'හඳයා'හි නදීට ලැබෙන ප්‍රතිචාර වැඩියි
හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘හඳයා’ ටෙලි නාට්‍යයේ ‘නදී’ ලෙස මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති තාර්යා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි මෙළෙස සූදානම් වුණේමු. ‘හඳයා’ ටෙලි නාට්‍යයට අමතරව ටීවි. වන් නාලිකාවේ විකාශය වන ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍යයේද දකින තාර්යා ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට හැකිය.
මේ දිනවල තාර්යා රඟපාන ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වෙනවා?
ඔව්, හිරු රූපවාහිනියේ විකාශය වෙන ප්‍රභාත් රෝෂන් මහත්මයාගේ ‘හඳයා’ වගේම ටී.වී. වන් නාලිකාවේ විකාශය වෙන ෂර්ලී පී. දෙලංකාව මහත්මයාගේ ‘හිතුවක්කාරයා’ කියන ටෙලි නාට්‍යය තුළින් මාව මේ දිනවල ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන්.
ඉදිරියට එන්න තියෙන ටෙලි නාට්‍යය?
තවත් නොබෝ දිනකින් ජාතික රූපවාහිනියේ විකාශය වෙන්න නියමිත ‘අවසන් ඉනිම’ කියන ටෙලි නාට්‍යයේ මම රඟපානවා. එහි මා නිරූපණය කරන්නේ දුෂ්ඨ චරිතයක්. පාසල් දරුවන් කිහිප දෙනෙකු අතර සිදුවෙන කතාවක් තමයි මෙහි ඇතුලත් වෙලා තියෙන්නේ. ඊට අමතරව දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ‘රංකිරි පැංචා’ ටෙලි නාට්‍යය ඉදිරියේදී ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන්නේ තියෙනවා. එහි මම මාලනි ෆොන්සේකා මහත්මිය සමගින් ප්‍රධාන චරිතයකට දායක වෙනවා.
මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තාර්යාට?
‘හඳයා’ ටෙලි නාට්‍යයේ ‘නදී’ කියන චරිතයට. ගමේ හැදුණු වැඩුණු ගැණු ළමයෙක් තමයි ‘නදී’ කියන්නේ. ඇය ඇඟළුම් සේවිකාවක් විදිහට වැඩ කරන්න නගරයට එනවා. ඇය නවාතැන් ගන්නේ මුඩුක්කු පරිසරය තියෙන නිවාස සංකිර්ණයක. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙකු සමග ඇය ප්‍රේම සම්බන්ධයක පැටලෙනවා. ඊට පස්සේ ඇය උත්සාහ කරනවා ඔහුව ඒ තත්තවයෙන් මුදෝව ගන්න. ඔය විදිහට තමයි ‘නදී’ කියන චරිතය කතාව තුළ දිග හැරෙන්නේ. මගේ ස්වරූපය ගොඩක්ම බටහිර පන්නයට තියෙන්නේ. නමුත්, ‘නදී’ කියන චරිතය හරහා ඒ ස්වරූපය මට වෙනස් කරගන්න ලැබුණා. ඊට අමතරව ‘හිතුවක්කාරයා’ ටෙලි නාට්‍යයේ ‘කැති’ කියන චරිතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔබ ගැන කිව්වොත්?
තාර්යා කියන්නේ වෙලාවකට දඟකාරයි, වෙලාවකවකට අහිසංකයි. කොහොම නමුත්, තාර්යා කියන්නේ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.
මතක් කළ යුතු කිහිප දෙනෙක් ඉන්නවා?
ඔව්, ක්ෂේත්රයට එන්න මට අත දුන්න චාමර ජනරාජ් පිරිස් හා ප්‍රභාත් රෝෂන් දෙන්නා වගේම දමයන්ති ෆොන්සේකා මහත්මිය. ඒ තුන් දෙනා නැත්නම් තාර්යා කියලා කෙනෙක් අද කලා ක්ෂේත්රය තුළ දකින්න නැහැ. ඊට අමතරව මගේ අම්මයි, තාත්තයි දෙන්න තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. මම තමයි පවුලේ එකම ළමයා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද