හරියට ඉන්නවානම් මෙතැන නරක තැනක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1702  

මේ කස්තුරි නිල්කා අශෝකා ජයවර්ධන අපට හමුවන්නේ හිරු ටී.වී. හුස්මක් තරමට නාට්‍යයේ සහේලී චරිතය සමගයි. ඊට අමතරව සිරස ටී.වී. එකේ සක්කාරං නාට්‍යයේ අයිරින් නමින් චරිතයන්ට එක්ව සිටින්නීය. මේ විදියට ටෙලි තිරයෙන් දුර ගමනක් යන්න හිතන කස්තුරිගෙ රුවින් අද සඳැල්ල හැඩවෙන මොහොතකදී ඇය සඳැල්ල කතාබහ හැඩ කළේ මේ විදියටයි.

 

කස්තුරි කොහොමද ඉතින්?

හොඳයි. මම හොඳින්.2019-05-27-ent-1703

 

කියන්නකො බලන්න විස්තරයක් ඔබ ගැන?

මගේ ගම මහියංගනය. උපන්නෙ බදුල්ලෙදි. පවුලේ අම්මයි, තාත්තයි, නංගියි, මමයි. තාත්තා ව්‍යාපාරයක් කරනවා. අම්මා ගෙදර. නංගි තවම ඉගෙන ගන්නවා. ආච්චියි සීයයි මතක් කරන්නත් ඕනෑ. මුලින්ම මම ඉගෙන ගත්තෙ මහියංගනය ජාතික පාසලෙන්. ඉන්පසු බදුල්ල විශාඛා විද්‍යාලයට ගියා. කලා අංශයෙන් උසස් පෙළ සමත් වෙලා රුහුණු සරසවියට තේරුණා. දැන් මම පළමු වසරේ සිසුවියක්. මාතර නතර වෙලා ඉන්නේ.

 

කස්තුරිගෙ අරමුණ දිගටම රගපෑමේ යෙදෙන්න ද?

රඟපාන අතරේ හොඳ රැුකියාවක නිරත වෙන්න ආසයි. ආර්ථික විද්‍යා අංශයෙන් විශේෂ උපාධියක් ලබාගෙන ඉදිරියට යන්න තමයි ආසා.

 

කස්තුරි රඟපෑමට එන්නේ?

රඟපෑමට කලින් බිබලේ උදේෂිකා විජේරත්න අක්කා තමයි මාව ෆොටෝ ෂූට්වලට යොමු කළේ. එයාගේ ලක් රූ සැලෝන් එකේ මනාලියක ලෙස නිතර නිරූපන අවස්ථාවලට දායක වුණා. උදේෂිකා අක්කා නිසා බ‍්‍රයිඞ්ල් තරගත් දිනුවා. ඒ් විදියට එද්දී දෙරණ අවුරුදු කුමරිය තරගයට දාන්න කියලා ඒ අක්කා මට කිව්වා.

මුල ඉඳලාම එයා ඒ විදියට මට උදව් කළා. 2019 දෙරණ අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය දිනාගත්තෙ ඒ විදියටයි. අපේ අම්මා තාත්තා වගේම බාප්පලා පුංචිලා ඇතුළු ගොඩාක් දෙනා මට ඒ ගමන එන්න උදව් කළා.

අදටත් මම නතර වෙලා ඉන්නෙ කොළඹ පුංචිලාගෙ ගෙදර. රඟපෑමට අවස්ථා ලැබුණේ මේ අතරවාරයේදියි. දෙරණ හුස්මක් තරමට නාට්‍ය මගේ පළමු නිර්මාණයයි. සංගීත් ප‍්‍රභා අයියා සහ මෙම නාට්‍යයේ අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක අයියලා මට ගොඩාක් උදව් කළා. මම මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන අසේලිගෙ (සචිනි) හොඳම යාළුවා ලෙස රඟපානවා. සිරසේ සක්කාරං අනෙක් නාට්‍යයයි. එහි මම රඟපාන්නේ අයිරින් ලෙසයි. මේ ඔක්කොම කරන්නේ ඉගෙනීමට මුල්තැන දෙන අතරේදීයී. රඟපෑමට අමතරව රූපවාහිනී දැන්වීම්වලටත් මියුසික් විඩියෝවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.

