හැත්තෑව දශකයේ පේ‍්‍රමය රස විඳින ගම්‍යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-19-ent-04

2009දී ශ්‍රී ලංකා රූ රැජින වූ ගම්‍යා විජයදාස ඉන්පසුව ලෝක රූ රැජින සඳහාත් ශ්‍රී ලංකාව නියෝජනය කළාය. එයින් පසුව ඇය කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූයේ රූපවාහිනි නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක ලෙසය. ඊට අමතරව විවිධ ඉසව් සහ වෙළෙඳ ප‍්‍රචාරණ අංශයේ මෙහෙයවීම් සඳහාද ඇය දායකත්වය ලබා දෙන්නීය. මේ දිනවල ගම්‍යා කාර්ය බහුලව සිටින්නේ අරුණ ජයවර්ධන සිනමාවේදියාගේ ”1970 ආදර කතාව” හෙවත් ,1970 Love Story, චිත‍්‍රපටය නිසාය. එහි ප‍්‍රධාන චරිතයකට දායකවෙමින් රංගනයේ යෙදෙන අතරවාරයේදී ගම්‍යා සඳැල්ලට ආ මොහොතකි මේ.

 

ගම්‍යා, කොහොමද ලව් ස්ටෝරි චිත‍්‍රපටය?2018-03-19-ent-05

පසුගිය දිනවල අපි දිගටම එහි රූගත කිරීම්වලට සහභාගි වුණා. ඉංගිරිය, සහ මාතලේ රිවර්ස්ටන් ප‍්‍රදේශවලදී තමයි වැඩි හරියක්ම රූගත කිරීම් කළේ.

 

මෙහි ඔබගෙ චරිතය මොන වගේ එකක්ද?

මම මෙහි රඟපාන්නෙත් රංගන ශිල්පිනියකගෙ චරිතයක්. අතීතයේ අභිරහසක් විසඳන්න තියෙනවා. මේ අභිරහස විසඳන්න ඇය ගන්න උත්සාහය වෙනුවෙන් රංගනය විවිධත්වයකින් කළ යුතු වුණා. මෙම චරිතයේ නම රෝසි. මම ගම්‍යා නොවී රෝසි වෙන්න උපරිම උත්සාහ ගත්තා. මේ ආදර කතාවේ පෙම්වතියත් මම. මගේ රංගන ජීවිතයේ රංගනය ගැන බොහෝ දේ ඉගෙනීමට සහ හැදෑරීමට ලැබුණු චරිතයක්. ඒ වගේම ලාංකීය සිනමා චාරිකාවේ මම ප‍්‍රධාන චරිතයකට දායක වූ ප‍්‍රථම අවස්ථාවත් මෙයයි. අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගෙන් මට චරිතය ගොඩනගාගන්න ලැබුණු දායකත්වය ඉහළයි.

 

ඒ හැර මේ චිත‍්‍රපටයේ රඟපාද්දී මතකයේ රැඳි සිදුවීම් මොනවද?

මුළු කණ්ඩායමම හරිම සතුටින් දායක වූ නිර්මාණයක්. විනෝදාත්මක අවස්ථා එමටයි. ප‍්‍රවීණ රංගවේදී මහේන්ද්‍ර පෙරේරා සිටින තැන එකම රස සාගරයක් වුණා. එයාගෙ අවවාද සහ ඉගැන්වීම් මට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වුණා. හේමාල් සහ අශාන් ඇතුළු අනෙකුත් සෑම සියලූ දෙනාගෙන්ම ලැබුණු සහයෝගයත් අගය කළ යුතුමයි. අධ්‍යක්ෂතුමාගේ මෙහෙයවීම නිසා මම හිතන්නේ හැමෝම තමුන්ගේ කාර්යය ඉතා හොඳින් සිදුකළා.

 

ගම්‍යා මෙහි පෙම්වතියගේ චරිතය රඟපාන බව කිව්වා. සැබෑ ජීවිතයේ පේ‍්‍රමය ගැන කිව්වොත්?

සැබෑ ජීවිතයේ තවම මම පෙම්වතියක් නෙවෙයි.

 

නමුත් සමීප මිතුරකු සමඟ සිටින ඡුායාරූප නිතර පළවෙනවා දකිනවා.

