'හාර කෝටිය' තුළ චණ්ඩි කෙල්ල 'සෙනාලි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-21-ent-68

මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ "හාර කෝටි" ටෙලි නාට්‍යයේ "දිලී" ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එන සෙනාලි ෆොන්සේකා සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අපි ඇරඹුවෙමු. ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී එක්වීමට සූදානමින් සිටින සෙනාලි ඒ පිළිබඳව අප සමග මෙලෙස අදහස් බෙදාගත්තාය.

 

"හාර කෝටිය" ටෙලි නාට්‍යය නිසා මේ දිනවල සෙනාලි කියන්නේ ජනප්‍රිය චරිතයක්?

2017-04-21-ent-72ඔව්, "හාර කෝටිය" ටෙලි නාට්‍යයේ මා නිරූපණය කරන "දිලී" කියන චරිතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. මෙතෙක් මා දායක වුණ නිර්මාණ අතරින් මට ලැබුණ වෙනස්ම විදිහේ චරිතයක් තමයි "දිලී" කියන්නේ.

 

"දිලී" චරිතය ගැන ටිකක් කතා කරමු?

"දිලී" කියන්නේ හිතුවක්කාර ගතිපැවතුම් ඇති මුඩුක්කු ගේක ජීවත් වෙන චණ්ඩි කෙල්ලෙක්. කොටින්ම චරිතය හැටියට %දිලී^ කොල්ලන්ටවත් බය නැහැ. ඒ වගේම තමන් කැමති ඕනෑම දෙයක් බලෙන් හරි ලබාගන්න උත්සාහ කරන කෙනෙක්.

 

සෙනාලි දැනට දායක වුණ නිර්මාණ අතරින් මේක වෙනස්ම චරිතයක් නේද?

ඔව්, "සිරි පැරකුම්" චිත්‍රපටයේ "සිරිමල් එතෙනා" තමයි මගේ පළමු රංගනය. එහි මා රඟපෑවේ අහිංසක ගැමි කෙල්ලෙක්ගේ චරිතයක්. ඊට පස්සෙ ලැබුණ නිර්මාණවලත් මම හිටියේ අහිසංක චරිතවලට. මොකද, මගේ ස්වරූපය පිහිටලා තියෙන්නේ ඒ විදිහට නිසා. නමුත්, %හාර කෝටිය^ ටෙලි නාට්‍යයේ %දිලී^ කියන්නේ මට දැනට කරන්න ලැබුණු වෙනස්ම චරිතයක්. මේ චරිතය ලැබෙන කොට මටත් හිතුණා මේක මට කරන්න පුළුවන් වෙයිද කියලා. නමුත්, වෙනස්ම චරිතයක් වෙනස්ම අත්දැකීමක් ලබන්න අවශ්‍ය නිසාම මම මේ චරිතය භාර ගත්තා. අද %හාර කෝටිය^ ටෙලි නාට්‍යය නරඹන කොට මට හිතෙනවා මේ චරිතයට මම හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා.

 

"හාර කෝටිය" ටෙලි නාට්‍යයෙන් පස්සේ?

දැනට සිනමා නිර්මාණ වගේම ටෙලි නිර්මාණ කිහිපයකටත් දායක වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. සියයට 90ක් විතර දැනට මේ නිර්මාණ ස්ථිර වෙලා තියෙනවා. මේ දවස්වල මේ ලැබුණ නිර්මාණවල තිර පිටපත් මම අධ්‍යයනය කරමින් ඉන්නවා. බොහෝ දුරට මේ නිර්මාණ හරහා මාව ඉදිරියේදී මගේ රසික, රසිකාවියන්ට දැකගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

 

එංගලන්තයට යන්න අදහසක් නැද්ද දැන්?

මගේ අධ්‍යාපන කටයුතු අවසන් නිසා ටික කාලයක් ලංකාව තුළ රැඳිලා ඉන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ දෙමවුපියන්ගෙන් මම තව අවුරුද්දක කාලයක් ඉල්ලුවා ලංකාවෙ ඉන්න. නමුත්, භාරගෙන තියෙන වැඩ කටයුතුත් එක්ක ඒ කාලය ඇති වෙයිද කියලා සැකයක් මට තියෙනවා.

 

පසුගිය කාලේ සෙනාලිගේ අධ්‍යාපන කටයුතු නිසා කලාවට වැඩි තැනක් දෙන්න බැරිවුණා නේද?

ඔව්, ඒ නිසාම තමයි මම තීරණය කළේ ඉදිරියේදී කලාකටයුතුවලට වැඩි තැනක් දෙන්න. මීට අවුරුදු හතරකට කලින් තමයි මම %සිරි පැරකුම්^ චිත්‍රපටයට දායක වුණේ. මේ ගෙවුණු අවුරුදු හතර තුළ මා දැනට දායක වෙලා තියෙන්නේ කලා නිර්මාණ පහකට විතරයි. අධ්‍යාපන කටයුතු නිසා මම කැමති ගොඩක් නිර්මාණවලට මට දායක වෙන්න බැරිවුණා. ඒක ලොකු කනගාටුවක්. නමුත්, ඉදිරි කාලයේදී හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

තරුණ කලාකරුවෝ බොහෝ දෙනෙක් වර්තමානය වනවිට "රියලිටි" තරග සඳහා සම්බන්ධ වෙනවා. ඔබට එවැනි දේවල්වලට ආරාධනා ලැබුණේ නැද්ද?

මම එංගලන්තයේ ඉන්න කාලේදී මේ තරග සඳහා සම්බන්ධ වෙන්න කිහිපවරක් ආරාධනා ලැබුණා. නමුත්, ලංකාවෙ නැති නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න මට සිදුවුණා. ඒත්, මම ගොඩක් කැමතියි එවැනි "රියලිටි" වැඩසටහනකට සම්බන්ධ වෙන්න. ගොඩක් දෙනෙක් මාව දන්නේ රංගන ශිල්පිනියක් විදිහට. ඒත්, රංගනයට වඩා මගේ සැගවුණු දක්ෂතාවය තමයි නර්තනය කියන්නේ. අන්න ඒ හැකියාව මට මේ %රියලිටි^ තරග හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

රංගන ශිල්පිනියක් වුණ එක ගැන සෙනාලිට මොකද හිතෙන්නේ?

මට පුංචි කාලේ ඉඳලා රඟපාන්න ලොකු කැමැත්තක් තිබුණා. ලොකු නැන්දගේ චිත්‍රපට නරඹන කොට ඒ ආසාව තවත් වැඩිවුණා. ලංකාවෙ ඉන්න කොට කවදහරි රංගන ශිල්පිනියක් වෙනවා කියන අදහස මට තිබුණා. නමුත්, ලංකාව අතහැරලා එංගලන්තයේ පදිංචියට යනකොට තිබුණ බලාපොරොත්තු ඔක්කොම මට නැතිවුණා. ඒත්, අහම්බෙන් මට "සිරිපැරකුම්" චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මගේ පුංචි කාලේ තිබුණ හීනය සඵල කරගන්න මට හැකිවුණා. රංගන ශිල්පිනියක් වෙලා අද රසික, රසිකාවියන්ගේ අදරය ලබන කොට මට තියෙන්නේ කියන්න බැරිතරම් සතුටක්.

 

 2017-04-21-ent-69 2017-04-21-ent-70 2017-04-21-ent-71