හරි වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-20-ent-12

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු.ඒ. සිල්වා රචිත විජයබා කොල්ලය නවකතාව ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයකට අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ‘‘විජයබා කොල්ලය’’ සිනමාවට ගෙන ඒමට ප‍්‍රයත්න දරන මොහොතකි මේ. එච්.ඞී. පේ‍්‍රමසිරිගේ නිෂ්පාදනයෙන් සහ කුමුදුනී ඩයස් හපුතන්ත‍්‍රී, චන්ද්‍ර සහ චාන්දි හපුතන්ත‍්‍රීගේ සම නිෂ්පාදනයෙන් නිර්මාණය වන මෙහි කැමරා අධ්‍යක්‍ෂණය සම්මානනීය ශිල්පී චන්න දේශප‍්‍රියගෙනි. විජයබා කොල්ලයෙහි සංගීත අධ්‍යක්‍ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන් වන අතර ප‍්‍රධාන චරිත රංගනයට දායකව සිටින්නේ සෙනාලි ෆොන්සේකා, හේමාල් රණසිංහ සහ අෂාන් ඩයස්ය.

හේමාල් මෙහි නයනානන්ද ලෙසත් අෂාන් අසංග ලෙසත් චරිත රංගනයේ යෙදෙන අතර, මේ දෙදෙනාට මැදි වූ පෙම්වතියගේ චරිතයට දායකව සිටින්නේ සෙනාලී ෆොන්සේකාය. ඇය මෙහි ‘නීලමණී’ වූ මොහොතක සඳැල්ල කතාබහට එක්වූයේ මේ අයුරිනි.

 

සෙනාලි දෙදෙනෙකුගේ ආදරයට මැදිවෙලා මොකද හිතෙන්නෙ?2018-11-20-ent-13

මේක ටිකක් සංකීර්ණ අවස්ථාවක්. නයනානන්දයි අසංගයි දෙන්නම ආදරේ කරනවා.

 

මේ දෙදෙනාගෙන් ඔබ කාටද හිමිවන්නෙ?

මම නෙවෙයි, නීලමණිගෙන් තමයි ඒක අහන්න ඕනෑ. හැබැයි ඒක දැන ගන්න පුළුවන් වන්නේ ‘විජයබා කොල්ලය’ තිරගතවනදාටයි.

 

නීලමණී වඩා කැමති?

චරිතයේ හැටියට නීලමණී දෙන්නාටම කැමතියි වගෙයි පෙනෙන්නෙ. විවිධාකාර විදියට ලබන ආදරවලින් ලැබෙන වෙනස ආදර දෙකක්.

 

දැන් මේ නීලමණී නිසා ඔබට අසුන් පිට යන්නත් සිදු වෙනවා නේද?

මේ දවස්වල අසුන් පිට යන්න පුරුදු වෙනවා. කලිනුත් ‘සිරිපැරකුම්’ චිත‍්‍රපටයේ චරිතය සඳහා අසුන් පදින්න සිදු වුණා. දැන් ඒ මතකය නැවත අලූත් කර ගන්න වෙලා. මේ චරිතය ගොඩනගා ගන්න ඒ කැපවීම් කරන්න වෙනවා.

 

‘විජයබා කොල්ලයේ’ ඔබ සමග රඟපාන ‘හේමාල් සහ අෂාන්’ ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?

අෂාන් එක්ක තමයි මගේ මුල්ම චිත‍්‍රපටය ‘සිරිපැරකුම්’ එකේ රඟපෑවෙ. හේමාල් එක්ක කලින් අවස්ථා ලැබුණත් ඒවා මග හැරුණා. ඔහු එක්ක වැඩ කරලා නැති නිසා හරියට කියන්න දන්නෙ නැහැ. ඒත් මේ දක්වා කළ කී දේ අනුව හේමාල් සහ අෂාන් එක්ක අපූරු චරිත රංගනයක යෙදෙන්න වගේම අපට තවත් සුන්දර කාලයක් ගත කරන්න ලැබේවි.

 

ඒ හැර වෙන මොනවද කරන්නෙ?

දැන් මේ කතාව කියවන්නත් ඕනෑ. මේක බොහෝ දෙනා කියවා ඇති ලස්සන කතාවක්. බොහෝ දෙනා දන්නා කතාවක්. ඒ නිසා මේ චරිතය කරද්දී මට චකිතයක් දැනේවි. මිනිස්සු දන්නා චරිතයකට සාධාරණය කිරීමට නම් සෑහෙන කැපවීමක් කරන්න වෙනවා.

 

සෙනාලි ආදරයකට මැදිවෙලාම නැද්ද?