යාළුවෝ ඕනෑ තරම් සිටිනවා. ඒ අතරින් හොඳම යෙහෙළිය මුද්‍රිකා, හොඳම මිතුරා ප‍්‍රසන්න පද්මනාදන්. ඒ දෙන්නා මගේ හොඳම මිතුරන් වී සිටින්නේ වසර ගණනාවක සිටයි.

 

එතකොට පෙම්වතා ගැන කියන්න බැරිද?

ඉදිරියේදී බලමු නේද?

 

රංගනය හැර ඔබගේ කටයුතු සිදුවන විදිය ගැන කිව්වොත්?

පසුගිය දිනවල මම ලංකාවේ හිටියෙ නැහැ. ඕස්ටේ‍්‍රලියාවට ගිහින් හිටියෙ. ලැබුණු ආරාධනාවකට අනුව වැඩ කීපයකටම දායක වුණා. ඒ එක්කම මගේ ව්‍යාපාර කටයුතුවලත් යෙදෙනවා. ඊටත් අමතරව කළමනාකරණ අංශයේ උපාධිය වෙනුවෙන් තවදුරටත් හැදෑරීම් කරනවා. ඒ එක්කම සුපුරුදු පරිදි විවිධ ඉසව් සඳහා නිවේදන කටයුතු ලංකාවේදී වගේම පිටරටවලදීත් ලබා දෙනවා. ඒ වෙනුවෙන් මට හොඳ ඉල්ලූමක් තිබෙන බව කියන්න පුළුවනි.

 

ඊට විශේෂ හේතුවක් තියෙනවද?

මම හිතන්නෙ සිංහල භාෂාව සහ ඉංගී‍්‍රසි භාෂාව හැසිරවීමට තිබෙන දක්ෂතාවය නිසා ඒ විදියට මට අවස්ථා ලැබෙනවා.

 

කාලයක් ඉන්දීය සිනමාවට සම්බන්ධවෙලා හිටියා නේද?

ඉන්දීය චිත‍්‍රපට තුනකට දායක වුණා. නමුත් දිගින් දිගටම මට එක් තැනක රැුඳී සිටින්නට බැහැ. අංශ කීපයකටම දායකත්වය ලබා දෙන නිසා කාලය බෙදා හදාගෙන තමයි සියල්ලට දායක වෙන්නෙ.

 

ඔබගෙ ජීවිතය මේ විදියට කාර්ය බහුලව ගෙවන්නද කැමැති?

මගේ ජීවිතයේ පැති දෙකකින් කටයුතු සිද්ධ වෙනවා. මූලික දේ මගේ අධ්‍යාපනයයි. 2009 ශ්‍රී ලංකා රූ රැුජින වෙද්දී ශාස්ත‍්‍රපති උපාධිය ලබා තිබුණෙ. ඉන් පසුවත් උසස් අධ්‍යාපනයේ නිරත වුණා. රංගනයට කුඩා කාලයේ සිටම මම බොහෝම පි‍්‍රය කළා. මේ නිසා රඟපෑමේ අංශයට ආවේ කැමැත්තකින්. විශේෂයෙන්ම 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටයෙන් මගේ රඟපෑම් ගැන මැන බැලීමේ අවස්ථාවක් මට ලැබුණා. දැන් තමයි මම ලංකාව ඇතුළෙ හරි ගමනක් පටන් ගත්තෙ.

 

මේ එක්කම බොලිවුඩයේ ගමන නවත්වනවාද?

ජාත්‍යන්තරව වැඩ කරන්න කැමැති කෙනෙක් මම. ඒ නිසා කීයටවත් ජාත්‍යන්තරව ලැබෙන අවස්ථා මඟ හැර ගන්නෙ නැහැ.

 

රූපවාහිනි වැඩසටහන් නිවේදනය ගැන හිතන්නෙ කොහොමද?

පසුගිය දිනවල හිරු මෙගාස්ටාර් වෙනුවෙන් දායක වුණා. සජීවී නිවේදන කටයුතු මට ගෙන දුන්නෙ ඇත්තටම ලොකු අත්දැකීමක්.

 

”ගම්‍යා” මොන වගේ කෙනෙක්ද?

අධ්‍යාත්මිකව යම්කිසි වටිනාකමක් සොයා යන කෙනෙක්. නිකරුණේ කාලය ගෙවා දමන්න මම කැමති නැහැ. සෑම දෙයකටම අරුතක් ලබාදෙන්න උත්සාහ ගන්නවා.

 

සටහන/ඡා​යාරූප - සඳුන් ගමගේ

 

  2018-03-19-ent-06 2018-03-19-ent-07