හදිසියේම රටේ ඇති වුණු තත්ත්වය නිසා දැන් හැමදේම නැවතිලා තියෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200325Sajana-3'ජීවිතය ඇති තුරා' ටෙලි නාට්‍යයේ හිමිදිරිගේ චරිතය මතක ඔබට ඇයව අමතක වන්නට විදිහක් නැහැ. ඒ වගේම පසුගිය වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියෙන් ජයග්‍රහණය කළ ඇය සංජානා ඔනාලි. පසුගිය දිනවල සංජානා තිරයේ දැකපු නැති නිසා ඒ ගැන අහන්න අප ඇයව සාරවිට කතාඑකතු කරගත්තා.

මේ දවස්වල වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල අලුත් නාට්‍යයක වැඩ පටන් ගත්තා. නමුත් එක වරම හදිසියේම රටේ ඇති වුණු තත්ත්වය නිසා දැන් හැමදේම නැවතිලා තියෙන්නෙ.

පහුගිය කාලේ පේන්න හිටියෙ නැත්තෙ ඇයි?

ඔව්. මාස දෙකහාමරක් විතර වැඩ කරේ නැහැ. මගේ අසනීපයක් සහ විභාග කටයුතු නිසා පොඩ්ඩක් විතර ඈත් වෙලා හිටියා.

ක්ෂේත්‍රයට එකතුවෙන්න මුල් අඩිතාලම වැටුණේ කොහොමද?

මුල් අඩිතාලම වැටෙන්නෙ 2018 හිරු අවුරුදු කුමාරි තරඟාවලිය හරහා. මම එහි අවසන් 12 දෙනා දක්වා තරඟ කළා. ඊටපස්සේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේදි මම තුන් වැනි ස්ථානය දිනා ගත්තා. ඒ විදිහට තමයි එකතුවෙන්නෙ.

මේ වෙද්දි දායක වුණු නිර්මාණ මොනවාද?

ශාන්ත සොයිසා මහත්මාගේ අධ්‍යක්ෂණය කළ 'ජීවිතය ඇති තුරා' ටෙලි නාට්‍ය තමයි මගේ පළමු ටෙලි රංගනය. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා.

සංජානා කියන්නෙ ක්ෂේත්‍රයේ හෙමින් යන චරිතයක්ද?

මම හෙමින් යනවද හයියෙන් යනවද කියලා දැන්ම කියන්න අමාරුයි. මොකද මම පොඩි කාලයක් නිශ්ශබ්දව හිටියනේ. පුලුවන් විදිහට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද?

චිත්‍රපට දෙකකට පමණ ආරාධනා ලැබිලා තියෙනව. නමුත් තාම සම්බන්ධ වුණේ නැහැ. තවම ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. එක චිත්‍රපටයක පිටපත ලැබුණා. සමහරවිට ඒකට ඉදිරියේදි සම්බන්ධ වෙයි.

පවුලෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

ඉස්සරට වඩා දැන් නම් ලොකු සහයෝගයක් ලැබෙනවා. මුලදි තාත්තගෙ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මගෙ අම්මයි තාත්තයි දෙන්නම ගුවන් හමුදා නිළධාරීන්. නමුත් මාව තේරුම් අරගෙන දැන් දෙන්නාගෙම ලොකු සහයෝගයක් ලැබෙනවා.

'ජීවිතය ඇති තුරා' නාට්‍යයෙන් ලැලැබුණු ප්‍රතිචාර කොහොමද?

මගේ චරිතය තමයි 'හිමිදිරි' කියන්නෙ. හිමිදිරිය ගොඩක් ප්‍රතිචාර ලැබුණා. පාරේ යද්දි මිනිස්සු ඇවිත් කතා කරනවා. ඇත්තටම මිනිස්සු හිමිදිරිට ආදරය කරන්න පටන් ගත්තා. ගොඩක්ම විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් තමයි ප්‍රතිචාර ලැබුණේ.

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

අලුත් නාට්‍යයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාටත් ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

උදව් කළ අය මතක් කරමුද?

මුලින්ම මගේ අම්මා, තාත්තා, නංගි ඇතුළු මගෙ පවුලේ හැමෝවම මතක් කරනවා. ඊටපස්සේ ශාන්ත සොයිසා මහත්මාට, මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මාට සහ මගේ යාලුවන්වත් මතක් කරනවා.

කැලුම් දේවින්ද

20200325Sajana-1 20200325Sajana-2