හරියට ඉන්න අපි දැනගන්න ඕනෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-16-ent-120

මෙම වසරේ මිස් ඕෂන් හෙවත් සාගර රැජින ලෙස කිරුළු පැළැදියේ මෙම සුන්දර තරුණියයි. ඇය නමින් නේත්‍රා සමරසිංහය. උසස් අධ්‍යාපනයේ නිරතව සිටින දිනේද්‍රා කලා ක්ෂේත‍්‍රයේ විවිධ අංශවල දායකත්වය දක්වන්නීය. චැනල් ක්‍ ටෙලිවිෂනය හරහා විටෙක නිවේදිකාවක ලෙසද හමුවන දිනේද්‍රා වාර්තා වැඩ සටහන් සඳහා දායකත්වය ලබා දී සිටින්නීය. ඊටත් අමතරව ස්පෑලැෂ් වෙළඳ නාමය යටතේ වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටින මේ දිනේද්‍රා මේ දිනවල සූදානම් වන්නේ තව බොහෝ දිනකින් චීනයේ පැවැත්වෙන එන් ඕෂන් ලෝක රූ රැුජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන්. මේ සුන්දර ”දිනේද්‍රා” සදැල්ල සමඟ එක්වූ මෙහොතකි මේ.

 

නේත්‍රා ඔබ ගැන හැදින්වීමක් කළොත්?2017-11-16-ent-123

මම රජයේ රැකියා කරන මා පිය යුවළකගෙ දියණියක්. මම පවුලේ වැඩිමලා. නංගි පාසල් අධ්‍යාපනය ලබනවා. මල්ලි සරසවි සිසුවෙක්. මම ඉගෙන ගත්තේ අම්පාරේ ඞී.එස්. සේනානායක ජාතික පාසලේ දැන් උසස් අධ්‍යාපනය හදාරනවා. පශ්චාත් උපාධිය ලබා ගැනීමයි මගේ අරමුණ. ගිණුම්කරණය මගේ විෂය පථයයි.

 

කලා අංශයට ආවේ කොහොමද?

මුලින්ම හරිත සරසවිය සංවිධානය වූ විලාසිතා දැක්මකට පෙනී සිටියා. ඉන්පසුව විලාසිතා නිර්මාණ ශිල්පින් එයාලගේ විලාසිතා සඳහා නිරූපනයට කතා කළා. ඒ හරහා රූපවාහිනි දැන්වීම් ලැබුණා. පසුව 2016 දී මිස් ස්කූබා ඉසව්වට පෙනී සිටියා. එහිදී උප කිරුළු දෙකක් සමඟ තෙවැනි තැන දිනා ගත්තා. ඒ අතරේ මියුසික් විඩියෝවටත්, රූපවාහිනි වාර්ථා වැඩසටහන් වලටත් දායක වෙමින් නිවේදිකාවක ලෙෂත් වැනල් .ක්‍. එකේ කටයුතු කරනවා. ඒ අතරේදී අර්ෂන් සේනානායක - නිලූ සේනානායක සහ විශ්ව ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන් යටතේ මිස් ඕෂන් තරගය සඳහා සූදානම් වෙනවා. එය මේ වසරේ චීනයේ පැවැත්වීමට නියමිතයි.

 

මොනවද ජනප‍්‍රිය වෙච්ච මියුසික් විඩියෝ?

ඒ වගේම මියුසික් විඩියෝ අතරින් දවසක් ඒ විද (සජීව දිසානායක) ඇමැතුමක් (රුවන් හෙට්ටිආරච්චි) වඩා ජනප‍්‍රිය වුණා. රුවන් හෙට්ටිආරච්චිගේ ඇමතුමක් රූගත කළේ දිය යටයි.

 

දියයට හිටියේ කොහොමද?

මිස් ස්කූබා නිසා දියයට පුහුණුවිම්වල යෙදී සිටියා. ඒ අත්දැකීම සැහෙන්න ප‍්‍රයෝජනවත් වුණා. දැන් ටිකක් මට පීනන්නත් පුළුවනී.

 

ඇයි දිනේද්‍රා කලා අංශයට කැමති?

මියුසික් වීඩියෝ කරලා බලන්න හිතුණා. ඒ අංශයට හරිම ආසයි. මුලින්ම නම් විනෝදාංශයක් ලෙස පටන් ගත්තා. හැබැයි මට පුළුවන් දේ විතරයි බාර ගන්නේ.

 

රඟපෑමට ආරාධනා නැද්ද?

ටෙලි ඩ‍්‍රාමා කීපයකටම කතා කළා. එත් මට හරියන චරිත ලැබුණෙ නැහැ. එත් ටෙලි චිත‍්‍රපටයක රඟපෑවා. චමිල් පතිරණගේ.

 

ඔබට හරියන චරිත මොනවගේ වෙන්න ඕනැ ද?

මගේ ස්වභාවයට වගේම මට ගැලපෙන චරිත තමයි මම ආස කරන්නෙ. එක්කෝ එය අධ්‍යාපනික වශයෙන් මට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නැතුව නිතරම පෙනී සිටිම්වලට මම කැමති නැහැ.

 

රඟපෑමයි - අධ්‍යාපනයයි, මේ අතරින් ඔබගේ ඉලක්කය මොකක්ද?

මගේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉහළටම යාම තමයි අරමුණ. මේ වගේ දේ කිරීම නිසා ජීවිතයට අත්දැකීම් එකතු වෙනවා. අපේ අම්මා ගුරුවරියක්, අම්මා තාත්තා කරන දේ දැකලා තියෙනවා. එයාලා ළමයින්ට දැනුම දීම තමයි කළේ. ඒ අත්දැකීම් සියල්ල එක්ක පරිපාලන අංශයට යන්න මම ආසයි.

 

කලා ක්ෂේත‍්‍රය මොන වගේ කියල ද හිතන්නේ?

ඉතාම සුන්දර ක්ෂේත‍්‍රයක්. අපි හරියට ඉන්න අපි දැනගන්න ඕනෑ. එවිට අපිට රැුඳිලා ඉන්න පුළුවනි.

 

ආදර ඉල්ලීම් එහෙමත් ඇති නේද?

තාරුණ්‍යයට ඒවා අමුතු දේ නෙමෙයි නේද? ඒවාට උත්තර දෙනවාට වඩා මගේ වැඩක් කරගෙන මගේ අධ්‍යාපනය ගැන බලා ගැනීම තමයි වැදගත්.

 

 2017-11-16-ent-121  2017-11-16-ent-124