හරි මාර්ගයේ හරි විදිහට යනව නම් කාටත් මොකුත් කියන්න බෑ
ශානි කියන්නේ තවමත් නව යොවුන් වියේ පසුවන සොඳුරු රුවැත්තියක්. ඇය ක්ෂේත්රයට ඇවිත් කෙටි කාලයක් වුවද ඇගේ දක්ෂතාවලින් පිරුපුන් නිරූපිකාවක්. ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට' සමගින් මෙලෙසින් අදහස් දැක්වූවා.
මුලින්ම ඔයාව හඳුන්වා දුන්නොත්?
මම ශානි. ඉන්නේ කඩවත. මගෙ වයස අවු: 22. මම පවුලේ එකම ළමයා. දැනට පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. ඒ අතරතුර නිරූපණ ක්ෂේත්රයේ වැඩත් කරනවා.
නිරූපණයට ආවේ කොයි කාලේද?
පාසල් ජීවිතයෙන් පස්සේ, 2015 තමයි නිරූපණයට ආවේ.
ඇයි නිරූපණයට එන්න හිතුණේ?
මගේ විනෝදාංශය විදිහට තමයි මම නිරූපණය තෝරාගත්තේ. මම හිතුවා මටත් පොඩි හරි හැකියාවක් ඇති කියලා.
ගෙදරින් ඒ සඳහා අවස්ථාව දුන්නද?
මට පොඩිකාලේ ඉඳල අම්මයි, තාත්තයි හරි වැරදි කියලා දීලා, මගෙ ළඟින්ම ඉඳලා, යන්න ඕන හරි පාර පෙන්නුවා, මම දැන ගන්න ඕන ඒ මාර්ගයේ හරි විදිහට යන්න, ගෙදරින් බලපෑමක් තිබුණේ නෑ.
නිරූපණය ගැන අදහස මොකද?
බොහෝ දෙනාගෙ මතය තියෙන්නේ, නිරූපණය කියපු ගමන්, ඒ ක්ෂේත්රය හොඳ නෑ, ගෑනු ළමයෙකුට ගැළපෙන්නේ නෑ, ජරා මිනිස්සු ඉන්නේ, ඒ වගේ. හොඳ නැති අයත් ඉන්න පුළුවන් ඒත් හැමෝම එහෙම නෑ, මගේ මතය නම්, තමන් හරි විදිහට ඉන්නවා නම් , හරි දේ කරනවා නම් කාටවත් මොකුත් කියන්න බැහැ.
ඒ පිළිබඳව හදාරනවාද?
හදාරන්නේ නම් නෑ
රැකියාව එක්ක කාලය වෙන් කරන්න පුළුවන්ද?
මම කරන්නේ ටිකටින් ජොබ් 1ක් , සතියෙ දවස් 05 වැඩ, සෙනසුරාදා සහ ඉරිදා දවස්වල තමයි මම වැඩ දාගන්නේ. සතියේ දවස්වල වැඩ ඇවිත් තියනවා, ඒවාටත් සර් මට නිවාඩු දීලා තියනවා. නිවාඩු නැත්නම් මම ඒ වැඩේ බාර ගන්නේ නෑ.
ඉදිරි බලාපොරොත්තු?
මගේ රැකියාවෙන් ඉහළ ස්ථානයකට යාම.
ස්තූති කරන්න කවුරු හරි ඉන්නවාද?
ඔව්. මම අද මම මෙ තැන ඉන්නේ මගෙ අම්මයි තාත්තයි නිසයි. මම වැඩ කරන ආයතනයේ සර්, ඒ වගේම මගෙ ළඟින්ම ඉන්න හරි වැරදි මට කියලා දෙන මගෙ සහෝදරියෝ, සහෝදරයෝ එයාලටත් ගොඩක් ස්තූතියි!
ඡායාරූප - ඉමේෂ් නුවන්දක