හයේෂි කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක්
හයේෂි කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වන ශෂිනි ලක්ෂිගේ සහෝදරියක්. හයේෂිත් ඇගේ සහෝදරිය ලෙසම නිරූපණ ක්ෂේත්රයට එකතු වී තිබෙනවා. ඒ වගේම හයේෂි ඉදිරියේදී සංගීත ක්ෂේත්රයටත් රංගනයටත් එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් හයේෂිට සාරවිට කතාබහෙන් ඉඩක් වෙන් කරන්න අපි හිතුවා.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම හයේෂි හිටිබණ්ඩාර. මගේ පවුලේ ඉන්නේ අක්කලා දෙන්නයි මමයි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා.
ක්ෂේත්රයට එකතු වෙන්නේ කොහොමද?
මම ක්ෂේත්රයට එකතු වෙන්නේ 2016 වසරේදි. මගේ අක්කා ශෂිනි හිටිබණ්ඩාරගේ මාර්ගයෙන් තමයි නිරූපණයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අක්කා තමයි මට හැමදේම කියලා දෙන්නේ.
දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මම බ්‍රයිඩ්ල් ෂූට් වලට තමයි මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙන්නේ. වෙළඳ දැන්වීම්වලට දැන්ම එකතු වෙන්න අදහසක් නැහැ. මගේ අධ්‍යාපන වැඩකටයුතු ඉවර වුණාම ඒවාටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ අළුත් යූ - ටියුබ් නාලිකාවක් පටන් අරගෙන තියෙනවා. එහි වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඒ වගේම සංගීත කටයුතුත් සමානව කරගෙන යනවා.
ඒ කියන්නේ ගායනයටත් සම්බන්ධයිද?
ඔව්. මම සංගීතයට ආසයි. මම ඉගෙනගත්තේ නම් නාට්‍ය හා රංග කලාව. ඒත් මට තියෙන හැම හැකියාවකින්ම ප්‍රයෝජන ගන්නවා.
නවක ශිල්පිනියක් විදිහට ක්ෂේත්රය දකින්නේ කොහොමද?
මෙහෙමයි. නිරූපණ ක්ෂේත්රය ගැන ගොඩක් අය විවිධ දේවල් කියනවා. මට නම් කියන්න තියෙන්නේ ෆීල්ඩ් එක ගොඩක් හොඳ තැනක්. මෙතැනට එනවා නම් ඉගෙනගෙන එන්න ඕනේ. තමන් තෝරාගන්නා පැත්ත මොකද්ද?, තමන් කරන්න කැමති මොනවාද කියන එක ගැන මුලින්ම තමන් දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් ඊටපස්සේ වැඩ කරන්න ඕනේ. ඒ දේත් එක්ක දැනුමත් ආවාම තමයි මේ ක්ෂේත්රයේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ.
අද වනවිට මේ ක්ෂේත්රයේ ඉන්න ඇතැම් අය දිහා මිනිස්සු අමුතු කෝණයකින් තමයි බලන්නේ. මම හිතන්නේ ඒක නැතිවෙයි ක්ෂේත්රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය හරියට වැඩකළොත්.
පහුගිය කාලේ දේශපාලනික කාරණා සමග නිරූපණ ශිල්පිනියන්ගෙන් නම් ගම් පවා කියැවුණා. ඒක ක්ෂේත්රයට හානියක් නොවෙයිද?
මම ඒ දේවල් ගැන වැඩිය කතා කරන්න දන්නේ නැහැ. නමුත් ඒ අය දැනගන්න ඕනේ ක්ෂේත්රයේ ඉන්න කොට තමන් කවුද?, තමන්ට කරන්න තියෙන්නේ මොනවාද කියන දේ. ඇත්තටම ඒ සිදුවීම් තුළින් ක්ෂේත්රයට යම් හානියක් සිදුවුණා. නමුත් අපට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට, තීරණවලට ඇඟිලිගහන්න බැහැනේ. ඒ වුණත් ඒ ගැන හැමතැනම ප්‍රචාරය වන නිසා හැමෝම ඒ ගැන දන්නවා. මම හිතන්නේ ඒ සිදුවීම්වලිනුත් වුණේ නිරූපණ ක්ෂේත්රය දිහා මිනිස්සු දකින දේ වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නැහැ කියලා.
රංගනයට එකතු වෙන්න අදහසක් නැද්ද?
ආරාධනා නම් ලැබෙනවා විවිධ චරිතයන් සඳහා. නමුත් මම හරි කැමති හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ හොඳ ප්‍රධාන චරිතයක් ලැබෙනවා නම්. මම දන්නවා මට රංගන හැකියාව තිබෙනවා. මම ඒ ගැන පාසලේදී පවා හදාරලා තියෙනවා. ඒ දේට එකතු වෙන්න කලින් රංගනය ගැනත් ඉගෙනගන්න තව බොහෝ දේ තිබෙනවා. ඒ දැනුම මට අවශ්‍යයි. මම ඒ ගැන හදාරලා හොඳ නිර්මාණයක් තුළින් රංගනයට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඔව්. මම මුලින්ම කිව්වා වගේ අක්කලා දෙන්නා නිසා තමයි මේ තැන ඉන්නේ. අම්මයි තාත්තයි මගේ පස්සෙන්ම ඉන්නවා. මේ ක්ෂේත්රයට එන සමහර අය වැරදි පැත්තට යන සම්භාවිතාව වැඩියි. ඒ දේවල් තේරුම් කරලා මම යන්න ඕනේ කොහොමද කියන එක මට ඒ අය කියලා දෙනවා. ඒ වගේම මගේ අක්කාගේ සැමියා ඔහුත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපි හතර දෙනාම කොයිවෙලෙත් ඉන්නේ එකට. ඒ නිසා ලොකු සහයක් තියෙනවා පවුලෙන්.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
නිරූපණ ක්ෂේත්රයෙන් දිගු ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේම ගීතයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබේ සහෝදරිය වැනි චරිතයක් වීමට ආසාවක් නැද්ද?
මගේ ජීවිතයේ මට තියෙන ලොකු බලාපොරොත්තුවක් එවැනි චරිතයක් වීම. නමුත් මම එතරම් දක්ෂ නැහැ. නමුත් එයාගේ ළඟට හරි යන්න උත්සාහ කරනවා. ඒ වගේ වෙන්න ඕනේ. මම කවදාහරි අක්කා වගේ කෙනෙක් වෙනවා කියන උත්සහය මට තියෙනවා.
උදව් කළ අය ගැන කිව්වොත්?
ගොඩක් අය උදව් කරලා තියෙනවා. මගේ පවුලේ අය, එතකොට මගේ අක්කිගේ යාළුවෝ, මගේ යාළුවෝ ඇතුළු ගොඩක් පිරිසක් මට උදව් කරලා තියෙනවා. හැම ක්ෂේත්රයකම මට කවුරුම හරි කෙනෙක් වචනයකින් හරි උදව් කරලා තියෙනවා. විශේෂයෙන් මගේ අක්කා සහ ඇගේ සැමියා. ඒ හැමෝවම මතක් කරනවා.
කැළුම් දේවින්ද