සල්ලි හා පිළිගැනීම ලබාගන්න මිනිස්සු වැරැදි මාර්ගවල යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-07-ent-126

නිරූපණය තුළ ගමනක් යෑමට සැරසෙන මෙම රුවැත්තිය හේෂරී මහේෂි හේරත්ය. මහේෂී රියැලිටි වැඩසටහන් හා නිරූපණ තරග කිහිපයක් සඳහා සහභාගීවී ඇති අත්දැකීම් ඇත්තියක වුවද, තවමත් නිරූපණය පිළිබඳව හැදෑරීම් සිදුකරමින් සිටින්නීය. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට’ අපි මෙලෙසින් ඇය සම්බන්ධ කරගතිමු.

 

ඔයාව මුලින්ම හඳුන්වා දුන්නොත්?

2017-03-07-ent-125මගේ සම්පූර්ණ නම හේෂරී මහේෂි හේරත්. දැනට නම් මොඩලින් තමයි කරගෙන යන්නේ.

 

වෙනත් රැකියාවක් කරන්නේ නැද්ද?

රැකියාවක් දැනටනම් කරන්නේ නැහැ. ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා රැකියාවක් කරන්න.

 

ඇයි නිරූපණය කරන්නේ?

ගොඩක් කල් ඉඳන් තිබ්බ ආසාවක්. ඒකත් ගෙදර අයගෙන් උනත් අකමැත්තක් තිබ්බේ නැති නිසා මොඩලින් කරන්න ඕනේ කියලා හිතුණා. ඒකට හැකියාවක් මට තියෙනවා කියලා හිතුණා.

 

නිරූපණය තුළ කොච්චර ගමනක් ඇවිත් තියෙනවාද?

මං අවුරුදු 20න් වගේ මොඩලින් හදාරන්න පටන් ගත්තේ. 2014 දී Model of the World Pageant එකේදී හොඳම 10 අතරට තේරුණා. ඒ වගේම 2015 සිරස කුමරිය හොඳම 20 දෙනා අතරට ආවා. 2015 මිස් ස්කූබා පැජන්ට් එකේ හොඳම 06 දෙනා අතරට ආවා. ඒකේ Best Catwalk Mini Title එක මට දිනා ගැනීමට හැකියාව ලැබුණා.

 

රංගනයට කැමති නැද්ද?

ගොඩක් කැමතියි රංගනයට. රංගනයට ආරාධනාවක් ලැබුණොත් කරන්න කැමැත්තෙන් ඉන්නවා.

 

නිරූපණය පිළිබඳව මොකද හිතෙන්නේ?

ගොඩක් මිනිස්සුන්ට මොඩලින් ගැන තියෙන්නේ වැරදි වැටහීමක්. මොඩලින් කරන අය ගැන හිතන්නේ වැරදි විදිහටයි. ඒත් මමනම් හිතන්නේ ඕනෑම ක්ෂේත්‍රය හොඳ නරක දෙකම තියෙනවා. අපි දන්නවානම් අපි හොඳයි කියලා එක තමයි වෙන්න ඕනේ. මං හිතනවා හොඳ විදිහට මේ ගමන යන්න පුළුවන් නම් මොඩලින් උනත් හොඳ ක්ෂේත්‍රයක් කියලා.

 

ඇයි ලංකාවේ නිරූපණය එතරම් පිළිගැනීමක් ලැබෙන්නේ නැත්තේ?

පිළිගැනීම නැත්තේ ගොඩක් වෙලාවට මිනිස්සු මේකෙන් ගොඩක් වේලාවට සල්ලි හොයන්න පෙළෙඹෙනවා. සල්ලි හොයන මාර්ගයෙන් වැරදි දේවල්වලට පෙළෙඹෙනවා. ඒ වගේම ඉක්මනට ප්‍රසිද්ධිය හොයන්න වැරදි දේවල්වලට පෙළෙඹෙනවා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයට ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඕනෑම දෙයක් ගෞරවයක් ඇතුව කරන්න පුළුවන්නම් ඒකට ලොකු පිළිගැනීමක් තියෙයි. සල්ලි හොයන්නවත් ප්‍රසිද්ධියවත් ඉක්මන්ට හොයන්න ගියොත් පිළිගැනීමක් කොහොමත් තියෙන්නේ නැහැ. ඒ වගේමයි දෙයක් කරගෙන බැරි මිනිස්සු හදන කට කතා. අනිත් කෙනා හොඳ ගමනක් යනවට අකමැති උනාම ඒ කෙනාව කොහොම හරි පහත් කරන්න හදනවා. ඒ වගේ මිනිස්සු නිසාත් මොඩලින්වලට පිළිගැනීම ගොඩක් අඩු වෙලා තියෙනවා.

 

එහෙම වුණාම ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද?

නැහැ. මං කලින් කිව්වා වගේ අපි හොඳයි කියලා දැනෙන්න ඕනේ අපේ හදවතට. මම දන්නවානම් මම හොඳයි කියලා ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මට නම් එහෙම කලකිරීමක් ඇති වෙලා නැහැ. මිනිස්සු මට මොනවා හරි කියලා බැන්නොත් මං හිතන්නේ ඒ කෙනාට ඒ තත්ත්වට එන්න එන්න බැරි නිසා මට අපහාස කරනවා කියලා. ඉතිං මට එතකොට ලොකු සතුටක් දැනෙනවා. තව තව මේ ගමන ඉස්සරහට යන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මොඩලින්වලින් තවත් ඉස්සරහටම යන්න. ඒ වගේම මගේම කියලා Clothes Shop එකක් පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පසන් සෙනවිරත්න

 

2017-03-07-ent-118
2017-03-07-ent-119
2017-03-07-ent-120
2017-03-07-ent-121
2017-03-07-ent-122
2017-03-07-ent-123
2017-03-07-ent-124