 

කොහොමද රඟපෑමේ අංශය හොඳයි ද?

පාසලේදී නැටුම් කරලා තිබුණට කවදාවත් රඟපාලා තිබුණේ නැහැ. රවීන්ද්‍ර විජේරත්න සහ තරංග අයියා මේ නාට්‍යයට තෝරා ගනිද්දි මෙයාව හදලා ගන්න පුළුවන් කිව්වා. ඇත්තටම රඟපෑම කියන්නේ හදාරමින් යන්න ඕනෑ ගමනක්.

අපි හරියට ඉන්නවා නම් මේක තමයි කලාවේ හොඳම ක්ෂේත‍්‍රය.

 

කොහොමද කැම්පස් එකේ යාළුවන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර?

ඒ ගැන නම් කියන්නම වෙනවා. එයාලා මට ගොඩක් උදව් කරනවා. ලෙක්චර්ස් යන්න බැරි වෙච්ච දවසට ඊළඟට කැම්පස් එකේ තියෙන පණිවුඩ සහ වැඩ ගැන පවා කියනවා.

 

රැග් එකටත් අහුවෙලා ඇති?

රුහුණු කැම්පස් එකේ රැග් නැහැ.

 

කස්තුරිට ‘සංජු’ කියන්නෙ ඇයි?

ගමේ අය මාව දන්නෙ එහෙමයි. ගම් අය කස්තුරි කියලා දන්නෙ නැහැ. කැම්පස් එකේ යාළුවෝ කියන්නේ ‘කස්තු’ කියලා.

 

පෙම්වතා කතා කරන්නෙ කොහොමද?

අපි කතා නොකර ඉමු ඒ ගැන.

 

ඒ කියන්නේ ගෙදරට කියලා නැහැ.

අනේ එහෙම නෙමෙයි. ආයේ හංගන්න දෙයක් නැහැ. අපි ඒ ගැන පසුව කතා කරමු.

 

කස්තුරි ආඩම්බරයි?

අපෝ නැහැ. ඕනැම කෙනෙක් එක්ක කතා කරනවා.

 

කස්තුරිගෙ දුර්වලම දේ?

ඕනෑවට වඩා ඕනෑම කෙනෙක්ව විශ්වාස කිරීම. ඒ නිසා අනන්තවත් මගේ හිත රිදිලා තියෙනවා. මේ අඩු පාඩුව දැන් මම හදාගෙන යනවා.

 

ජීවිතේ ගෙවෙන විදිය ගැන කිව්වොත්?

සරලව ගෙවනවා. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්න ඕනෑ නැහැ. ජීවිතේ බුද්ධිමත්ම තීරණ ගත්තාම ප‍්‍රශ්න අඩුයි. දුරදිග බලලා තීරණ ගත්තාම ජීවිතය ගෙවන්න හරි ලෙහෙසියි.

 

ආදරය ගැනත් කිව්වොත්?

මට දැනට විශ්වාස කළ හැකි ආදරේ තියෙන්නේ අම්මා තාත්තා ළඟයි. ඊට එහා පේ‍්‍රමයක් ගැන කියන්න මට තේරෙන්නෙ නැහැ.

 

‘හුස්මක් තරමට’ කොහොමද?

කණ්ඩායමම හරිම හොඳයි. හරි සැහැල්ලූවෙන් රඟපානවා.

 

එතකොට ‘සක්කාරං’?

අරුණ ජයවර්ධන අය්යගෙ තවත් හරි අපූරු නාට්‍යයක්. එයාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මේ නාට්‍ය දෙකේම තේ හදන කෙනාගෙ ඉඳලා හැමෝම මට බොහොම උදව් කළා. ඒ ඔක්කොටම මගේ ස්තුතිය පුදන්න ඕනෑ.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

හැඩගැන්වීම් - සැලෝන් ලෝෂි

 

2019-05-27-ent-1704