හැදෑරීමක් සමග ක්‍ෂේත්‍රයට ආවොත් කාගෙන්වත් චෝදනා නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-21-ent-64

රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කටයුතු කරමින් සිටි ඇය නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමට පෙළෙඹෙන්නේ තමන්ගේ යටි සිතේ තිබුණු ආසාවකටය. ඒ ඔස්සේ තමන්ගේ කටයුතු කරගෙන යන ඇය නිරූපණ කටයුතු මෙන්ම, රංගනයටද පිවිසි සිටින්නීය. නමින් කවින්ද්‍යා වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට‘ පැවසුවේ මෙවැන්නකි.

 

මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කරන්න?

2017-08-21-ent-65මම කාවින්ද්‍යා පතිරණ. මම බියුටීසියන් කෙනෙක් විදියට වැඩ කරනවා. මගේ විනෝදාශයක් විදියට මොඩ්ලින් තෝරගත්තේ. මොඩ්ලින් ඇක්ටින් දෙපැත්තටම කැමැත්තක් තියන නිසා තමයි ෆිල්ඩ් එකට ආවේ. මුලින්ම මම කැට් වෝක් එකෙන් මොඩ්ලින් කෝස් එක කළා.

 

රැකියාව එක්ක මේ දේවල් කරන්න කාලය තියනවාද?

මගේම සැලුන් එකක් පටන්ගත්තෙත් මේ ෆීල්ඩ් එකට එන්න ආසාව තියන නිසා. සැලුන් එකට වඩා වැඩි ඉඩක් මම ෆීල්ඩ් එකට දීලා තියෙනවා. සැලුන් එකත් කරගෙන ෆීල්ඩ් එකෙත් ඉන්න තමයි බලාපොරොත්තුව.

 

නිරූපණය වෘත්තිය විදියට දිගටම කරන් යනවාද?

නිරූපණය කියන දේ කාලයත් එක්ක වෙනස් වෙනවා. තමන්ගේ පැවැත්ම තමන් රඳාපවත්වගන්න වැඩ කරන්න ඕනේ. එහෙම වුණොත් ඕනෑම කෙනෙක්ට දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. නමුත් මම හිතනවා තව දෙයක් එක්ක මොඩ්ලින් කරනවානම් හොඳයි කියලා.

 

පූර්ණ කාලීනව මොඩ්ලින් කරන්න බැරි ලැබෙන මුදල සාධාරණ නැති නිසාද?

ගෙවීම අසාධාරණයි කියන්න බැහැ. තමාගේ ටැලන්ට් එකට අනුව තමයි ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඕනේ. ටැලන්ට් එකට අනුව තමයි තමන්ට පේමන්ට් එකක් දෙන්නේ.

 

ගොඩක් ප්‍රවීණයෝ චෝදනය කරනවා නවකයෝ නිසා මේ ෆීල්ඩ් එක විනාශ වෙනවා කියලා මොකද ඒ ගැන හිතන්නේ?

කෝස් එකක් කරන්නේ නැතුව මොඩ්ලින්වලට ආසයි කියලා එක පාරට ඇවිදින් තේරුමක් නැතිව කරන අය ඉන්නවා. ඒ වගේ ෆීල්ඩ් එක ගැන අවබෝධයක් ලබාගෙන ෆීල්ඩ් එකට ආවොත් මම හිතන්නේ නෑ කාගෙන්වත් චෝදනා එල්ල වෙයි කියලා. මම වුණත් හැමදේම දැනගත්තේ ඉන්න විදිය කරන්න ඕනේ දේවල් මේ හැමදේම කෝස් එක නිසා. මොඩ්ලින් කියන්නෙ මොකක්ද කියලා දැනගෙන වැඩ කළොත් කාගෙන්වත් වචන අහන්න වෙන්නේ නැහැ.

 

මේ ක්ෂේත්‍රයට එන්න ගෙදරින් අවසර ලැබුණාද?

ගෙදර අය දන්නවා මම වැරදි දෙයක් කරන්නේ නෑ කියලා. ඒක නිසා ඒයාලා අකමැති වුණේ නැහැ. එයාලා හැම වෙලාවෙම කියන්නෙ මම කැමති පැත්ත තෝරාගෙන ඒ පැත්තනේ ඉස්සරහට යන්න කියලා. මට එයාලා ගොඩක් උදවු කරනවා අකමැත්තක් නැහැ.

 

ඔබට මේ ෆීල්ඩ් එක ගැන මොකද හිතෙන්නේ?

තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන ඉන්න තමන් දැනගන්න ඕනේ. තැනකට ගිහින් කථා කරන විදියෙන් හැසිරෙන විදියෙන් තමන්ගේ පර්සනල්ටි එක තියාගෙන ඉන්න තමන් දැනගන්න ඕනේ. මම හරි විදියට ඉන්නවානම් හිතන්නේ ෆීල්ඩ් එක ඕනෑම කෙනෙක්ට ගැළපෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මොඩ්ලින් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඇක්ටින් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඇක්ටින්වලිනුත් භාරගත්ත වැඩ තියනවා. මොඩ්ලින් ඇක්ටින් බැලන්ස් එකේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

දැනට දායක වෙලා තියන වැඩකටයුතු මොනවද?

දැනට මම ෆොටෝ ෂූට් 15 ක් විතර කරලා තියනවා. 6ක් විතර රිලීස් වෙලා තියනවා. තව මියුසික් වීඩියෝ 2 කට දායක වෙලා තියනවා. මියුසික් වීඩියෝ 3 කට ආරාධනා ලැබිලා තියනවා.

 

ඔබට උදවු කළ මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

මුලින් මතක් කරන්න ඕනේ මගේ අම්මයි තාත්තයි. එයාලා මගේ කැමැත්තට ඉඩ දුන්න නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. කැට්වෝක් මගේ පාසල මතක් කරන්න ඕනේ. මගේ යාළුවන්ගෙනුත් ලොකු උදවුවක් ලැබුණා.

 

2017-08-21-ent-59 2017-08-21-ent-60 2017-08-21-ent-61 2017-08-21-ent-62 2017-08-21-ent-63