අපි දෙන්නටම තව ජීවිතයේ කළ යුතු වැඩ කොටසක් තියෙනවා
හාර කෝටිය, කෝටිපතියෝ, තුත්තිරි, ක්‍රයිම් සීන්, හිරු ඇවිදින්, නාට්‍ය සමග ටෙලි සිත්තම් වෙතින් රූපවාහිනී තිරය හැඩ කළ සඳනි ප්‍රනාන්දු මේ දිනවල ප්‍රේක්ෂකයින්ට හමුවන්නෙ අග්නි පියාපත්, නාට්‍යයේ චරිතයක් සමගයි. ඊට අමතරව ස්වර්ණවාහිනියේ දාන්න පහක් වැඩසටහන නිවේදනයට එක්වෙන සඳනි, මුල් වතාවට මියුසික් වීඩියෝවකටත් පසුගියදා රඟපෑමෙන් එක්වුණා. ඒ සියලු විස්තර සමග මේ දිනවල සඳනිගෙ ජීවිතයේ රිද්මය ගලායන විදිය ගැන අපට විස්තර කළේ මෙලෙසිනි.
• සඳනි කොහොමද ජීවිතේ?
හොඳින් ගෙවනවා. මේ දිනවල පවතින තත්ත්වය එක්ක සමබරව කටයුතු කරගෙන යනවා. ‘අග්නි පියාපත්’ රඟපෑම්වලට වගේම වෙළඳ දැන්වීම් වැඩ ටිකක් කරගෙන යනවා. දැන්වීම් කීපයකටම දායක වුණා. ළගදී ඒවා රිලීස් වේවි.
• ‘සඳනි’ ක්ෂේත්රයට ආවෙත් දැන්වීම් හරහා නේද?
මුලදී එහෙමයි. මුලින්ම පෙනී හිටියෙ මන්චි කොමේ බිස්කට් ඇඩ් එක. පසුව බොහොමයකට දායක වුණා. රංගන ශිල්පිනියක ලෙස ආවේ හාර කෝටියෙන්.
• වඩා කතාබහට ලක්වූ දැන්වීම්?
2016 දී වගේ කළ ‘එටිසලාට්’ ඒ වගේම මේ දිනවල ගොඩ්රිච් එක.
• ‘අග්නි පියාපත්’ චරිතය ගැන කියමු?
චරිතයේ නම මාධවි. මාධවි කියන්නේ බිරිඳක්, මවක්. මට පුද්ගලික අත්දැකීම් නැතත්, ඒ චරිතය ගැන තේරුම් ගෙන සාධාරණයක් කරනවා කියා හිතෙනවා.
• කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාර ලැබුණා. චරිතය මැදදි අහිංසකව ඉඳලා පසුව එයා මුහුණ දුන් ප්‍රශ්න එක්ක නපුරු වුණා. මාධවීට හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ.
• හද රැඳි පැය කොහොමද?
ස්වර්ණවාහිනියේ මම ඒ වැඩසටහන කරන්නෙ බදාදා දිනට විතරයි. මම නිවේදිකාවක් වූ ප්‍රථම වැඩසටහන එය නිසා ඒක විශේෂ වුණා.
• ‘සඳනිගෙ හද රැඳි රුව ගැනත් කියමු?
හද රැඳි රුව හදට සමීපව ඉන්නවා.
• කවදද එකලාසයක් වෙන්නෙ?
ඒකට තව කල් තියෙනවා. තවම වයස තියෙනවා. එයාටත් එහෙමයි. අපි දෙන්නටම තව ජීවිතයේ කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඉන්පසුව විවාහයට සුදුසු කාලය ආවාම ඒ උත්සවය සිදු වේවි.
• එයා ගායකයෙක්ද?
ඔව්.
• කොහොමද ඒ හමුව?
මට එයාව හමුවන්නෙ එයාගෙ පළමු ගීතයේ මියුසික් වීඩියෝව කරද්දියි. ඊට කලින් මට මියුසික් වීඩියෝවලට රඟපාන්න අවස්ථාව ලැබුණත් බාර ගත්තෙ නැහැ. නමුත් මේ සිංදුවට ආසා නිසා එය බාර ගත්තා.
• සිංදුව මොකක්ද?
මම ඉන්න මියුසික් වීඩියෝව නරඹලා බලන්න. එතකොට ඒ ගීතය මොකක්ද කියලා දැන ගන්න පුළුවනි.
• සඳනිට ආදරේ දැනෙන්නෙ කොහොමද?
ආදරේ ඉතින් සුන්දරම නැහැ. යථාර්ථය ඇතුළෙ එහෙමයි. ඒත් තේරුම් ගැනීමත් එක්ක ලස්සනට ගලාගෙන යනවා.
