හඬ කැවීම් කලාව ඔස්සේ ඉදිරියට යන තිරන්දි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-21-ent-79

 

හඬ කැවීම් කලාව ඔස්සේ මේ වනවිට කටයුතු කරන ඇය තිරන්දි මද්දේවිතානයි. නිවේදනය හඬකැවීම් කියන අංශ දෙක ඔස්සේ දස්කම්පාන ඇයගේ කටයුතු පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට‘ අපත් සමග ඇය මෙලෙස එක්විය.

 

​ඔබ ගැන මුලින්ම කිව්වොත්?2018-09-21-ent-78

මගේ නම තිරන්දි මද්දෙවිතාන. මම හඬකැවීම් ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව වයස අඩුම වීඩියෝ එඩිටර් කෙනෙක් කියලා කියන්න පුළුවන්.

 

හඬ කැවීම් පිළිබඳව කතාකරමු?

මම හඬ කැවීම් වලට සම්බන්ධ වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා.

 

හඬ කැවීම් වලට එකතු වෙන්නේ කොහොමද?

මම 2015 උසස් පෙළ ලියපු අලුත තමයි වොයිස් කරන්න එන්නේ. දෙරණ යාළුවෙක් මාර්ගයෙන්. නමුත් මට එතනදී අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඩිලාන් සේනානායක අයියා මාර්ගයෙන් මීඩියා පාසලකට යන්න අවස්ථාව ලැබෙනවා. එතනින් එළියට එන්නේ වීඩියෝ එඩිටර් කෙනෙක් සහ ප්‍රසන්ටර් කෙනෙක් විදිහටයි. කලොම්බෝ ටෙලිවිෂන් එකේ ට්‍රේනින් ඉන්නවා මාස 6ක් විතර. ඊට පස්සේ ඒ අතරවාරයේදී මට සියතට එන්න අවස්ථාව ලැබෙනවා. සියත පෝය වැඩසටහන් වල වීඩියෝ ඉඩිටර් කෙනෙක් විදිහට වැඩ කරගෙන යද්දී එතින් අයින් වෙනවා. ඒ අයින් වෙලා මාසයක් විතර යද්දී තමයි හඬ කැවීම් වලට අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ තමයි හඬ කැවීම් වලට යොමුවෙන්නේ.

 

වීඩියෝ එඩිටින් සහ හඬ කැවීම කියන්නේ පරස්පර ක්ෂේත්‍ර දෙකක්නේ? කොහොම මෙහි ඔබේ ගැලපීම?

හඬ කැවීම් වලට යොමුවෙන්න මගේ ආසාවක් තිබුණා. ඒ වුනාට වීඩියෝ එඩිටින් ඉගෙන ගනිද්දී මට හිතුනා ඒ පැත්තට යන්න ඕනේ කියලා. සියත ආයතනයෙන් අයින් වෙලා ඉද්දි තමයි අලුත් ඩ්‍රාමා එකකට අවස්ථාව ලැබෙන්නේ. ‘ආදර මායම’ තමයි මගේ මුල්ම හඬකැවීම් නාට්‍ය වෙන්නේ.

 

‘වීඩියෝ එඩිටින්’ කියන්නේ කාන්තා පාර්ශවය අඩුව නියැළෙන ක්ෂේත්‍රයක් නේද?

ඔව්, මට IT පැත්ත පිළිබඳව යම් කිසි දැනුමක් තිබුණා. මට ඒ පැත්තෙන් යන්න ඕනේ කියලා හිතුනා. මොකද ගෑණු ළමයින් ඒ පැත්තෙන් යනවා අඩු නිසා.

 

හැබැයි අද වෙද්දී ඒ ක්ෂේත්‍රයේ නෙමෙයි නේද කටයුතු කරන්නේ? ඇයි ඒ ක්ෂේත්‍රය අතහැරියාද?

වීඩියෝ එඩිටින් කියන එක අතහැරියේ නැහැ. ඉදිරියටත් ඒ පැත්තෙන් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට ලංකාවේ ප්‍රධාන නාළිකාවල කාන්තාවන්ට ඒ පැත්තට යන්න තියෙන අවස්ථා අඩුයි. අතහැරලා නැහැ. අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

 

හඬ කැවීම් ගැන කතාකලොත්?

දැනට මම නාට්‍ය 06 ක විතර හඬකැවීම් කටයුතු කරලා තියෙනවා. මගේ පළවෙනි නාට්‍ය තමයි ‘ආදර මායාව’, ඊට පස්සේ ‘ආදරෙයි මං ආදරෙයි’, ‘දෝණි’, ‘දුවන ළමයා’, ‘ප්‍රේමායුද’, ‘සඳට දිවුරා කියන්නම්’ යන ටෙලි නාට්‍ය වල හඬ කැවීම් වලට මට අවස්ථාවල් ලැබුණා. ඊට අමතරව මම සියත Tv පෝය දින ‘දම්සක් දහම් උදාන’ වැඩසටහන සංස්කරනය කලේ මමයි.

 

දැන් වෘත්තීයක නියැළෙනවාද?

