හැම පැජන්ට් එකකටම එන ගැහැණු ළමයි ලස්සනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2015 සිරස ක්වීන් ඇන්ඩ් මෑන් හන්ට් තරඟයෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි චේතනා මේ වනවිට විශාල තරඟ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ වසරේ Miss Tourism Queen Wold තරඟය සඳහාද ඇය සුදුසුකම් ලබා තිබෙනවා. චේතනා සමග සාරවිට කතාබහක් සිදුකරේ මේ විදියට.

 

20180207Chethana-(1)චේතනා ගැන ටිකක් හඳින්වුවොත්?

මම චේතනා රණසිංහ. මට වයස අවුරුදු 24යි. මගේ පදිංචිය රත්නපුරේ. මම උසස් පෙළ කරේ වානිජ අංශයෙන්. මම ක්‍රීඩා කරලා තියෙනවා. මම තරුණ සේවා සභාවේ නිරූපණ ශිල්පය හැදෑරුවා. මට 2015 සිරස ක්වීන් ඇන්ඩ් මෑන් හන්ට් තරඟාවලියේ දෙවන ස්ථානය හිමිකරගන්න ලැබුණා. ඊටපස්සේ තමයි නිරූපණ ශිල්පිණියක් විදියට ක්ෂේත්‍රයට ආවේ. ඊටපස්සේ 2016 Miss Intercontinal තරඟාවලියේ 03වන ස්ථානය ලැබුණා. මම 2017 ග්ලෝබල් සයිට් ක්වීන් තරඟයේ කිරුළ ලබාගන්න හැකිවුණා. ඒකේදි මට ටැලන්ට් රවුන්ඩ් එකේ හොඳම රටවල් දහයට එන්න ලැබුණා.

 

මේ තරඟාවලි තුලින් ලැබුණු අත්දැකීම් කොහොමද?

හොඳ අත්දැකීමක් ලැබුනා. ඒවායෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. මම 2015 තමයි මුලින්ම පැජන්ට් එකකට සහභාගි වුණේ. මම හිතුවේ නැහැ විශාල තරඟකාරියන් සංඛ්‍යාවක් අතුරින් මම දිනයි කියලා. මොකද හැමෝම ලස්සනයි, දක්ෂයි. හැම පැජන්ට් එකකටම එන ගැහැණු ළමයි ලස්සනයි. දක්ෂ අය ඇතරින් අවසාන තරඟයට තේරෙන්න වාසනාවත් තියෙන්න ඕනේ. සල්ලි නිසා ඉස්සරහට යන්නත් පුළුවන්. එහෙම අයත් ඉන්නවා. හැබැයි තමන් හරියට තමන්ගේ වැඩේ කරනවා නම්, දක්ෂතාවයෙන් හරියට ප්‍රයෝජන ගන්නවා නම් ඉදිරියට යන්න පුළුවන්. වැටෙන්න  පුළුවන්. ඒත් ඒවාගෙන් සැලෙන්නේ නැතුව විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. තමන්ගේ ටැලන්ට් එක තමයි වටිනාම දේ. ප්‍රශ්න එන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ප්‍රශ්න එනවා. ඒවා විසඳගන්න අපි දැනගන්න ඕනේ.

 

චේතනා දායක වුණු නිර්මාණ ගැන කතා කරොත්?

බ්‍රයිඩ්ල් ෂූට්, කමර්ෂල් තමයි කරන්නේ. සන්සිල්ක් කරා. ජාතික ලොතරැයි මණ්ඩලයේ කමර්ෂල් කරා. ක්‍රීම්සෝඩා කරා. C.D.B  කරා. තව ගොඩක් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මට ලැබෙන ෂෝස් අඩු වෙනවා. මොකද මම ඉන්නේ කොළඹින් ටිකක් ඈත නිසා. ගොඩක් අය හිතනවා රත්නපුරේ - කොළඹ කියන්නේ දුර වැඩී කියලා. ඒ වුනාට මම යම් කිසි තැනක ඉන්නවා. ඒ ගැන මට සතුටුයි.

 

චේතනාට රංගනයට එන්න ආසාවක් නැද්ද?

මට ගොඩක් වෙලාවට රංගනයට අවස්ථා ලැබුණා. ඒත් මගේ ලොකු ආසාවක් නැහැ. ඒත් හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුනොත් කරනවා. දැන් තියෙන නිර්මාණ සාර්ථක නැහැ. එනවා - යනවා වර්ගයේ දේවල් කරන්න බැහැ. කාලයක් පවතින්න පුළුවන් දෙයකට ආරාධනා ලැබුනොත් භාරගන්නවා.

