හැදෑරීම් ඔස්සේ නිරූපණය ප්රගුණ කිරීමට කැමතියි
නිරූපණයට නවකයෙකු වන ඇය හැදෑරීම් කරමින් නිරූපණයේ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. නිරූපණ ක්ෂේත්රයට පැමිණ කෙටි කලක් වුවද රූමත් රූපකායක් හිමි ඇය නමින් චන්දිමා ලක්මාලි ප්රනාන්දුය. ඇගේ ඉදිරි කලා තොරතුරු සම්බන්ධයෙන් පැවසීමට ‘සාරවිට’ ආලින්දයට මෙසේ ගොඩවැදුණාය.
ඔබව හඳුන්වා දුන්නොත්?
රැකියාවක් කරනවාද?
දැනට නම් නැහැ.
එතකොට නිරූපණය කරන්නේ?
නිරූපණ කටයුතු සඳහා මම ළඟදී තමයි පිවිසුණේ. නිරූපණ කටයුතුවලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ නිරූපණය වෘත්තීයක් කර ගන්නද බලාපොරොත්තුව?
නැහැ එහෙම නැහැ. අවස්ථාවක් ලැබුණාම යනවා.
ඇයි නිරූපණයට එන්න හිතුවේ?
නිරූපණය ක්ෂේත්රයේ ඉදිරියට යන්න පුළුවන් කියලා හිතුණා.
මේ ක්ෂේත්රය හොඳයි කියලා හිතනවාද?
හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඉතිං හොඳ දේවල් විතරක් තෝරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
ගෙදරින් කැමැත්ත දුන්නද?
මගේ සැමියා තමයි මට උදවු කරන්නේ. මං කොහේ ගියත් එයත් එක්ක තමයි යන්නේ. එයා මට ගොඩක් උදවු කරනවා.
නිරූපණයෙන් පැතිකඩක් ඔබ තෝරා ගන්නවාද?
මම නිරූපණ ක්ෂේත්රය වැඩිය ඉගෙන ගෙන නැහැ. පැතිකඩක් කියන්න දෙයක් තෝරගන්නෙ නැහැ. හොඳ නිර්මාණ පමණක් තෝරගෙන කරනවා. මම විවාහ වෙලා ඉන්නේ. මට අවුරුදු 3ක දුවෙක් ඉන්නවා. ඒක නිසා හොඳ දේවල් විතරයි කරන්නේ.
රංගනයට යොමුවෙන්න ආසාවක් තියෙනවාද?
හ්ම්... දැනට නම් නැහැ.
ඉදිරි බලාපොරොත්තු?
නිරූපණ කටයුතුවලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද? ඔයාට සහයෝගය දුන්නු?
ඔව් මට හැමවෙලාවේම මාව දිරිමත් කරන මට උදවු කරන මගේ සැමියාවයි. එයාගේ නම හසිඳු මධුසංඛ. ලංකා මොඩල් ඔන්ලයින් පේජ් එකේ ඩිලාන් එම් පෙරේරා. ඉමේෂ් නුවන්දක. තව ස්ටූඩියෝ සෙවන් හාර්ට් එකේ අක්කවයි මතක් කරන්න ඕනේ.
Dilan Chryshantha