හරි විදියට සෙමින් ගමනක් ගියොත් සතුටක් ලබන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-28-ent-84


තමන්ගේ හිතේ ඇතිවුණ පුංචි කැමැත්තට ඉඩ දෙමින් නිරූපණ ක්ෂේත්‍රයේ ගමනක් යන්න හදන මේ රුවැත්තිය අපට හමුවන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්. ඇය නමින් හසිතා. අපි ඇයත් සමග පුංචි පිළිසඳරක යෙදුණා. මේ එහි රසමුසු තැන් කිහිපයක්.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කරන්න?

2017-06-28-ent-83මගේ නම හසිතා කල්පනී. මගේ පදිංචිය වැල්ලම්පිටියේ. අම්මා, තාත්තා, මල්ලී, මමයි තමයි මගේ පවුලේ ඉන්නේ. තාත්තා සහ මල්ලී රැකියාවක් කරනවා. අම්මා ගෘහිණියක්. මම දැනට රූපලාවණ්‍ය ආයතනයක් කරගෙන යනවා.

 

නිරූපිකාවක් විදියට ක්ෂේත්‍රයට එකතුවෙන්න හිතුවෙ ඇයි?

ඒක මෑත කාලයේදී ඇතිවුන කැමැත්තක්. මේ ක්ෂේත්‍රයට තියෙන ආසාව නිසා එන්න හිතුවා.

 

කොහෙමද ඒ ආසාව ඇතිවුණේ?

මගේ මිතුරු මිතුරියෝ ඒ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අයගේ වැඩකටයුතු දැකලා මටත් කිසියම් හැකියාවක් තියනවා කියලා හිතුණ නිසා එන්න හිතුවා.

 

ක්ෂේත්‍රයට එකතුවෙලා කොපමණ කාලයක් වෙනවාද?

දැනට අවුරුද්දක් විතර ඇති.

 

දැනට ඔබ දායක වෙලා තියන වැඩකටයුතු මොනවාද?

දැනට PHOTO SHOOT, MUSIC VIDEOS, Commercial කිහිපයකට සහභාගීවෙලා තියනවා. ඊට අමතරව රූපලාවණ්‍ය පැත්තෙන් මම Makeup Artist විදියට වැඩකිහිපයකට සහභාගීවෙලා තියනවා.

 

ඔබ දායක MUSIC VIDEOS මොනවාද?

දසුන් මධුෂාන්ගේ ‘බත්කූරෝ‘ වීඩියෝ එක, සමීර වීරසිංහගේ හා නිෂී අධිකාරි අක්කගේ අලුත් MUSIC VIDEO එකකට හිටියා.

 

ඔබ නිරූපණය පිළිබඳ හැදෑරීමක් කරලා තියනවාද?

නෑ. දැනට හැදෑරීමක් කරලා නෑ. ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා වැඩි හැදෑරීමකින් ඉදිරි ගමනක් යන්න.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම හොඳ ක්ෂේත්‍රයක්, හරි විදියට, පැහැදිලි, සෙමින් ගමනක් ගියොත් තමන් කරන දේ ගැන සතුටක් ඉහළින් ලබන්න පුළුවන් ක්ෂේත්‍රයක්.

 

පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි හැමවෙලාවෙම ළඟින්ම ඉන්නේ. දැනට කරලා තියන නිර්මාණවලට ගෙදර අයගෙන් හොඳ ප්‍රතිචාර තියනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිරූපණ ක්ෂේත්‍රයට අමතරව රංගන ක්ෂේත්‍රයටත් කැමැත්තක් තියනවා. ලැබෙන හොඳ නිර්මාණත් එක්ක ඉදිරියට කලා ක්ෂේත්‍රයේ ගමනක් යන්න බලාපොරොත්තුවෙනවා.

 

ඔබට උදවු කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මුලින්ම මගේ පවුලේ අයව මතක් කළ යුතුයි. ඊට අමතරව නම් වශයෙන් නොකිවුවත් බොහෝ පිරිසක් ඉන්නවා. මට මේ ක්ෂේත්‍රයට එන්න උදවු කරපු නිරූපණ ක්ෂේත්‍රයේ, රංගන ක්ෂේත්‍රයේ ඡායාරූපකරණයේ හා නිෂ්පාදන අංශයේ අය ඒ වගේම මගේ යහළුවන් ඒ හැමදෙනාවම ආදරෙන් මතක් කරනවා.

 

සටහන - දිනිත් කණිෂ්ක/ ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-06-28-ent-80 2017-06-28-ent-81 2017-06-28-ent-82