සිනමා නිර්මාණයක රඟපාන එක තමයි මගේ ලොකුම හීනය
සිනමා නිර්මාණයක රඟපාන එක තමයි මගේ ලොකුම හීනය නිරූපණ ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වන දිනු රත්නායක මෙවර %සාරවිට^ තරු කතාබහ සමග එක් විය. ගීත රූප රචනා කිහිපයකටම මේ වනවිට දායක වී ඇති ඇය දැනට ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරමින් සිටියි.
කලා ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහොමද?
මම කලාවට යොමු වෙන්නේ නිරූපණ ශිල්පීනියක් විදිහටයි. නිරූපන ක්ෂේත්‍රයේ පටන් ගැනිම සිදු වෙන්නේ මනාලියන් හැඩ ගැන්වීමේ තරගයකට ඉදිරිපත් වීම හරහා. මේ ක්ෂේත්‍රයට මම තවමත් ආධුනිකයෙක්. ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මාස නමයක් විතර ඇති.
කෙටි කාලයක් තුළදී ඔබ කලා නිර්මාණ බොහෝමයක දායක වුණ කෙනෙක්?
ක්ෂේත්‍රයට මගේ යොමු වීම සිදුවන්නේ නිරූපණ ශිල්පීනියක් විදිහටයි, නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි මට ගීත රූප රචනා කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා. ලැබුණ හැම ගීත රූප රචනාවකම ප්‍රධාන භූමිකාව රඟපෑවේ මම. ඒ අතරින් මීනා ප්‍රසාදිනිගේ %හං කිති කවනා^ ගීතය, සුමුදු ප්‍රනාන්දුගේ %හිත අසනා^, පැතුම් පෙරේරාගේ %මිහිදන් කලා^ යන ගීත ඒ අතර තියෙනවා. තවත් රූප රචනා කිහිපයක්ම ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබෙනවා. තවද ලංකාවේ ජනප්‍රිය පෞද්ගලික නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරමින් සිටිනවා.
කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
කලා ක්ෂේත්‍රය කියන්නේ තරුණ අපිට ඉතා හොඳ ක්ෂේත්‍රයක්. තමන්ට ගැළපෙන හා නොගැළපෙන දේ තෝරා බේරා ගෙන හැදෑරීමකින් යුතුව කරනව නම් ඉදිරියටම යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
කලා ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න ලැබුණ එක ගැන සතුටුද?
ඔව්, ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම, කලාව පැත්තට යොමු වෙන එක මගේ පොඩිකාලේ ඉදලා තිබුණ ලොකුම හීනයක් කිව්වොත් හරි.
කෙටි ක්‍රමවලින් ජනප්‍රිය වෙන්න පුළුවන් තැනක් මේක?
මම විශ්වාස කරන අන්දමට මේ ක්ෂේත්‍රය තුළ දිගු කලක් රැදී සිටින්නට නම් කෙටි ක්‍රමවලින් බැහැ. ඒකට නිසි හැදෑරීමකින් හා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.
මේක ඔබගේ වෘත්තියද?
නෑ, දැනට මම කලා කටයුතුවල නිරත වෙන්නේ විනෝදාංශයක් විදිහට. ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ.
ඉදිරි ඉලක්ක මොනවද?
ලංකාවේ ජනප්‍රියතම හා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු යටතේ ක්ලාත්මක චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑම. සිනමාවට එකතු වෙන්න මම ගොඩක් කැමැතියි.
උදව් කරපු අය කවුද ඔබට?
පළමුවන්ම මාව හැම වෙලාවෙම දිරිමත් කළ මගේ දෙමාපියන් සහා මාගේ රසිකයන්ද මතක් කරන අතර ඊට අමතරව විශේෂයෙන්ම මා හට මේ ක්ෂේත්‍රයේ රැදී සිටිමට අවස්තාවන් ලබා දුන් චාමූ ශ්‍රී , දිනෙෂ් අම්බුලුගල ( සිරස ටී.වී ), ලක්ෂ්මන් හිල්මී, සහා තවත් නන් අයුරින් මා හට තව අවස්තාවන් ලබා දුන් සියලුම දෙනාව මේ මොහොතේ ඉතාම ආදරේන් සිහිපත් කරනවා.