'සිරස අවුරුදු කුමරිය' හරහා බොහෝ දෙනෙක් මාව අඳුන ගත්තා
මෙවර "සිරස අවුරුදු කුමරිය" ලෙස කිරූළ දිනාගනු ලැබුවේ මෙනුෂි බණ්ඩාරය. වෘත්තියෙන් දක්ෂ, යොවුන් නිරූපණ ශිල්පිනියක වන මෙනුෂි පසුගිය වසරේ පැවැති "ස්වර්ණ කුමරිය" තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත් විය. කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්රයේ දිගු ගමනක් ආ ඇය සමගින් මෙවර කතා බහා අපි මෙළෙස දිගහැරියෙමු.
මෙවර "සිරස අවුරුදු කුමරිය" ඔබයි?
ඔව්, ගොඩක් සතුටුයි ඒ ගැන. මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය තමයි මේක.
ඔබ මීට පෙරත් "අවුරුදු කුමරි" තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවාද?
ඔව්, ගිය වසරේ %ස්වර්ණ කුමරිය^ තරගයට ඉදිරිපත් වෙලා එහි දෙවැනි තැන දිනාගත්තා. ඊට පස්සේ තමයි මම නිරූපණ ක්ෂේත්රයට ආවේ. හැබැයි ක්ෂේත්රයට ආපු මුල් කාලේ මම ලොකුවට වැඩ කළේ නැහැ.
ඔය අතරේ නේද පැජන්ට් එකකටත් ඔබ ඉදිරිපත් වුණේ?
ඔව්, ගිය වසරේ %මිස් ග්‍රැන්ඩ් ශ්‍රී ලංකා^ පැජන්ට් එකට සහභාගි වුණා. එහි මම අවසන් තරගකාරියන් පස් දෙනා අතරට එනවා. ඒ හරහා තමා මාව ගොඩක් දෙනෙක් දැන අඳුන ගන්නේ. ඊට පස්සේ තමයි නිරූපිකාවක් විදිහට මගේ නම හැදෙන්නේ.
දැනට දායක වුණ නිර්මාණ මොනවද?
මම දැනට ටෙලි නාට්‍යයක රඟපාලා තියෙනවා. ගීත රූප රචනා කිහිපයක්ම කරලා තියෙනවා. තවත් ආරාධනා කිහිපයක්ම ලැබිලත් තියෙනවා. සිරස %අවුරුදු කුමරිය^ වීමත් හරහා අලුත් වැඩ කිහිපයකටම කතා කරලාත් තියෙනවා. සියත රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ දැන්වීමක් හරහා මාව බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුණා.
"සිරස අවුරුදු කුමරිය" තරගයට සම්බන්ධ වෙන කොට එහි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තිබුණාද?
නැහැ. මොකද, ඒ ලොකු තරගකාරිත්වයක් තිබුණා. ලස්සනය අය ගොඩක් හිටියා. ඒ වගේම දක්ෂ අයත් ඒ අතර හිටියා. අවසන් වටය වෙන කොට ලොකු තරගයක් තිබුණා. අපිට පවා හිතාගන්න බැරි වුණා කාට ජයග්‍රහණය හිමි වෙයිද කියලා.
මේ ජයග්‍රහණයත් එක්ක ලැබුණ ප්‍රතිචාර මොන වගේද
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ගෙදර අයගෙන් වගේම නැදැයෝ, මගේ යාළුවෝ ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වුවා මේ ජයග්‍රහණයත් සමග.
ඉදිරි වැඩ කටයුතු?
කලා කටයුතුවලට දිගින් දිගටම සම්බන්ධ වෙනවා. ඒ වගේම හරවත්, ගුණාත්මක නිර්මාණ තෝර ගෙන කරනවා. නිරූපණයට වගේම රංගනයටත් මම ගොඩක් කැමැතියි. ඉතින් ඒ ක්ෂේත්‍ර හරහා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
මතක් කළ යුතු පිරිසක් ඉන්නවද?
ඔව්, මගේ පවුලේ සැම දෙනාම. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ තැනට එන්න මට මුලින්ම උදව් කළේ මගේ පවුලේ අය. ඒ වගේම යාළුවෝ මගේ ළඟින් නිතරම ඉඳගෙන මාව දිරිමත් කළා. ඒ හැමෝම ගොඩක් ආදරේන් මතක් කරන්න ඕනා. ඒ වගේම නිරූපිකාවක් විදිහට ඉදිරියට එන්න අතදුන්න බ්‍රයන් සර්වත් මතක් කළ යුතුයි. ඒ අතර %සිරස^ ආයතනයේ සියලුම දෙනාවත් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි.
බුද්ධික සේනාධීර