හාරකෝටිය හැඩ කරන සඳනි
මෙවර 2017 රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේදී දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ සඳනි මල්ෂා වන මේ සුන්දර තරුණියයි. මේ සඳනි ගැන වැඩි දෙනෙක් මේ දිනවල කතාබහ වන්නේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ”හාරකෝටිය” නාට්‍ය නිසයි. එහි ‘රශ්මි’ ලෙස රඟපාන ‘සඳනි’ ආ මොහොතකි මේ.
සම්පූර්ණ නම කිව්වොත්?
ගම?
මාරවිල
ඉගෙන ගත්තේ?
මීගමුව සවුත් ජාත්‍යන්තර පාසලෙන්.
ඉගෙනීමෙන් මොන වගේ අංශයක නිරතවීම ද බලාපොරොත්තුව?
වාණිජ අංශයෙන් හදාරන්නෙ. ව්‍යාපාර කළමනාකරණය ගැන උසස් අධ්‍යාපනය හැදෑරීම තමයි අරමුණ. මේ වසරේ වාණිජ අංශයෙන් බාහිර අයදුම්කාරියක ලෙස උසස් පෙළට පෙනී සිටිනවා.
දැන් වයස?
අවුරුදු 19 යි.
ඉදිරියේ ජීවිතය සැලසුම් කරලා තියෙන්නෙ කොහොමද?
ඉගෙනීමේ කටයුතුවලට තමයි ප්‍රධාන තැන. ඊට අමතරව රංගනය සහ නිවේදන අංශයෙන් ඉදිරියට යාම අරමුණයි.
කලා ක්ෂේත්රයට එන්න හිතුවෙ?
මුලින්ම මට ඒ අවස්ථාව ලැබුණෙ වෙළෙඳ දැන්වීම් හරහායි. එටිසලාට් දැන්වීමේ ‘වාසනා නංගි’ ලෙස බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. මඟතොට යද්දී පවා වාසනා නංගි කියලා සමහරු විහිළු කළා. දැන් නම් බොහෝ දෙනා කතා කරන්නෙ හාරකෝටිය නිසා ‘රශ්මි’ කියලයි.
හාරකෝටියට සම්බන්ධ වුණේ කොහොමද?
චේතනි මිස්ලගෙ ෆේස්බුක් පිටුව හරහා දැන්වීමක් දාලා තිබුණා. ඒ අනුව ගිහින් තිර පරීක්ෂණයකට පෙනී සිටියා. ඉන්පසුව තමයි හාරකෝටියේ චරිතයක් සඳහා අවස්ථාව ලැබුණෙ. රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටීමත් එක්තරා විදියකට ඊට වාසියක් වුණා. කැමරාව ඉදිරියට ගියාම සෑහෙන්න බයක් හිතුනත් චකිතය ටිකක් අඩුවුණා.
ඇයි රඟපෑමට එන්න හිතුවෙ? ආසාවට ද? ලස්සනයි කියල හිතුව නිසා ද? නැත්තම්...?
රඟපෑමට පුළුවන් කියන එක මට දැනුණා. නමුත් රඟපෑමට ලස්සනවත්, ආසාවවත් අදාළ වෙන්නෙ නැහැ. රංගනය ගැන පාඨමාලාවක් කරලා තියෙනවා. නමුත් රංගනය කියන්නෙ බොහෝදුරට හැදෑරිය යුතු අංශයක්. මුලින්ම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියදී රඟපෑමට ආරාධනා ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ ගැන වැඩිය හිතුවෙ නැහැ. අනෙක සුළු හෝ ඉගෙනීමකින් තොරව රඟපෑම කරන්න බැහැ. රූපවාහිනී අවුරුදු කුමාරිය දෙවැනි ස්ථානය ලැබුවාමත් රඟපෑමට ආරාධනා ලැබුණා. නමුත් අධ්‍යාපනය නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා.
හාරකෝටියෙ මුලින්ම රඟපාද්දී දැණුනු හැඟීම් මොනවගේ ද?
