'සිරිපැරකුම්' සිනමාපටය ඔස්සේ කරළියට පැමිණි සිනෙති අකිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-17-ent-47


'සිරිපැරකුම්' සිනමාපටය ඔස්සේ කරළියට පැමිණි සිනෙති අකිලා සිනමාව තුළ වැඩි ප්‍රේක්‍ෂක ආදරයත් දිනාගත් තැනැත්තියකි. මේ දිනවල 'හඳයා' ටෙලිනාට්‍ය ඔස්සේද 'මීනා' චරිතයෙන් පුංචි තිරයට සමීප වන සිනෙති, මෙලෙස 'අද' කතාබහට එක්විය.

 

මේ දවස්වල හරියට කාර්යය බහුලයි නේද?

2017-10-17-ent-39ඔව්, ඇත්තටම මේ දවස්වල 'හඳයා' එක්ක කාර්යය බහුලයි. 'හඳයා' ටෙලිනාට්‍ය මේ දවස්වල 'හිරු ටීවී' ඒකේ 7.30ට විකාශය වෙනවා. ඒකෙ 'මීනා' කියන චරිතය තමයි මම කරන්නේ. සුදත් දේවප්‍රිය මහතා තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. ප්‍රභාත් රෝහණ නිෂ්පාදනය කරන, ටයිටස් තොටවත්තයන්ගේ "හඳයා" චිත්‍රපටයේ ඔස්සේ තමයි මෙම ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නෙ

 

අපි කතා කරමු, මීනා ගැන?

මීනා කියන්නෙ ගමේ ඉඳලා කොළඹට එන ගාමන්ට් යන කෙනෙක්. නමුත් එයාට ලොකු අරමුණක් තියෙනවා. දවසක හොඳ තැනකට යන්න, නිළියක් වෙන්න ආසාව තියෙනවා. මීනගේ පස්සේ ඉන්නේ %සූප්පුවා^. සූප්පුවාට මීනා කැමැති නැහැ. මොකද සූප්පුවා කරන දේවල්වලට මීනාට තරහ යනවා. සමහර වෙලාවට අනුකම්පා කරනවා. හැබැයි කොයිවෙලෙත් සූප්පුවා මීනාගෙන් ගුටි කනවා කරන දේවල්වලට. ඒ වගේ කටකාර කිසිම කෙනෙක්ට බය නැති කෙනෙක් තමයි මීනා කියන්නෙ.

 

'හඳයාට' සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම 'සරිගම' එකේ ඉන්නවා දැකලා සුදත් අංකල් තමයි කියලා තියෙන්නේ මාව ගනිමු කියලා. නිෂ්පාදනය කරන ප්‍රභාත් අයියා සහ සුදත් අයියා තමයි මාව මේ චරිතයට තෝරා ගත්තෙ.

 

මේ ඔබේ කීවෙනි නාට්‍යයද?

මෙගා එකකට කරන පළමුවැනි නාට්‍යයයි. ඊට කලින් 'වැලි ඔටුන්න', 'මීදුම් අම්මා' වැනි කතාවලට හිටියා. වැඩිපුරම කළේ චිත්‍රපට විතරයි. ටෙලිනාට්‍ය කළේ අඩුවෙන්. මෙගා එකක් සඳහා දායක වෙන පළමුවැනි වතාව.

 

අද ටෙලිනාට්‍ය තුළ ඇති තරගකාරීත්වයත් සමග 'හඳයා' වැනි නිර්මාණයක් සඳහා දායක වීම ගැන අදහස?

ඒ ගැන ඇත්තටම සතුටුයි. මොකද 'හඳ' ටෙලිනාට්‍යය අනිත් කතාවලට වඩා වෙනස්. ළමයින්ගේ ටෙලිනාට්‍යයි. ඉස්සර %අඹ යාළුවෝ^ වගේම තමයි අද මේ %හඳයා^ කියන ටෙලිනාට්‍යයට ලැබිලා තියෙන තැන. අපි දකිනවා අද ලංකාවේ හැමෝම කැමැතියි මේ හඳයා කියන දේයට. රට වටා ප්‍රමෝෂන් යද්දි %හඳයා^ සඳහා මිනිස්සු කොච්චර ආදරය කරනවාද කියලා අපි දකිනවා. ඉතිං ලොකු වෙනසක්, ළමයින්ගේ ටෙලිනාට්‍යයක් සහ පරණ අධ්‍යක්‍ෂවරයෙක් මේක අධ්‍යක්‍ෂණය කරනවා. කාලීන තේමාවක් යටතේ %හඳයා^ යන නිසා හඳයාට ගොඩක් අය ආදරය කරනවා.