20180207Chethana-(2)

අද නිරූපණ ක්ෂේත්‍රය දිහා මිනිස්සු බලන්නේ වැරදි ඇසකින් නේද?

ඔව්. ඒක ඇත්ත. මම ගමේ කෙනෙක්. රත්නපුරේ ගොඩක් මොඩ්ල්ස්ලා නැහැ. රෑම්ප් මොඩ්ල්ස්ලත් අඩුයි. මම ගමේ කිව්වාම ගොඩක් මිනිස්සු අමුතු විදිහට බලන්න පුළුවන්. හැබැයි මම දැනගන්න ඕනේ නිර්මාණයට දායක වෙන්නේ කොහොමද සහ ගමේ ඉන්නේ කොහොමද කියලා. අපි නිර්මාණයකට අඳින විලාසිතාවයි අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්න විදිහයි වෙනස්. අපි දැනගන්න ඕනේ අපි ජීවත්වෙන පරිසරයට අනුව හැඩගැහෙන්න. තමන්ගේ චරිතය හොඳට තියාගෙන වැඩ කරනවා නම් කිසි ප්‍රශ්ණයක් නැහැ.

 

චේතනා නවකයෙක්නේ. කොහොමද නවකයන්ට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?

ප්‍රවීණ අයගෙන් හොඳ සහයක් ලැබෙනවා. නවකයෙක්ට යම් දක්ෂතාවයක් තියෙනවා කියලා ප්‍රවීණයෙක් දැනගත්තොත් අනිවාර්යෙන් එයාට උදව් කරනවා. හැබැයි දැන්වෙලා තියෙන්නේ වෙනස් දෙයක්. අද ෆේස්බුක් මොඩ්ලස්ලා වැඩියි. එහෙම වුණාම ප්‍රවීණ අයත් වැටෙන අවස්ථා තියෙනවා. හොඳ නිරූපණ ශිල්පිණියන්ට වුණත් වැඩ නැතිවෙනවා අඩු මුදලට වැඩ කරන අය නිසා.

20180207Chethana-(4)

චේතනා නිරූපණය ගැන හදාරලා තියෙනවාද?

ඔව්. මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ ජාතික තරුණ සේවා සභාවෙන් හැදෑරුවා.

 

චේතනාට මේ දේවල්වලට ගෙදරින් ලැබෙන්නේ මොනවගේ සහයක්ද?

ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා. අම්මයි තාත්තායි ඉස්සර ඉඳලා උදව් කරා. දැන් මගේ පෙම්වතාත් මට උදව් කරනවා.

 

වෘත්තීමය නිරූපණ ශිල්පිණියක් විදියට වැඩ කරන්නද බලාපොරොත්තුව?

දැනට මම මේ දේවල් කරන්නේ මගේ විනෝදාංශයක් විදියට. ඒක වෘත්තීයක් වෙන්නත් පුළුවන්. අනාගතයේදි මගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා.

 

චේතනාගේ ඉදිරි වැඩ කිව්වොත්?

මම මේ වසරේ Miss Tourism Queen Wold පැජන්ට් එකට ඒකේ ඩිරෙක්ටර්ම ආරාධනා කරා. ඒකට මාර්තු මාසයේදී සහභාගි වෙනවා. ඒක නිසා මේ දවස්වල පුහුණුවීම් කටයුතු කරනවා.

20180207Chethana-(8)

අපි ඒ තරඟාවලිය ගැන විස්තර ටිකක් කියමු?

මේ පැජන්ට් එක තියෙන්නේ චීනයේ. මාර්තු මුල ඉඳලා අප්‍රෙල් වෙනකන් තමයි ඒක පැවැත්වෙන්නේ. මේ දවස්වල ඒකට සැරසෙනවා. ෆිගර් එක මේන්ටේන් කරන්න ඕනේ. මොකද ගොඩක් රටවල් එනවා.

 

චේතනාට මේ තරම් දුර එන්න උදව් කරපු අයගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ තරුණ සේවා සභාව. තරුණ සේවා සභාවේ රොසෑන් මිස් නැත්තම් මට රෑම්ප් මොඩ්ලර් කෙනෙක් වෙන්න බැහැ. එතකොට මගේ අම්මයි තාත්තයි. මගේ යාළුවෝ. එතකොට මගේ පෙම්වතාත් මට ගොඩක් උදව් කරනවා.

 

කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

20180207Chethana-(9) 20180207Chethana-(10)