මේ වෙද්දී මම රැකියාවක් වශයෙන් කිසිඳු වෘත්තීයක ස්ථීර වශයෙන් නැහැ මම. නාලිකාව වලට ඉල්ලුම් කරලා තියෙනවා. හිතනවා අවස්ථාවක් ලැබෙයි කියලා. මීඩියා පැත්තෙන් ඉදිරියට යන්න තමයි හිතන් ඉන්නේ. ඒ අතරවාරයේ හඬ කැවීම් වලට දායක වෙනවා.

 

නිවේදනය කියන දෙයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

නිවේදනය තමයි පුංචි කාලේ ඉඳන් තිබ්බ ආසාව. මම මුලින්ම ගුවන් විදුලි වැඩ සටහනකට සහභාගී වෙද්දී මට අවුරුදු 15 යි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තමයි මට අවස්ථාවක් ලැබුණේ. ඊට පස්සේ මම 11 වසරේදී මාධ්‍ය හා සන්නිවේදනය තෝරගන්නවා. උසස් පෙළ කරන්න ආපුවාම මාධ්‍ය කියන දේ මට අතහැරෙනවා. මම කලේ නාට්‍ය හා රංග කලාව. ඒ වුණාට මම 2010 ඉඳන් බෙරුවල රාත්‍රී මහා පෙරහැරේ නිවේදන කටයුතු කරගෙන යනවා සහ ප්‍රදේශයේ නිවේදන කටයුතු වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

 

කුමන ක්ෂේත්‍රයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

ඉදිරියේදී සහය නිෂ්පාදිකාවක් විදිහට කටයුතු කරගෙන යන්න ඉන්නේ. මේ හැමදෙයක්ම ඒකට අදාල වෙන නිසා. බලනවා ඉදිරියේදී ලැබෙන අවස්ථාවන් හැටියට තීරණය කරනවා.

 

තරුණියකට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ලැබෙන ඉඩ ප්‍රස්ථාවන් කොහොමද?

තරුණියකට මාධ්‍ය ක්ෂේත්‍රයක නියැලෙන්න අමාරුයි කියන එක ගොඩක් දෙනෙක් කියනවා. ප්‍රශ්න තියෙනවා කියනවා. නමුත් මම අවුරුද්දක් පමණ නාලිකා දෙකක මම වැඩ කලා. මට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මම හිතන්නේ ඒවා කටකතා විතරයි කියලා. ඕනෑම ක්ෂේත්‍රයක හරි විදිහට ඉන්නවා නම් මම හිතන්නේ නැහැ ප්‍රශ්නයක් වෙනවා කියලා.

 

වෙනත් ක්ෂේත්‍රයක නියැලෙන්න කියලා පවුලෙන් බලපෑමක් නැද්ද?

බලපෑමක් නම් තියෙනවා. තාත්තාට ඕනේ මම රජයේ ලොකු රැකියාවක් කරනවා බලන්න. අම්මට ඕනේ වුණේ පුංචි කාලේ ඉඳන්ම නර්තන ශිල්පිනියක් කරන්න. මම නර්තනයට එද්දී මට අවුරුදු 03යි. ඒ දෙකටම වඩා මට ඕනේ වුණේ මීඩියා පැත්තෙන් ඉදිරියට යන්නයි. ඒ නිසා මගේ කැමැත්තට දැන් ඒ දෙන්නා උදව්කරනවා. ඒ වුණාට තාමත් ඒ දෙන්නාගේ කැමැත්ත තියෙන්නේ මම ඒ දේවල් පැත්තෙන් ඉදිරියට යනවා බලන්නයි.

 

දෙමාපියන්ගේ හීනේ හැබෑ කරන්න බැරි වීම ගැන දුකක් නැද්ද?

දුකක් තියෙනවා. මොකද මාධ්‍ය ක්ෂේත්‍රය ගැන සමාජේ තියෙන මතේ ගෙදරත් තියෙනවා. ඒ වුනාට මම කැමති දේ නිසා ඉඩ දීලා තියෙනවා. මගේ හැමදේටම පස්සෙන් ඉන්නේ මගේ අම්මා. තාත්තිත් ගොඩක් උදව් කරනවා. ගොඩක් වෙලාවට මගේ දේවල් වලට යන්නේ අම්මත් එක්ක. ඒ නිසා මට සහයෝගය දෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

ලංකාවේ ප්‍රධාන නාලිකාවක රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා වැඩසටහන් නිෂ්පාදිකාවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ඉගෙනීම කටයුතු මේ වනවිට කරගෙන යනවා. කලමණාකරණය ගැනත් මේ වෙද්දී අධ්‍යාපනය හදාරනවා. ටෙලි නාට්‍යය සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ගෙදරින් කැමති නැහැ රංගනයට යොමුවෙනවාට.

 

උදව් කරපු අය ගැන මතක් කලොත්?

මගේ දහම් පසලේ ලොකු හාමුදුරුවෝ , මගේ අම්මා , තාත්තා , නංගි , ලකී අයියා , ඩිලාන් සේනානායක , හිරු Tv එකේ කසුන් අයියා, හේශාන් අයියා , පසන් අයියා, සිරස TV එකේ ප්‍රභාත් අයියා , පුබුදු ගමගේ සර්.. වගේම මේ තරම් දුර එන්න මට උදවු කරපු මගේ හැමෝටම ස්තූතියි’

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2018-09-21-ent-77