 

'හඳයා' චිත්‍රපටයේ තිබුණු පදනමටද ඔබත් මෙහි දායක වෙන්නේ?

නැහැ. ටෙලිනාට්‍යයක් කරද්දී කොහොමත් අමතර දේවල් එකතු වෙනවා. මගේ චරිතයත් මේක අමතරව එකතු කරපු එකක්. නමුත් ඒක ප්‍රධානයි මෙතැන. ඉතිං චිත්‍රපටයම පදනම් කරගෙන ඒකම යනවා කියන්නේ නැහැ. %හඳයා^ චිත්‍රපටයේ තිබුණු චරිතය මේ කතාවෙත් තියෙනවා. මෙගා එකක් කරද්දී කොහොමත් කතාව වෙනස් වෙනවා. හැබැයි %හඳයා^ චිත්‍රපටයේ තේමාව අමතක නොකර යනවා.

 

මීනාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ලෝක ළමා දිනය වෙනුවෙන් මම වැඩසටහන්වලට ගියා. එතැනින් තමයි මම දැනගත්තේ මීනා කියන චරිතය කොච්චර ජනප්‍රියද කියලා. සෑහෙන්න ජනතාවක් මීනා කියන චරිතය වැලඳගෙන තියෙනවා කියලා දැනුණා. වැඩිපුරම ගොඩක් අය කියනවා ඇහුනා %අන්න හඳයා එකේ මීනා යනවා^ කියලා. මට හිතුණු දෙයක් තමයි ඒ වෙලාවේ ටෙලිනාට්‍ය කියන දේ මිනිස්සු ඉක්මනට වැලඳ ගන්නවා කියන එක. මොකද චිත්‍රපටයක් බලන්න අනිවාර්යයෙන්ම හෝල්වලට යන්න එපැයි. මම ආස සිනමාවට. හැබැයි එහෙම කියලා පුංචි තිරය අමතක කරලත් නැහැ.

 

චිත්‍රපට ගැන මතක් කළොත්?

පළමුවැනි චිත්‍රපටය තමයි %සිරිපැරකුම්^ චිත්‍රපටයේ කළුඑතනා, %සරිගම^ චිත්‍රපටයේ %ඕලු^, ඊට පස්සේ තිරගත වුණා %රන්සයුර^ චිත්‍රපටයේ සඳලි සහ ඉස්සරහට එන්න තියෙනවා, ලංකාවේ පළමුවැනි වතාවට කාන්තාවක් විතරක් රඟපාන %සේයා^ චිත්‍රපටය. ඒක අධ්‍යක්‍ෂණය කරන්නේ කල්‍යාන චන්ද්‍රසේකරයි. මේ දවස්වල වෙස්සන්තර ජාතකය පදනම් කරගෙන චිත්‍රපටයක් කරනවා තාම ඒකේ රූගත කිරීම් ඉවර නැහැ. %හඳයා^ සහ මෙම චිත්‍රපටයේ රූගත කිරීම් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නෙ. %සේයා^ චිත්‍රපටයේ %මාලි^ කියන චරිතය තමයි මම කරන්නෙ, ඒක ගොඩක් වෙනස් චරිතයක්. වැඩිපුර මම කරලා තියෙන්නේ ළමා සහ අහිංසක චරිත. %සේයා^ චිත්‍රපටයේ මාලි කියන්නේ බටහිර පන්නයේ කෙල්ලෙක්. එයා වෘත්තියෙන් කැමරා ශිල්පිනියක්.

 

ඇයි ටෙලිනාට්‍යය සඳහා වැඩි නැඹුරුවක් නැද්ද?

එතැන තියෙන්නේ මගේ කැමැත්ත අකමැත්ත නෙමෙයි. මට වැඩිපුර ආවේ චිත්‍රපට විතරයි. %සේයා^ චිත්‍රපට කරන්න පටන් ගනිද්දිත් ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණා. නමුත් මම එතැන බාරගත්තේ %සේයා^ චිත්‍රපටයයි. සේයා එකේ රූගත කිරීම් තිබුණේ රිවර්ස්ටන්වලයි. එහි මාසයක් වැඩකටයුතු සිදුවුණා. ඒ අතරතුරත් මට ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණා. නමුත් වැඩි නැඹුරුවක් සිනමාව පැත්තට යොමු වෙන්නෙ මම ක්‍ෂේත්‍රයට ආවේ එතැනින් නිසයි. සිනමාව නිසා ටෙලිනාට්‍යය මගහැරෙන්න ඇති. නමුත් මට සාධාරණයක් කරන්න පුළුවන් දේවල් සඳහායි මම දායක වුණේ. මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ සිනමාවට තමයි. හැබැයි වැඩිපුරම ආරාධනා ලැබෙන්නෙත් සිනමාවට තමයි. සිනමාවට වඩා පුංචි තිරයේ රඟපෑවා නම්, මීට වඩා ප්‍රසිද්ධ වෙන්න තිබුණා. හැබැයි මම සිනමාවට ආදරෙයි.

