සමාජයේ කතා හැදෙන එක මට විතරක් පොදු දෙයක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-269

රංගන ශිල්පිනියක් මෙන්ම වර්තමානයේ නිරූපිකාවක් ලෙසද කටයුතු කරන හෂිනි චමල්කා සමගින් අද අපි කතා බහ කළේමු. කලා ක්ෂේත්‍රයට ආධුනිකයෙක් වුවද හෂිනි මේ වනවිට බොහෝ කලා නිර්මාණ ප්‍රමාණයකට සිය දායකත්වය සපයා තිබිම විශේෂත්වයකි.

 

ඔබ රංගන ශිල්පිනියක්ද? නිරූපිකාවක්ද?

ඒ ක්ෂේත්‍ර දෙක තුළම මම වැඩ කරනවා. ක්ෂේත්‍රයට ආපු මුල් කාළේ නම් වැඩිපුර දායකත්වය දුන්නේ රංගනය පැත්තට.2019-12-18-ent-271

 

රංගන ශිල්පිනියක් වුණත් ඔබව අපි නිතර දකින්නේ ඡායාරූපවලින්?

ඔව්, ගොඩක් දුරට මම පොටෝ ෂුටවලට තමයි දායක වෙන්නේ. මෑත කාලයේමම පෙනී හිටිය පොටෝ ෂුට් ගොඩක් වෙබ් අඩවිවල පළ වෙලා තිබුණා.

 

නිරූපිකාවක් විදිහට ඡායාරූපවලට පෙනී සිටිමේදී ඔබට සීමාවක් තියෙනවාද?

ඔව්, මම යම් සීමාවක ඉඳලා තමයි පොටෝ ෂූට්වලට පෙනී සිටින්නේ.

 

ඒත්, අපි ගොඩක් වෙලාවට ඔබව දකින්නේ අඩ නිරූවත් ඡායාරූපවලින්?

මම කැමතියි එවැනි ඡායාරූපවලට පෙනි ඉන්න.

 

එවැනි ඡායාරූපවලට පෙනී ඉන්නේ ඉක්මණින් ජනප්‍රිය වීමේ අදහසින්ද?

නැහැ. ජනප්‍රිය වෙන්න නම් අද කාළේ බොහෝ කෙටි මාර්ග තියෙනවා. මට එහෙම උවමනාවක් නැහැ. මම කළින් සඳහන් කළාක් මෙන් මම ආසයි එවැනි ඡායාරූපවලට පෙනී සිටින්න.

 

අඩුවයසකින් මේ විදිහේ ඡායාරූපවලට පෙනී සිටින එක ගැටළුවක් නැද්ද?

මගේ වයස දැන් 18යි. මම හිතන්නේ මම දැන් වැඩිහිටියෙක්. ඉතින් මම හිතනවා ඒක ගැටළුවක් නැහැ කියලා.

 

ගොඩක් වෙලාවට මෙහෙම ඡායාරූප කිහිපයකට පෙනී සිටියොත් සමාජයේ පිළිගැනිම තියෙන්නේ වෙනත් විදිහකට නේද?

ඔව්, සමාජයේ ගොඩක් වෙලාවට කතා හැදෙනවා. ඒක මට විතරක් පොදු දෙයෙක් නෙමෙයි හැමෝටම එහෙම හැදෙනවා. මම එන විදිහට ඒවාට මුහුණ දෙනවා.

 

ඉදිරි වැඩ කටයුතු කොහොමද?

නිරූපිකාවකට වඩා මම කැමතියි රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න. ඒ හින්දා මම බොහෝ විට ඉදිරියේදී වැඩිපුර ඒ පැත්තට යොමු වේවි.

 

දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

මේ දිනවල විකාශය වෙන %නෝ පාර්කින්^, %රාවණා^ %සිද්ධාර්ත් ගෞතම්^ වගේම හිරූ ටෙලි සිනමා කිහිපයකට මම දායක වුණා.

 

බුද්ධික සේනාධීර

 

2019-12-18-ent-265 2019-12-18-ent-266 2019-12-18-ent-267 2019-12-18-ent-268  2019-12-18-ent-270