'සරා' චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර වැඩියි
නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් පියුම් සිරිනායක මේ දිනවල රංගන ශිල්පිනියක ලෙසද පුංචි තිරයේ දකින්නට ලැබේ. ඒ සිරස රූපවාහිනි නාළිකාවේ රාත්‍රී 7.30ට විකාශය වෙන සුසිල නිෂ්පාදනයක් වූ ‘අරුමවන්ති’ ටෙලි නාට්‍යය තුළිනි. මෙහි ඇය ‘සරා’ ලෙස චරිත මවන්නීය. සිය පළමු ටෙලි නාට්‍ය රංගනය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව පියුමි "සාරවිට" සමග මෙසේ දොඩමලු වූවා.
‘සාරා’ කියන්නද "පියුමි" කියන්නද?
"පියුමි"කියන්න. හැබැයි දැන්නම් පියුමි කියන නමටත් වඩා "අරුමවන්ති" ටෙලි නාට්‍යයේ "සාරා" කියන නමින් තමා බොහෝදෙනෙක් මට කතා කරන්නේ. ඒ තරමට ඒ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර වැඩියි.
"සාරා" කියන චරිතේ ලැබුණේ කොහොමද?
"සුසිල" ආයතනයේ අධ්යක්ෂවරයෙක් තමයි සුධාර අයියා. එයා තමයි මට කිව්වේ "සුසිල" ආයතනයේ සන්ධ්‍යා මිස් හම්බ වෙන්න කියලා. ඒ මිස් මුණ ගැහුණ ගමන් එයා කැමති වුණා මාව "අරුමවන්ති" ටෙලි නාට්‍යයට තෝර ගන්න. හැබැයි මාව ටෙලි නාට්‍යයට සම්බන්ධ කරගන්න කලින් මාස 4ක් 5ක් "වර්ක් ෂොප්" වලට සම්බන්ධ කරගෙන රංගනය ගැන ඉගැන්වුවා. දෙබස් හසුරවන විදිහ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ වැඩ කරන්නේ කොහොමද කියන දේවල් මේ "වර්ක් ෂොප්" හරහා මට ඉගෙන ගන්න පුළුවන් වුණා.
නිරූපිකාවක වශයෙන් ක්ෂේත්රයට ඇවිත් දැන් රංගන ශිල්පිනියෙක් වෙලා?
මම පොඩිකාලේ ඉඳලම උත්සාහ කළේ නිළියක් වෙන්න. ගොඩක් ඒ සඳහා උත්සාහ කරා. අපි රංගනය කියන්නේ පොඩි දෙයක් කියලා හිතුවට ඒ දේ පොඩි දෙයක් නෙමෙයි. ඒ පිළිබඳව හදාරන්න ඕනේ. ඉතිං මම රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා තමයි රංගනයට ආවේ.
ආපු ගමන් මග ගැන හිතෙන්නේ මොකද?
ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා දක්ෂතාව, කැපවීම, උනන්දුව තියෙනවානම් කොහොම හරි අපේ ඉලක්කය සඳහා යන්න පුළුවන් කමක් තියෙනවා. තමන්ට යම් කිසි දක්ෂතාවක් තියෙනවා නම් මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න හැකියාව තියෙනවා. ප්‍රවීණ නළුනිළියෝ පවා දැනටත් වැඩමුළු සඳහා දායක වෙනවා. මමත් ඒ අයත් එක්ක ඒ සඳහා දායක වෙනවා. ඒ අයගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.
දැන් නිරූපණයටද? රංගනයට කැමති?
දෙකටම කැමතියි. ක්ෂේත්‍ර දෙකක් වුණත් එකම ගමනක් තමයි තියෙන්නේ කියලා කියන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍ර දෙකෙන්ම තෘප්තියක් ලබනවා.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ අය නැත්නම් මට මේ දේ කරගන්න බැරි වෙනවා. මට රූගත කිරීම්වලදී හිතා ගන්න බැරි සහයෝගයක් ලබාදුන්නා.
අනෙකුත් කටයුතු ගැන සහ බලාපොරොත්තු ගැන කිවුවොත්?
තමව මම වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණේ නැහැ. ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ කටයුතුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව මම රංගනයෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. විවිධ වර්ගයේ චරිත කරන්න ආසාවෙන් ඉන්නවා.
උදවු කරපු අය ගැන කතා කළොත්?
නිරූපණයට එද්දි මට මුලින්ම අත දුන්නේ රොසෑන් ඩයස් මහත්මිය. "අරුමවන්ති" ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරපු සුධාර අයියා, "වර්ක් ෂොප්" වලදී උදවු කළ සරත් සේනාරත්න සර්ව. "සුසිල" ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මිස්ව. ඒ වගේම "අරුමවන්ති" ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ රන්ජන් ප්‍රසන්න. ඔවුන්ට අමතරව "අරුමවන්ති" ටෙලි නාට්‍යයේ මා සමගින් රංගනයේ යෙදෙන සියලුම රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සියලුදෙනා මට නන් අයුරින් උදවු උපකාර කළා. ඒ හැමදෙනාටත් ස්තුතිය පුදකරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද