'හාර කෝටිය' තුළින් ඔබ හමුවන දිනිති
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට මේ දිනවල ඉහළ රසික ප්‍රතිචාර ලැබේ. එම ටෙලි නාට්‍යය ‘අභිෂේකා’ චරිතය හරහා ටෙලි නාට්‍යය ක්ෂේත්රයට පිවිසෙන දිනිති සෙව්වන්දි වල්ගමද මේ වනවිට බොහෝ දෙනා ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්ව සිටින්නීය. අද ‘සාරවිට’ තරු කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.
කොහොමද දිනිති, ‘අභිෂේකා’ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර?
ඉතා ඉහළයි. ගොඩක් ලැබෙන්නේ පොඩි ළමයින්ගෙන් තමයි. ඊට අමතරව මගේ යහළුවන්ගෙන් නෑදෑ හිතමිතුරන්ගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනෙක්ට අද මගේ සැබෑ නම අමතක වෙලා ‘අභිෂේකා’ කියලා තමයි කතා කරන්නේ.
දිනිති කියන්නේ කලා ක්ෂේත්රයට අලුත් කෙනෙක්?
එහෙම කිව්වොත් හරි. ඒත්, මම පාසල් යන කාලේ ඉඳලා රඟපාන්න ගොඩක් දක්ෂ කෙනෙක්. සමස්ත ලංකා පාසල් මට්ටමින් පවා මම රංගනය වෙනුවෙන් සම්මාන දිනලා තියෙනවා. වරක් මම සමස්ත ලංකා පාසල් නාට්‍යය තරගාවලියේදී හොඳම නළුවා හා නිළිය ලෙස සම්මාන ද්විත්වයම දිනාගත්තා. මුලින්ම මම රඟපෑවේ අශෝක හඳගම අංකල්ගේ ‘අක්ෂරය’ කියන චිත්‍රපටයේ. ඊට පස්සේ තමයි ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.
‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ?
මගේ අයියාගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලා විවිධ නිර්මාණවලට දායක වෙන්න කියලා ආරාධනා ලැබුණා. නමුත්, මගේ රැකියාව නිසා ඒවාට දායක වෙන්න නොහැකි වුණා. පස්සේ මගේ අයියලා කිව්වා සද්ධා මංගල සූරියබණ්ඩාර තමයි ‘හාර කෝටිය’ තිර රචකයා ඒ නිසා වැඩේ හොඳ එකක් කියලා. ඔවුන්ගේ ඉල්ලීම් මත තමයි මේ ටෙලියට මම සම්බන්ධ වුණේ.
රඟපාන්න පොඩි කාලේ ඉඳලා දක්ෂ නිසා මේ ක්ෂේත්රයට එන්න දිනිතිගේ කැමැත්තක් තිබුණාද?
නැහැ. මගේ කැමැත්ත තිබුණේ විදෙස් රටවල්වලට ගිහිල්ලා සංචාරය කරන්න. පස්සේ ගුවන් සේවිකාවක් වෙන්න හිතුවා. දැනට මගේ වෘත්තිය වෙලා තියෙන්නේ ඒක. ඒ ලැබෙන විවේකයේදී තමයි රඟපෑමට සම්බන්ධ වෙන්නේ. පාසල් යන කාලේ ඉඳලා රංගනයට දායක වුණා. ඒත්, රංගන ශිල්පිනියක් වෙන්න නම් මගේ හීනයක් වෙලා තිබුණෙ නැහැ. මගේ අයියලා ඉංජිනේරුවෝ. අම්මා, තාත්තා ගුරුවරු. ඉතින් පවුලේ අයගේ බලාපොරොත්තුව තිබුණෙත් මාව අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යවන්න.
‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයෙන් පස්සේ?
ඉදිරි නිර්මාණයක් ගැන නම් තාම හිතලා නැහැ. මොකද, මගේ රැකියාවත් එක්ක එක දිගට නිර්මාණවලට දායක වෙන්න මට කාලයක් නැහැ. දැනටත් මට ආරාධනා බොහොමයක් ලැබිලා තියෙනවා වෙනත් කලා කටයුතුවලට දායක වෙන්න. ඉතින් ඉඩ ලැබෙන පරිදි ඒ ලැබුණ ආරාධනා අතරින් හොඳ නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරිය ගැන කතා කළොත්?
මට ලොකු ලොකු ඉලක්ක නැහැ. ඇත්තටම මගේ හිතේ තිබුණ හැම ආසාවක්ම අද සඵල වෙලා තියෙනවා. ඉතින් ඉදිරිය ගැන එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ.
බුද්ධික සේනාධීර/ඡායාරූප - මිහිර බණ්ඩාර