'සෙන්සේෂන්' කවදාකවත් මම අත්හරින්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-19-ent-43

නර්තන ශිල්පිනියක ලෙස සිය කලා දිවිය ආරම්භ කර, මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක බවට පත්ව සිටින හිමාලි සිරිවර්ධන අද 'තරුණයා' කවරය සරසන්නීය. නිමාවට පත්වූ 'හිරු මෙගාස්ටාර්' රියලිටි තරගාවලියේ කැපී පෙනෙන තරුවක් බවට පත්වූ ඇය මේ දිනවල ප්‍රදර්ශනය වන සිනමා නිර්මාණ කිහිපයක් තුළින් රසික ඔබ හමුවන්නීය. මෑත කාලයේ කාර්ය බහුල කලා දිවියක් ගත කරන හිමාලි පාඨක ඔබ වෙනුවෙන් සිය අලුත්ම කලා තොරතුරු අපි සමගින් මෙසේ බෙදාහදා ගත්තේමු.

 

පසුගිය දවස්වල නම් අපි හිමාලිව නිතරම වගේ පුංචි තිරයෙන් දැක්කා?

2017-05-19-ent-39ඔව්, 'හිරු මෙගාස්ටාර්' රියලිටි වැඩසටහන හරහා. මේක මගේ පළමු වැනි රියලිටි වැඩසටහන. කලා ශිල්පිනියක් විදිහට ලොකු අත්දැකීමක් මේ රියලිටි වැඩසටහන හරහා මට ලැබුණා. ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපාන කොට අපිට මුණගැහෙන්නේ කලා ශිල්පීන්, ශිල්පිනියන් පස්හය දෙනයි. නමුත්, මේ තරගය හරහා අපිට කලා ශිල්පීන්, ශිල්පිනියන් 35 දෙනෙක් නිතරම මුණගැහෙන්න ලැබුණා. ඒ වගේම ඔවුන් සමග නිතර වැඩ කරන්න ලැබුණා. ගෙවුණු මාස 06ක කාලය මගේ ජීවිතේ සූන්දරම කාලයක්.

 

දක්ෂ නර්තන ශිල්පිනියක් නිසාවෙන් ඔබ අනෙක් තරගකරුවන්, තරගකාරියන්ට වඩා කැපිලා පෙනුණා කිව්වොත් හරි?

මෙහෙමයි, මේ රියලිටි තරගාවලිය අංශ කිහිපයක් ඔස්සේ තමයි පැවැත්වුණේ. නර්තනය වගේම රංගනයත් මේ තරගයේදී මට ඉදිරිපත් කරන්න සිදුවුණා. මම වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පිනියක් හින්දා මට යම් වාසියක් තිබුණා මගේ හැකියාවන් උපරිමයෙන් මේ තරගයේදී ඉදිරිපත් කරන්න. ඒ වගේම මා සමග අපේ 'ශාක්‍යයන්ස්'කණ්ඩායම අවසන් තරගයතෙක් රැගෙන යන්න අකලංක ගනේගම වගේම සුරේෂ් ගමගේ නර්තනයෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා.

 

මේ තරගාවලියේදී ඔබේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබුණා නේද?

ඔව්, තරගාවලියේ වීරයා විදිහට මට සම්මාන දිනාගන්න පුළුවන් වුණා. ඒක ලොකු සතුටක්. මොකද මේක මගේ ප්‍රථම රියලිටි තරග අත්දැකීම. ඉතින් පළමු අවස්ථාවේදීම මෙවැනි විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි.

 

විනිසුරු තීරණ ගැන සතුටු වෙනවාද?

ඔව්, ගොඩක් අවස්ථාවලදී විනිසුරු තීරණවල සාධාරණත්වයක් මම දැක්කා. ඒ වගේම විනිසුරුවන් දුන් තීරණ හරහා අපේ දක්ෂතා වර්ධනය කරගන්නත් පුළුවන් වුණා. මොකද, ඔවුන් නිතරම අපේ හොඳ වගේම නරකත් කිව්වා. ඒ අවස්ථාවලදී අපිට දැනුණ දෙයක් තමයි තරග වටයෙන් වටය අපේ ඉදිරිපත් කිරීම්වල වෙනසක් විය යුතුයි කියන දේ. ඉතින් විනිසුරු තීරණවල ගුණාත්මක බව නිසා තමයි අපිට මේ තරගයේ අවසන් වටය තෙක් පැමිණෙන්න පුළුවන් වුණේ කියලා මම හිතනවා.

 

මේ දිනවල ඔබ කලා නිර්මාණවල අපි දකින්නේ නැහැ. ඒ ඇයි?

'හිරු මෙගාස්ටාර්' තරගය නිසා කලා නිර්මාණවලට දායක වෙන්න කාලයක් මට තිබුණෙ නැහැ. පසුගිය මාස 06 තුළ මම කැපවෙලා හිටියෙ මේ රියලටි තරගය වෙනුවෙන්.

 

නමුත්, ඔබ දායක වුණ චිත්‍රපට කිහිපයක් මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා?

ඔව්, සුදේෂ් වසන්ත මහත්මයා අධ්‍යක්ෂණය කළ 'රන් සයුර' හා නාලින් මාපිටිගම අධ්‍යක්ෂණය කළ %නිලංජනා^ චිත්‍රපට. මේ චිත්‍රපට දෙකම මීට මාස කිහිපයකට කලින් තමයි නිර්මාණය කළේ. කුමන හෝ හේතුවක් මත මේ චිත්‍රපට දෙකම එක ළඟ ප්‍රදර්ශනය වෙනවා.

 

පසුගිය කාලයේ නම් හිමාලිව ටෙලි නිර්මාණවලට වඩා අපි සිනමා හරහා දැක්කා?

ඔව්, 'රජ හොරු', 'රන්ජා', 'පුතණ්ඩියා' පසුගිය අවුරුදු කිහිපයේදී ප්‍රදර්ශනය වුණා. මේ දවස්වල 'රන් සයුර' හා 'නිලංජනා' තිරගත වෙනවා. ඉදිරියේදී ලකී ඩයස් මහත්මයාගේ 'බ්‍රේකින් නිවුස්' හා නලින් මාපිටිගම මහත්මයාගේ %තනාපතිලාගේ ගෙදර^ කියන චිත්‍රපට දෙක ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා.

 

ඔබගේ නර්තන කණ්ඩායම දැන් නැද්ද?

'හිරු මෙගාස්ටාර්' තරගය නිසා එහි වැඩ කටයුතු පසුගිය කාලයේ ටිකක් විතර නතර කරලා තිබුණේ. නමුත්, දැන් මේ තරගය අවසන් වෙලා නිසා යළිත් එහි වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. මම ක්ෂේත්‍රයට ආවේ %සෙන්සේෂන්^ නර්තන කණ්ඩායම හරහා. ඉතින් මම කවමදාකවත් ඒක අත්හරින්න සූදානමක් නැහැ. පුංචි බ්‍රේක් එකක් ගත්තා. ඉතා ඉක්මනින් නැවතත් %සෙන්සේෂන්^ සමග සුපුරුදු වැඩවලට යොමු වෙන්න මම සූදානමින් ඉන්නවා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - මිහිර බණ්ඩාර

 

 2017-05-19-ent-42 2017-05-19-ent-41 2017-05-19-ent-40