මට දෙබස් මතක නොහිටින වගක් දැනුණා. ඊට පෙර නාට්‍යයක රඟපාලා නොතිබුණ නිසා බයකුත් ඇතිවුණා. ඒත් මුල් දින දෙක, තුන ගියාම ඒ සියලූ බය නැතිව ගියා. සැහැල්ලූවෙන් කරන්න කියලා හැමෝම කිව්වා. ඉතින් කැමරාවට තිබුණු බය ටිකින් ටික අඩු වුණා.
කොහොමද දැන් ඊට ලැබෙන ප්‍රතිචාර?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. බොහෝ දෙනා හාරකෝටිය නරඹන බව පෙනෙනවා.
‘සඳනි’ කොහොම කෙනෙක් ද?
වැඩිය කතා කරන්න අකමැති කෙනෙක්. හැබැයි අහංකාර නැහැ. මගේ හැටි එහෙමයි. කා එක්කවත් බලෙන් කතා කරන්න යන්නෙ නැහැ. හිනාවෙන්නෙත් නැහැ. ඒ නිසා සමහරු මට චෝදනාත් කරනවා. නමුත් මගේ හැටි එහෙමයි. මම ආඩම්බරයි කියලා සමහරු හිතන්න පුළුවනි. ඒත් අපට ආඩම්බර වෙන්න දෙයක් නැහැ.
කලා ලොවේ වීරයින් කව්ද?
ජැක්සන් ඇන්තනී මහතාගේ අපූරු හැකියාවට ආසයි. ඔහු කලා ලොවේ වීරයෙක්. මාලනී ෆොන්සේකා මහත්මිය මගේ අනෙක් වීර චරිතයයි.
මුලින්ම මතකයේ රැුඳි ටෙලිනාට්‍ය ගැන මතකය අවදි කළොත්?
‘අළු බඳුන’ ටෙලිනාට්‍යයට මම හරිම ආසයි. එහි සාරංග දිසාසේකර සහ ආශා එදිරිසිංහගේ රංගනයට හරිම ආසයි.
පවුලේ විස්තර කිව්වොත්?
මමයි, අම්මයි, තාත්තයි. අපේ පවුලෙ එච්චරයි. ඒත් මගේ අම්මගෙ අක්කගෙ දුව සහ පුතා මට මගේම අයියා සහ අක්කා කියලා කියන්න පුළුවනි.
රඟපෑම හැර වඩා දක්ෂ මොනවටද?
චිත්‍ර අඳින්නත් දක්ෂයි. ගායනය හදාරා නැහැ. ඒත් සිංදු කියන්න ආසයි. ගායන හැකියාවක් තිබෙනවා කියලා හිතනවා. නර්තනයටත් කැමතියි. ඒ අංශ ගැන හදාරන්න ලොකු ආසාවක් තියෙන්නෙ. ඇරබික් ජිම්නාස්ටික් හදාරා තියෙනවා.
සිත්ගත් ගීත ගැනත් කිව්වොත්?
පණ්ඩිත් අමරදේවයන්ගෙ ”නිම් හිම් සෙව්වා මා සසරේ” ගීතය තමයි මගේ ප්‍රියතම ගීතය. සනුක වික්‍රමසිංහ ගයන ”සංසාර සිහිනේ” ගීතයටත් හරිම ආසයි.
සංසාර සිහිනය ඉටුවේවිද?
ඔව්, අනිවාර්යයෙන්ම එහෙම වේවි.
ඔබ වගේ අලූතින් රංගන ක්ෂේත්රයට පැමිණීමට අදහස් කරන අයට ඔබ දෙන පණිවුඩය මොකක්ද?
හොඳ විදියට සිටින කෙනාට මේ ක්ෂේත්රය ඉතා හොඳයි. නමුත් සමහර ආධුනික අයට ක්ෂේත්රයට ඒමට බයක් තියෙන්නෙ. නමුත් මේකට ඇවිත් හොඳ විදියට හිටියොත් දුර ගමනක් යන්න පුළුවනි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