සම්මාන බලාගෙන රඟපාන එක තේරුමක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-18-ent-30

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම අපි දකින රශිපබා සංදිපනි තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය රංගනය ශිල්පිනියක් බවට වර්තමානයේ පත්ව සිටියි. පසුගිය වසර තුළ කිසිදු නිර්මාණයක දකින්නට නොලැබුණ ඇය මේ වසරේ බොහෝ නිර්මාණ හරහා දැනටත් ඉදිරියටත් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබේ. මේ නිසාම මෙවර කතා බහ රශිපබා වෙනුවෙන් මෙසේ වෙන් කළේමු.

 

නිර්මාණ කිහිපයකින් ඔබව මේ දිනවල අපි දකිනවා?.2018-12-18-ent-32

ඔව්, ජාතික රූපවාහිනියේ විකාශය වෙන් ‘ඉඩෝර වැස්ස’ හා ‘දුවිලි’ අහස ටෙලි නාට්‍යයවල මාව දකින්න පුළුවන්. ඊට අමතරව ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘රාහු’ වගේම අති දැවැන්ත ටෙලි නිර්මාණයක් වූ හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘සිද්ධාර්ත් ගෞතම’ ටෙලි නාට්‍යයෙත් මාව දැකගන්න පුළුවන්. තවමත් මේ ටෙලි නාට්‍යයවල රූපගත කිරිම් කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ වගේම ගිවන්ත අර්ථසාද් අයියාගේ ටෙලියකත් මේ දිනවල වැඩ කරනවා.

 

පසුගිය වසරේ අපි ඔබව කලා නිර්මාණ හරහා දුටුවේ නැහැ?

ඔව්, පෞද්ගලික හේතුන් මත මම කලාවෙන් තාවකාලිව ඈත්වෙලා හිටියා. පසුගිය වසරටත් එක්ක මේ වසරේදී මම වැඩ ගොඩක් භාරගත්තා. කලාවෙන් ඈත්වෙලා හිටිය නිසා මේ වසරේදී නිර්මාණ භාරගන්න පොඩි බයකුත් තිබුණා මට. මොකද, අද ක්ෂේත්‍රය තුළ තියෙන තරගකාරිත්වයත් එක්ක මට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න බැරි වෙයිද කියලා. නමුත්, අද මම දායක වෙලා ඉන්න නිර්මාණ හරහා නැවතත් රශිපබා කියන නම ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා කියලා දැනෙනවා ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක.

 

මේ ලැබුණ නිර්මාණ ගැන ඔබට මොකද හිතෙන්නේ?

මේ වසරේදී මට ලැබුණේ ගොඩක් හොඳ නිර්මාණ. ටිකක් අමාරුවෙන් වැඩ කරන්න වුණ දුෂ්කර පළාත්වල ගිහිල්ලා නැවතිලා ඉඳලා කට්ට කාගෙන රූපගත කිරිම් කටයුතුවලට දායක වෙලා කරන්න ලැබුණ එහෙත්, ගුණාත්මක බවින් පිරුණු ටෙලි නාට්‍යය තමයි මට මේ වසරේදි රඟපාන්න ලැබුණේ. කොටස් ප්‍රමාණය අඩු ඒ වුණත් නිතරම නිර්මාණය නොවන විශේෂිත ටෙලි නාට්‍යය කිහිපයකටම මට මේ වසරේදී රංගනයෙන් දායක වෙන්න ලැබුණ එක ගැන ගොඩක් තෘප්තිමත් වෙනවා. හොඳම උදාහරණය තමයි ජාතික රූපවාහිනියේ විකාශය වෙන ‘ඉඩෝර වැස්ස’ කියන ටෙලි නාට්‍යය. මේ වනවිට රේටින්ග්ස්වලින් ඉහළින්ම ටෙලි නාට්‍යයක් තමයි ඒක. ඒ වගේම තමයි ‘සිද්ධාත්ර්ත් ගෞතම’ මෑත කාලයේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුල බිහිවුණ උසස් ගතනේ නිර්මාණයක්.

 

මේ කරන කැපවීම්වලට සම්මානවලින් ඇගයිමක් ලැබෙයිද ඔබට?

ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ගෙන් නම් එවැනි සුභාශේෂන ලැබෙනවා. නමුත්, මම එහෙම සම්මාන විශ්වාස කරන්නේ නැහැ. එහෙම සම්මාන බලාගෙන රඟපාන එක තේරුමක් නැහැ. ඒකට සුදුසුයි නම් මාව සම්මාන ලැබෙයි කියලා මම හිතනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මට ලැබෙන චරිතයට උපරිම සාධාරණය කරන්න. සම්මානවලට වඩා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි මට වැදගත්. මොකද, ඔවුන් නිසා තමයි ක්ෂේත්‍රය තුළ අපේ පැවැත්ම තියෙන්නේ. ඔවුන්ගේ ආදරය ලැබෙනවා නම් අන්න ඒ දේ තමයි මට සම්මාන ලැබෙනවාටත් වඩා සතුටු.

 

ටෙලි නාට්‍යය ගොඩක ඉන්න හින්දා ජනප්‍රියත්වය කොයි විදිහට ඔබට විඳින්න ලැබෙනවාද?

ජනප්‍රියත්වය කියන්නේ පාර තොටේදි බැහැලා යන හැම වෙලාවේම හැමෝම ලඟට ඇවිල්ලා කතා කරන එක වගේම මේ දිනවල විකාශය වෙන මගේ නිර්මාණ බොහෝම කැමැත්තෙක් ඔවුන් නරඹනවා කියන එක තමයි මගේ ජනප්‍රියත්වය.හැටියට මම පිළිගන්නේ. එහෙම රසික ප්‍රතිචාර නම් අද වනවිට අඩු නැතිව මට ලැබෙනවා. ඉතින් මම හිතනවා යම් පිරිසක් අතර මාව ජනප්‍රිය වෙලා තියෙනවා කියලා.

 

ජනප්‍රිය රියලිටි තරුවක් ඔබ?

අදටත් ඒ ගැන ගොඩක් කතා වෙනවා. ‘හිරු මෙගා ස්ටාර්’ කියන්නේ මගේ දෙවැනි රියලටි තරගය. මගේ පළමු එක ‘දෙරණ ස්ටාර් සිටි’. නමුත්, ගොඩ දෙනෙක් මගේ හැකියාවන් දැක්කේ ‘හිරු මෙගා ස්ටාර්’ හරහා. සමහරු කියන රියලිටි තරග සඳහා සම්බන්ධ වෙන්න එපා. තේරුමක් නැහැ කියලා. මම නම් හිතන්නේ කෙනෙකුට යම් දක්ෂතාවයක් තියෙනවා නම් රියලටි තරග තමයි හොඳම අවස්ථාවක් හරියාකාරයෙන් පෙන්වන්න. ජයග්‍රහණයද පරාජයද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මම හිතන විදිහට. ඒක අවස්ථාවක් කරගෙන තමන්ගේ කුසලතාවය පෙන්වන්න ඕනා. මට තාම මේ තරගයේදී පෙන්වු දක්ෂතාවයට ප්‍රතිචාර ලැබෙනවා. මට හිතෙනවා ඒ ලැබෙන ප්‍රතිචාර මත මම මේ තරගය දිනලා තියෙනවා කියලා.

 

2018-12-18-ent-28 2018-12-18-ent-29  2018-12-18-ent-31