හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා
දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත් යුවතියක්, දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින්ය. පංච කල්‍යාණියක් වූ නිසාම ඇයට අවුරුදු කුමරියන් තෝරන තරග දෙකකදීම දෙවන ස්ථානය හිමිකර ගන්නට අවස්ථාව උදාවිය. ‘ලස්සන රහස්’ පිටුව හැඩ ගැන්වීමට අපි අද ඇයව කැන්දාගෙන ආවෙමු.
මේ අවුරුද්දේ අවුරුදු කුමාරිය තෝරන තරගවලට ඉදිරිපත් වුණේ නැද්ද?
නෑ... නෑ... මේ සැරේ නම් ඉදිරිපත් වුණේ නැහැ. 2016 ස්වාධීන රූපවාහිනියේ පැවැත්වූ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් දෙවන ස්ථානය ලැබීමත් සමග තමයි, මම අද ඉන්න තැනට පාර විවෘත වුණේ. එම ජයග්‍රහනයත් සමග මට වෙළෙඳ දැන්වීම් බොහොමයක පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඒ ජයග්රහණයෙන් පස්සේ මට අවුරුදු කුමරියක් ලෙසින් තරග කරන තරගවලින් ලැබෙන අපූරුම අත්දැකීම විඳින්න ආයේ ආස හිතුනා. ඊට පස්සේ මම 2017 රූපවාහිනී අවුරුදු කුමරිය තෝරන තරගයටත් සහභාගි වුණා. එම තරගාවලියෙනුත් දෙවන ස්ථානය ලබාගත්තා. ඒක හරිම අමුතු අත්දැකීමක් ලැබෙන තරගාවලියක්. කොහොම හරි අද මං රංගන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්රයට ඇවිත් ඉන්නේ අවුරුදු කුමාරි තරගාවලි නිසා. මම ඒ කරුණ බොහොම ගෞරවයෙන් මතක් කරන්නේ ඒ නිසයි.
ගැහැණියක් පංච කල්‍යාණියක් ලෙසින් ඉපදීම වාසනාවක්. ඔබ ඒ වාසනාව ලබා තිබෙනවා.
අනේ ඔව්. මම හරි වාසනාවන්තයි කියලා අනේක වාරයක් හිතෙනවා. කිව්වට විශ්වාස කරයිද දන්නෑ මම මගේ ලස්සන අඳුර ගත්තේ අවුරුදු කුමාරිය තරගයට සහභාගි වුණාට පස්සේ. එය තරගයක් නිසාත්, තරගකරුවන් දහස් ගණනක් ඉදිරිපත් වෙන නිසාත්, උපතින් ලැබුණ රූප ස්වභාවය ලස්සන කරගන්න, ශරීරයේ හැඩය තියාගන්න ගොඩක් වෙහෙසුණා. ඊට කලින් මම හිටියේ කොණ්ඬේ කොටට කපලා. ඇත්තටම මම ඉස්සර දැනං හිටියේ නෑ මට මෙච්චර ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලාවත්. ලස්සන ඇඟක් තියෙනවා කියලාවත්.
ලස්සනයි කියලා දැනගත්තාම, ලස්සන රැුකගන්න මොනවාද කළේ.
දිනකට වතුර බෝතල් හතක් හරි දහයක් හරි බොන්න මම උපරිම උත්සාහ කරනවා. සමහර වේලාවට වතුර බොන්න අමතක වෙන නිසා ෆෝන් එකේ එළාම් එකක් තියන් වතුර බොනවා.
ම්.... ඊට අමතරව මම කහ පාට පලතුරු කන්න හරිම ආසයි. කහ පාට පලතුරුවලින් සම පැහැපත් වෙන බව මම අහලා තියෙනවා. ඇපල් වගේ පලතුරු කන්නත් කැමතියි. උදේට නැගිට්ට ගමන්ම මද උණුසුම් වතුරට ලෙමන් බිංදු කිහිපයක් දාලා හිස්බඩ වතුර වීදුරුවක් බොනවා. ඊට පැය බාගයකට පස්සේ කැරට් ජූස් එකක් හරි ගොටුකොළ යුෂ කෝප්පයක් හරි බොන්න පුරුදු වෙලා ඉන්නවා. ගොටුකොළ යුෂ තනිකර බොන්න ටිකක් අමාරුයි. ඒත් කොණ්ඩයට හොඳ නිසා මම ඒ ඖෂධීය පානය උවමනාවෙන් බොනවා. ඊට අමතරව මම ගෙදරදීම හදාගන්න තෙල් වර්ගයක් යොදලා හොඳට මසාජ් කරනවා. තැඹිලි තෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල්, තල තෙල් මිශ්‍ර කරලා විටමින් ඊ කරලක් දාලා තමයි මම ඒ තෙල් එක හදලා තියෙන්නේ. අව්වට වැඩිවේලාවක් නිරාවරණය වෙලා හිටපු දවසට ගෙදර ඇවිත් ඇඟ හොඳට පිරිසිදු කරලා කෝමාරිකා මදය සූරලා මුළු ඇෙඟ්ම ගාලා, නිදාගන්නවා. සමහර දවස්වලට වෙලාවක් ලැබුණාම යෝගට් එකකට කෝපි කුඩු ටිකකුයි, ඔලිව්තෙල් බිංදු කිහිපයකුයි දාලා හොඳට මිශ්‍ර කරලා ඒ ආලේපනය මුළු ඇෙඟ්ම ගල්වනවා. ඒක සමට ඉතාම හිතකර, ප්‍රතිඵලදායක හොඳ ස්ක්‍රබ් එකක්. නාන්න පැය භාගයකට කලින් මුළු ඇෙඟ්ම ගාලා, වේලෙන්න තියලා හොඳින් සෝදනවා. ස්ක්‍රබ් එක ගෑවාට පස්සේ එය සබන් දාලා සෝදා හරින්නෑ.
