හැම වෙලාවේම හොඳ දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-26-ent-355

සිරස අවුරුදු කුමරි, දෙරණ අවුරුදු කුමාරි ආදී වැඩසටහන්වලින් අනතුරුව නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණි වගීෂා මේ වනවිට සිරස ෆිල්ම් ස්ටාර් අවසන් 24 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටියි. ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව වගීෂා සාරවිට සමග මෙසේ දොඩමලු වූවා.

 

අපිට ඔයා ගැන මුලින්ම හඳුන්වලා දුන්නොත් ?

2017-10-26-ent-357මම වගීෂා ඉෂාන්ති. මගේ ගම ජා-ඇල. මට වයස අවුරුදු 20යි. මම මොඩ්ලින් කරන්නේ. මම 2016 සිරස අවුරුදු කුමාරි අවසන් 12ට තේරුණා. ඊට අමතරව 2017 දෙරණ අවුරුදු කුමරිය තරගයටත් දායක වුණා. ඊට පස්සේ සියත මිස් ශ්‍රී ලංකා මිස් වර්ල්ඩ් තරගවලින් අවසන් වටයට තේරුණා. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයට පැමිණියේ. මේ දිනවල චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණත් ෆිල්ම් ස්ටාර් සිලෙක්ට් වුණු නිසා ඒ කිසිදෙයක් බාරගත්තේ නෑ. හැබැයි රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකට නම් දායක වුණා. 

 

මේ දවස්වල කරන විශේෂ වැඩ කටයුතු මොනවද ?

මම සිරස ෆිල්ම් ස්ටාර් එකේ අවසන් 24ට දෙනා අතරට තේරිලා ඉන්නවා. මේ සඳහා අයදුම්කරුවන් 6000ක් විතර ඉදිරිපත් වෙලා තිබුණා. නර්තනය හා රංගනය තමයි අවසන් 24ට තෝරා ගැනීමේදී සලකා බැලුවේ. මේ දවස්වල ඒකට සූදානම් වෙනවා. 

 

ඇයි නිරූපණ ක්‍ෂේත්‍රයට එන්න හිතුණේ ?

ඒක,පුංචි කාලේ තිබුන ආසාවක්. ඇත්තටම අද ගොඩක් අය එක රැයින් ජනප්‍රිය වෙන්න තමයි හදන්නේ. ඒත් මට එහෙම ආසවක් නෑ. හැමවෙලාවෙම හොඳ දෙයක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ.

 

වෙළෙඳ දැන්වීම් සඳහා යොමුවුණේ කොහොමද?

ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. මගේ fb ෆොටෝස් දැකල මහේෂ් චාමික කියලා අයියා කෙනෙක් මුලින්ම සොෆ්ට්ලොජික් ඇඩ් එකට යොමු කළා. ඊට පස්සේ මොබිටෙල්, නේචර්ස් සීක්‍රට් වගේ ඇඩ් කළා. තව කොමර්ෂල් කිහිපයක් එන්න තියෙනවා.

 

රංගනය පැත්ත ගැන කතා කළොත්?

මම තාම රංගනය හදාරනවා. ප්‍රියන්ත ලලිත්, චන්දන හේවාපතිරණ කියන ගුරුවරුන් යටතේ තමයි එය සිදු කරන්නේ හොඳ නිර්මාණ සඳහා දායකවීම තමයි මගේ බලාපොරොත්තුව.

 

මේ සඳහා පවුගේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා හැමදේටම මං ළඟින් ඉන්නවා. ඒ වගේම මගේ ගුරුවරු මට ගොඩක් උදවු කරනවා.

 

නිරූපණ ක්‍ෂේත්‍රය ගැන අද තියෙන්නේ අඩු පිළිගැනීමක් නේද?

ඔව්, නිරූපණ ක්‍ෂේත්‍රය ගැන අද තියෙන්නේ අඩු පිළිගැනීමක්. ඒකට හේතුව බොහෝ පිරිසක් නිරුවත මාර්කට් කිරීමයි. නමුත් ඒ අය ජනප්‍රිය වෙන්නෙ නෑ. මට නම් එහෙම ජනප්‍රිය වෙන්න කිසි අවශ්‍යතාවක් නෑ.

 

අවසාන වශයෙන් ඔයාට උදවු කරපු අය ගැන කතා කළොත්

මගේ පවුලේ අය, එතකොට මගේ ගුරුවරු හා විශේෂයෙන් රමේෂ් දේවගේ අයියා, මලිත පතිරණ අයියා, සමීර අයියා, රශ්මිත සර්, සිතාර සර්, සමන්මලී ආන්ටී, හසිත විතානගේ සහ ධනංජය මංචනායක වගේම බොහෝ පිරිසක් මට උදවු කළා. ඒ සියලු දෙනාට ස්තුති කරන්නත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

2017-10-26-ent-352  2017-10-26-ent-356  2017-10-26-ent-354 2017-10-26-ent-353