• ඇයි ඔහුට හිත ගියේ.
මුලින්ම නම් කටහඬට. ඒ කටහඬට ආකර්ශනය වීමක් විතරයි. පසුව ගතිගුණ එහෙම එක්ක අපි කතාබහ කරද්දී කටහඬට වඩා අමුත්තක් දුටුවා.
• දැන් ගෙවල්වල අය දන්නවා?
ඔව්. දෙපාර්ශ්වයම දන්නවා. ඒ ආශිර්වාද එක්ක දැනට ආදරෙන් ඉන්නවා.
• සඳනිගෙ වෘත්තිය රඟපෑම විතරද?
දැනට රඟපෑම විතරයි. ඉදිරියේදී වෙනස්කම් වේවි. මගේම ව්‍යාපාරයක් හෝ වෘත්තියක් කරාවි.
• සඳනිට – සඳනිව දැනෙන්නෙ කොහොමද?
අහිංසක නැහැ. ඒත් හරි සංවේදී අනික් අය ගැන හිතන වැඩිය කතාබහ නොකරන අවංක චරිතයක්.
• ඉඳුවර සුරියබණ්ඩාර කොහොමද?
ඒ මල්ලි ඉතා දක්ෂයෙක්. ඒ වයසේදී දැනට විකාශය වන නාට්‍යයක මියුසික් කිරීමම හොඳ දක්ෂතාවයක්. එයා හොඳ සහෝදරයෙක්. මටත් මල්ලිලා නැහැ. මට එයා හරියට මගේම මල්ලි කෙනෙක් වගෙයි.
• සඳනි මේ දිනවල වැඩිපුරම අහන ගීත මොනවද?
සමහර ඒවා ලංකාවේ ගීත නෙවෙයි. දවසේ එක සැරයක් හරි අහන ගීතය තමයි ඇයි මම ආදරේ සහ කෝද්රේ (ජර්මන් ගැහැණු ළමයකු වටා නිර්මාණය වූවක්) එය ගායනා කරන්නෙ පියත් රාජපක්ෂ. ඇයි මම ගීතය ගයන්නෙත් පියත් රාජක්ෂ. මම ලංකාවේ ආසම කරන ගායකයන්ගෙන් වැඩියම ආසා කරන ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ. ඒ ගීත දෙක දවසේ කොහොම හරි අහනවා.
• ‘ලොක් ඩවුන්’ වුණාම ගෙදරට වෙලා මොනවද කරන්නෙ?
ෆිල්ම් බලන්න, සිංදු අහන්න කැමතියි. අපිත් ආරක්ෂා වෙන අතරේ අනික් අයත් ආරක්ෂා වෙන විදියට මේ මොහොතේ සිටීම වැදගත්.
• ‘සඳනි’ හුදෙකලාව ඉන්න කැමති කෙනෙක් කියලයි ඔයාගෙ යාළුවෝ කියන්නේ?
ඕනෑම යාළුවකු එක්ක හරියට හඳුනා ගන්න කලින් මම නිශ්ශබ්ද චරිතයක්. හැබැයි ඉතින් හඳුනා ගත්තට පස්සේ මම එයාලට හොඳ යාළුවෙක්?
• ‘සඳිනිට’ ගයන්න බැරිද?
ටිකක් පුළුවන්. තව ඒ ගැන ඉගෙන ගන්න ඕනෑ.
• ගායක පෙම්වතා, ඔබට යුග ගී ගයන්න කතා කරන්නෙ නැද්ද?
එයත් දන්නවා, මගේ ගායන පරාසය ගැන. එයත් මට ගායනය ඉගෙන ගන්න උදව් කරනවා. හැදෑරීමකින් පසුව සුදුසු තත්ත්වයේ සිටී නම් එයා මට යුග ගී ගයන්න යෝජනා කරාවි.
• මෙතෙක් ඔබ ඇසු හොඳම යුග ගීය මොකක්ද?
එක පාරටම කල්පනාවට එන්නෙ නැහැ. ඒත් මෑතකදී නිර්මාණය වූ ගී අතරින් භාචි සුසාන් සහ අශාන්ති ගයන ‘හිත හිරි වැටුණාදෝ’ ගීතයට හරි ආසයි.
• කලාවට ඇති දක්ෂතාවය, රසිකත්වය වගේම ගෙදරදී සඳනි කටයුතු කරන විදිය ගැනත් කියමු?
ගෙදර තියෙන සෑම වැඩක්ම වගේ කරනවා. අම්මගෙ වැඩවලට උදව් කරනවා. අම්මාට උදව් කළ නිසා උයන්නත් පුළුවනි. මම හදන බටු මෝජුව කන්න කවුරුත් ආසයි. කාන්තාවක් හැටියට ගෙදර වැඩත් කරන්න එපායැ.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