ආලේපනයෙන් ලැබෙන තෙල් ගතිය හමේ එහෙම්ම තියෙන්න දෙනවා. මෙම සත්කාරය සතියකට දින 2ක් වගේ කරන්න උත්සාහ ගන්නවා. මෙයින් මැරුණු සම ඉවත් වෙලා, හමට හොඳ දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. බොරුනං කරලා බලන්න.
ඇෙඟ් හැඩය තියාගන්න මොකද කරන්නේ.
ලස්සන හැඩ ඇඟක් තියෙන නිසා, මම ඒක ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න ව්‍යායාම කරනවා. ඒ සඳහා ජිම් එකකට යන්න පුරුදු වෙලා ඉන්නවා. කෑම බීම තැනීමේදීත් සැලකිලිමත්.
කෙනෙක් ඔබ ලස්සනයි කියා අගය කළොත්...
ඇත්තටම සතුටුයි. ඒක හරි සතුටුදායක අත්දැකීමක්. එහෙම ඇහෙනකොට තවත් ලස්සන වෙන්න හිතෙනවා. ම්... ඒත් ලස්සන නිසා කවදාවත් මම ආඩම්බර වෙලා නම් නැහැ. මොකද මේ සෑම දෙයක්ම තාවකාලිකයි.
කෙනෙක් ඔබ ලස්සනයි කියා මනින මිනුම් දඬු මොනවාද?
මෙහෙමයි, හැම කෙනෙකුටම තමන්ට ආවේණික වුණ ලස්සනක් තියෙනවා. කෙනෙකුගේ හම ලස්සන වෙන්න පුළුවන්. තව කෙනෙකුගේ කොණ්ඩය ලස්සනයි. සමහර අයගේ ඇස් ලස්සනයි, ඇතැම් අය කතා කරන විලාසය, ඇවිදින විදිහ ලස්සනයි. පෞද්ගලිකව මා විශ්වාස කරනවා පිරිසිදු කමයි, පිළිවෙලයි කාන්තාවකට තිබිය යුතුම දෙයක් කියලා.
මතුපිටින් ලස්සන හැමෝගෙම හදවත ලස්සනද?
නැහැ නේද? උඩින් ගොඩක් ලස්සනට ඉන්න හැමෝගේම ඇතුළාන්තය ඒ තරම්ම ලස්සන නෑ කියලා ඇසුරු කරනකොට දැනෙනවා. අපිට හදවතින්ම අවංකව ජීවත් වෙන්න පුළුවන්නම්, කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර ඉන්න පුළුවන් නම්, අනිත් අයගේ ජයග්‍රහණවල දී හදවතින්ම ඒවාට සුභපතන්න පුළුවන්නම්, ඇත්තටම අපි ඉබේම ලස්සන වෙනවා. අනිත් දේ තමයි පුළුවන් හැම වෙලාවකම ලස්සනට හිනාවෙලා ඉන්න එකත් මූණේ ලස්සනට විතරක් නෙමෙයි මුළු ඇෙඟ්ම නිරෝගීකමට පිටිවහලක් වෙනවා.
ඔබ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
දීපිකා පදුකෝන්. ඇගේ රූපයට මම ගොඩක් ආසයි.
වෙළෙඳ දැන්වීම් හරහා වගේම ඔබ අද ටෙලිනාට්‍ය හරහාත් ගොඩක් ප්‍රසිද්ධයි. මොකද ඒ ගැන හිතෙන්නේ.
හාරකෝටිය මගේ පළමු රඟපෑමෙන්ම මාව බොහෝදෙනෙක් අඳුනගත්තා. ඒක හරිම සතුටුයි. අද වෙනකොට අලූත් නාට්‍ය තුනක් කරලා තියෙනවා.
ඔබ කවුරුවගේ කියලා ද මිතුරියන් ඔබට කියන්නේ...
ම්... මට මූණට නම් කවුරුත් කියලා නෑ. ඒත් පින්තූර පල වුණාම ඒවාට කමෙන්ට් කරලා තියෙනවා. සමහරු මම කාජල් වගේ කියලා.
ඔබ හිතනවාද කාන්තාවකට ලස්සන වැදගත් කියා...
ඔව්. සුන්දර පෙනුමක් වගේම, හොඳ හැසිරීමකුත් කාන්තාවකට ඉතාම වැදගත් කියා මා විශ්වාස කරනවා.
ඔබ ඔබේ ලස්සන රැකගන්න ශරීරයේ කුමන අවයවයන්ට ද වැඩි කැමැත්තක් දක්වන්නේ.
කොණ්ඩය, නිය, සම, දත්, ඇස් හැම ශරීර අංගයකටම මම හරිම ආදරෙයි. පුංචි හරි දෙයක් වුණොත් යථා තත්ත්වයට පත් කරගන්න කොහොම හරි උත්සාහ කරනවා. මේ ලැබුණු දේවල්වලට වැඩි අවධානයක් යොමු කළොත් අපි ඉබේම ලස්සන වෙනවා.
අසුන්තා එදිරිසූරිය
ඡායාරූප - ගයාන් කරුණාරත්න