හැම ෆිල්ඩ් එකකම නරක අය ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-05-ent-174

ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට සමත්වූ නිමාෂා සෙව්වන්දි වැන්ඩොර්ට් සමගින් අද ‘සාරවිට’ තරු කතා බහා අරඹන්නට අපි සූදානම් වුණේමු. නිරූපිකාවකට අමතරව රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙසද කටයුතු කළ ඇය, මේ දිනවල සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කරමින් සිටින බවට තොරතුරු ලැබේ.

 

ඔබ නිරූපිකාවක් වෙන්න කළින් නිවේදිකාවක්?

2017-06-05-ent-178“නිරූපිකාවක් විදිහට මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ මීට වසරකට විතර කලින්. හැබැයි මම නිරූපිකාවක් වෙන්න කලින් නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එතකොට මට අවුරුදු 11ක් විතර ඇති.

 

ඊට පස්සේ ?

මාලනි ෆොන්සේකා මහත්මියගේ ‘සපිරිවැය’ කියන ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇතිවෙයි කියලා මගේ තාත්තා මේ වැඩවලින් ඈත් වෙන්න කිව්වා. ඒත්, අධ්‍යාපන කටයුතු දැන් ගොඩක් දුරට අවසන් වෙලා තියෙන නිසා ආයෙත් නිරූපණ වැඩවලට යොමු වෙන්න පටන් ගත්තා.

 

මේ දවස්වල?

ගොඩක් වෙලාවට කරන්නේ බ්‍රයිඩ්ල් පොටෝ ෂූට්වලට සම්බන්ධ වෙලා වැඩ කරන එක විතරයි. පසුගිය කාලයේ නම් මියුසික් වීඩියෝස්, වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා.

 

‘සපිරි වැය’ ටෙලි නාට්‍යයෙන් පස්සේ?

මම ‘නාටක මාරයි’, ‘මකර දඩයම’, ‘සෙවණැලි’, ‘දේදුන්න’ නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ‘රාජා’ කියලා චිත්‍රපටයකත් මම රඟපෑවා.

 

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන?

ගොඩක් සතුටුයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණ එක. වසරක කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරලා නමක් හදාගන්න මට පුළුවන් වෙලා තියෙනවා.

 

නිරූපණ වැඩවලට අමතරව?

මේ දවස්වල මගේ ලොකුම අවධානය තියෙන්නේ මගේ උපාධිය සම්පුර්ණ කරලා කථිකාචාර්ය කෙනෙක් වෙන්න. නිරූපණ වැඩ ගොඩක් අතපසු වුණා මගේ අධ්‍යාපන කටයුතු නිසා පසුගිය කාලේ. ඒ අතපසු වුණ වැඩ ගැන නම් ගොඩක් මට දුකයි.

 

ක්ෂේත්‍රයට එන අලුත් කට්ටිය ගැන?

නිරූපණ ක්ෂේත්‍රයට අද ගොඩක් කට්ටිය සම්බන්ධ වෙනවා. ලොකු තරගකාරීත්වයක් තියෙනවා. මම දකින්නේ ඒක හොඳ දෙයක් කියලා. මොකද, එතකොට අපි අපේ අඩුපාඩු දුර්වලකම් හදාගන්න පුළුවන් වෙනවා.

 

ඉක්මණින් ජනප්‍රිය වෙන පිරිසුත් ඉන්නවා?

ඔව්. හුඟාක් නිරූපිකාවෝ ඉන්නවා ඉක්මනට ජනප්‍රිය වෙන්න තියෙන උවමනාවටයි සල්ලි හොයන්න තියෙන උවමනාවටයි පටු මාර්ග තෝරගෙන තියෙනවා. ඒ වගේ ටික දෙනා නිසා මොඩල් කෙනෙක් කිව්වාහම සමාජය තුළ අද පිළිගැනිමක් නැති වෙලා තියෙනවා.

 

හැමෝම බලන්නේ වැරදි කෝණයකින් නේද?

ටික දෙනෙක් කරන මේ වැරදි නිසා හැමෝටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොඩල් කෙනෙක් කිව්වාහම මිනිස්සු හිතන්නේ වැරදි මට්ටමකින්. ඒත්, හැම ෆිල්ඩ් එකකම නරක අය ඉන්නවා. ඒත්, වැඩිපුර අවධානය යොමුවෙලා තියෙන්නේ මේ පැත්තට. වැරදි මාර්ගවලින් ජනප්‍රිය වෙලා ඉස්සරහාට ගිය අයට පැවැත්මක් නැහැ කියලා මම නම් කියන්නේ.

 

2017-06-05-ent-173  2017-06-05-ent-175 2017-06-05-ent-176 2017-06-05-ent-177