ආදරය විවිධාකරයි. මටත් ඒ ආදරය ලැබෙනවා. අම්මා තාත්තා සහෝදර සහෝදරියන්, යාළුවන්ගෙන් ඒ විදියට ආදරය ලැබෙනවා.

 

ඒ හැර විශේෂිත ආදරයක්?

එහෙම එකක් තිබුණා නම්, එයා දැන් මේ මොහොතේ මා අසලයි. එහෙම ආදරයක් ගැන බලාපොරොත්තුවක් තිබුණා. ඒක ස්වභාවයනෙ. ඒත් තවම ලැබුණෙ නැහැ. සමහර වෙලාවට අපි කැමති කෙනා අපට කැමති නැහැ. අපි අකමැති කෙනා අපට කැමති වෙන්න පුළුවන්. මම බොහෝම ආදරයට ආදරය කරන කෙනෙක්. ඒත් ආදරයේදි මම කෙනෙක්ව හොයාගෙන යන්නෙ නැහැ. හරි කෙනා හරි වෙලාවට ලැබේවි. මගේ ජීවිතයේ මේ දක්වා හරි වෙලාවට හරි දේ සිද්ධ වුණා. ඒක හන්දා හරි වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි. ඒ එන තෙක් මගේ වැඩ ටික කරගෙන ඉන්නවා.

 

දැන් ඉදිරියේ පෙළ ගැසී ඇති වැඩ මොනවාද?

‘පාදයාත‍්‍රා’ චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. එය තිරගත වීමට නියමිතයි. ජැක්සන් ඇන්තනි මහතාගේ අලූත්ම චිත‍්‍රපටයේ රඟපානවා. මේ විදියට මේ දිනවල චිත‍්‍රපට රංගනය තමයි කරන්නෙ. ඊට අමතරව විජයබා කොල්ලයේ වැඩ.

 

සෙනාලී දැන් වෘත්තීය රංගනය විතර ද?

ඉගෙන ගත්තෙ ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක වීමටයි. ඒ වෙනුවෙන් ප‍්‍රථම පංතියේ උපාධිය ලබාගෙන තිබෙන්නෙ. විද්‍යාඥවරියක වීම ආසාව වුණත් රඟපෑම මගේ ජීවිතය වෙලා. නමුත් විද්‍යාඥවරියක වීමේ සිහිනය තවම අත්හැරලා නැහැ.

 

ඇයි රඟපෑමට එච්චර කැමති? පවුලෙන් ආ ආභාෂය නිසාද?

ලොකු නැන්දා රඟපෑ චිත‍්‍රපට නරඹද්දී මගේ වයස අවුරුදු පහක් හයක් ඇති. ඉන්පසු කාලයකදී හිංදි චිත‍්‍රපට නැරඹුවා. එදා මට රඟපෑම ගැන එච්චර තේරුමක් තිබුණෙ නැහැ. සිරිපැරකුම් චිත‍්‍රපටයේ රඟපෑමට ආ පසුව තමයි එහි ඇති ආශ්චර්යය මා දුටුවේ. විවිධාකාර මිනිස්සු එක්ක එක පවුලක් වගේ දර්ශන තලයේ තියෙන එකමුතුකමට මම හරි ආසයි.

 

මේ විදියට කටයුතු කරන සෙනාලි හිටි හැටියෙ අතුරුදහන් වන්නෙ ඇයි?

මම හරිම ආසයි සංචාරයට. ඒක මගේ ප‍්‍රියතම දෙයක්. මම එංගලන්තයට යද්දි මගේ වයස අවුරුදු 8 යි. ඉන්පසුව රට රටවලට යාමේ උනන්දුව තවත් වැඩි වුණා. විවිධ රටවල විවිධ සංස්කෘතීන් සහ ඒ විවිධ තත්ත්වය අත්දකින්න මම ආසයි. ඒ විදියට සංචාරය කරද්දි මම ඡුායාරූපකරණයේත් යෙදෙනවා. ෆොටෝග‍්‍රැෆිවලටත් මම හරිම ආස කෙනෙක්. ඊයේ පෙරේදා දිනවල මම දකින්න හිටියේ නැත්තෙ මැලේසියාවට ගියා. මේ විදියට රට රටවලට යාමේ ලිස්ට් එකක් ලියාගෙන ඉන්නෙ.

 

වස්ත‍්‍රාභරණ - වෙනුක වික‍්‍රමාරච්චි

වේෂ නිරූපණය - හර්ෂ මංජුල

කොන්ඩා විලාසිතා - හරුන් ෂයිඞීන්

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

 

  2018-11-20-ent-14