 

චරිතවල කොටුවීමක් දකිනවා, ඒ ඇයි?

මට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ ළමයි ඉන්න කතාවලට. ළමයි ගොඩේමයි ඉන්න තියෙන්නෙ. ඇයි කියලා නම්, මම දන්නේ නැහැ. හැබැයි ඉදිරියට එන නිර්මාණවල නම් වෙනස් විදියට දකින්න පුළුවන් වෙයි.

 

අද රූපවාහිනී මාධ්‍ය තුළ විකාශය වන නිර්මාණ ගැන අදහස මොකක්ද?

අද ටෙලි නිර්මාණ බිහිවෙනවා වැඩියි කියලයි මට හිතෙන්නෙ. ඉස්සර කතාවක් බලින්න සතියක් වගේ බලන් ඉන්න ඕන. දැන් හැම චැනල් එකකම හැම වෙලාවේම මොකක් හරි ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. හැබැයි දැන් ටෙලි නිර්මාණවල ලොකු වෙනසක් කරලා තියෙනවා කියල දකින්න පුළුවන්. ඒකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. මෙගා රැල්ලටම නොයා කොටස් 100කින්වත් නවතිනවා නම් මිනිස්සුන්ට වදිනවා. ඒකට මම ආසයි. සමහර විට මේක රැල්ලක් වෙන්න ඇති. අධ්‍යක්‍ෂවරු, පිටපත් රචකයන් මාර විදිහට දක්‍ෂයි කියලා දැන් බලන කතා දැක්කාම තේරෙනවා. මට කිසිම දෙයකට වැරැද්දක් කියන්න බැහැ. මෙගා කියන එක කොටස් 100කට හැදුවා නම්, ලස්සනයි කියලා හිතෙනවා. කොච්චර රසවත් වුණත් වැඩක් නැහැ යන්න, යන්න එපා වීමක් වෙනවා නම්. ජාතික රූපවාහිනියේ ගිය නාට්‍ය තියෙනවා කොටස් 30 ඒවත්, 16 ඒවත්. %කන්දෙ ගෙදර^ කොටස් 16යි. ඒක අදටත් මිනිස්සුන්ට මතකයි. අද මේක කර්මාන්තයක් වෙලා තියෙන හින්දා වෙන්න ඇති මෙහෙම නිර්මාණය වෙන්නේ.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඇත්ත කියන්න ඕනනේ. එන දේවල් කරනවා. අද තියෙන වැඩේ අද කරනවා. හෙට දෙයක් ආවොත් ඒ වැඩේට හෙට යනවා. මට ගැළපෙන සහ ආස චරිත තියෙනවා නම්, ඒ ටික බාරගෙන ඉන්නවා ඇරෙන්න, මට ලොකු බලාපොරොත්තු නැහැ.

 

අද ඔබේ ගමන්මග ගැන තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. මම 'සිරිපැරකුම්'වලින් ක්‍ෂේත්‍රයට එද්දී මට අවුරුදු 19යි. දැන් සිනමාවට ඇවිල්ලා අවුරුදු 04ක් විතර වෙනවා. ඒ අවුරුදු 04 ඇතුළත චිත්‍රපට ගණනාවක් කරලා තියෙනවා. මම ආවේ ගොඩක් හෙමින් ගමනක්. මම ඒ ගමනට ආසයි. එකපාර ජනප්‍රිය වෙලා හැලිලා යනවාට වැඩිය ක්‍ෂේත්‍රයට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒ කෙනාව ක්‍ෂේත්‍රය තුළ මතක තියෙනවා. ඒදේටයි මම කැමැති.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-10-17-ent-38  2017-10-17-ent-40 2017-10-17-ent-41 2017-10-17-ent-42 2017-10-17-ent-43 2017-10-17-ent-44  2017-10-17-ent-48