ස්ථානය අනුව ගැළපෙන දේ කරනවා
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ පරිපාලන නිලධාරිනිය මෙන්ම වැඩබලන සහකාර ලේකම්වරියකද වන ඇය උපුලි පිලවල නම් වන්නීය. දුෂ්කර මග ගෙවා සාර්ථකත්වය නම් හරිත නිම්නයට මේ වනවිටත් පැමිණ සිටින ඇය මෙවර අපත් සමග සම්බන්ධ වූවාය.
Born :- දෙසැම්බර්27
Place :- කොළඹ
School :- කෑගලු බාලිකා මහා විද්‍යාලය
High Studies :- කොළඹ විශ්වවිද්‍යාලය
Job Started - 2012
පියසේන පිලවල සහ පද්මිණී හෙට්ටිආරච්චි යන දෙපළට දාව පවුලේ දෙවැනියා ලෙසින් උපුලි මෙලොව එළිය දුටුවාය. ඒ වනවිටත් ඇයට ප්‍රථම පවුලට එක්වූ වැඩිමහල් සොහොයුරියක් සිටියි. පසුව උපුලිට බාල සොහොයුරෙකු එකතු වන්නේ උපුලී පවුලේ මද්දුමයා කරමිනි. පියා විදුහල්පතිවරයෙකු වන අතර, මව ගුරුවරියක් වන්නීය. කොළඹ ඉපදෙන උපුලිට පාසල් යාම සඳහා කෑගලු බාලිකාව තෝරාගැනීමට සිදුවන්නේ පියාගේ රැකියාවේ ස්වභාවය නිසාමය.
Studies
කෑගල්ල බාලිකා මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබන ඇය, එහිදී අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සියලුම විෂයයන් සඳහා විශිෂ්ට සාමාර්ථ ලබාගන්නීය. පසුව වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන ඇය A-2, B-1, C-1ක් ලෙස ප්‍රතිඵල ගෙන උසස් පෙළ සමත්වන්නීය.
High Studies
උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යායට සුදුසුකම් ලබන ඇය, වර්තමානයේ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අංශයෙන් පශ්චාත් උපාධිය හදාරමින් සිටින්නීය.
Present Life
තම පවුලේ සාමාජිකයන් සමග නුගේගොඩ ප්‍ර‘දේශයේ පදිංචිව සිටියි.
‘අපේ කාර්යාලයේ සේවකයන් දෙදහසක් පමණ ඉන්නවා. ඒ හැමදෙනාගෙම මානව සම්පත් කළමණාකරන කටයුතු සිදුවන්නේ මගේ ප්‍රධානත්වයෙන් පවතින අංශය හරහා. ඒක පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් එක්කම මගේ අධ්‍යාපනික කටයුතු සහ, පවුලේ වැඩ කටයුතුයි තියෙනවා. ඒ සියල්ල එක්ක මම ඉන්නේ කාර්ය බහුල ජීවිතයක’ යැයි උපුලි පවසයි.
Turning Point
‘මම මුලින්ම රාජ්‍ය සේවයේ රැකියාවට එන්නේ කළමනාකරණ සහකාරවරියක් විදිහට. ඒ අතරතුර මම වත්මන් තනතුරට උසස් වීම සඳහා අවශ්‍ය ඉතාම තරඟකාරී විභාගයට මුහුණ දෙනවා. එහිදී පළමුවරට මුහුනදුන් අයදුම්කරුවන් අතරින් බස්නාහිර පලාතේ ප්‍රථමයා වෙන්නේ මම. මම හිතන්නේ එය තමයි මගේ Turning Point එක.
Target
රාජ්‍ය සේවය ගැන මිනිසුන්ගේ තියෙන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි. අකාර්යක්ෂම සහ මන්දගාමී හැඟීමක් තමයි ජනතාවට ඒ ගැන තියෙන්නේ. මට ඕන මේක වෙනස් කරන්න. ඒ සඳහා දැනටත් මම වැඩ කරමින් යනවා. ඉදිරියේදී ඒ සඳහා නිර්මාණශීලී වැඩසටහන් කිහිපයක් කරන්න මගේ හිතේ අදහසක් තියෙනවා. ඒ වගේම රැකියාව පැත්තෙන් මෙන්ම, අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළටම යන්න ඕන.
Fashion
ස්ථානය අනුව ගැළපෙන දේ කරනවා, New Fashion Follow කරනවා.
Vision Of Life
ජීවිතේ සතුටින් ඉන්න ඕන නම් යහපත් අරමුණු ගොඩක් ජීවිතයට තියෙන්න ඕන. ඒක රැකියාව පැත්තෙන්, රට වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන් විතරක් නෙවෙයි; තමන්ට තමන් වෙනුවෙනුත් තිබිය යුතුයි. ඒ සියලු යහපත් අරමුණු කරා යන්න නම් කාලය හොඳින් කළමනාකරණය කරගැනීමත් වැදගත්. කාලය කළමනාකරණය කරගෙන යහපත් දේ කිරීම තමයි මගේ ජීවන දර්ශනය.
Text Pics - Mihira Bandara
Make Up & Hair By Haroon (Haroon shydeen)