
2017-02-14-ent-17
2017-02-14-ent-16