සමහරුන්ගේ බාල වැඩ හින්දා එළියට එන්න කැමති නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-30-ent-21

ඒෂනී... අපිට මුලින්ම ඔයා කවුද කියලා කියන්න...?

මම ඒෂනී දිආනා. මගේ ගම කුරුණෑගල. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි විතරයි. මම පවුලේ එකම ගැහැනු දරුවා. මම ඉගෙන ගත්තෙ කුරුණෑගල ලක්දාස් විද්‍යාලයේ. උසස් පෙළ වෙනතුරු මම ඉගෙන ගත්තෙ ඒ පාසලෙන්.

 

පුංචි කාලේ ඒෂනී කවුරු වෙන්නද හීන දැක්කෙ..?2018-06-30-ent-18

ඇත්තම කියනවානම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මම ආසාවෙන් හිටියෙ නීතිඥවරියක් වෙන්නයි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඉතින් තාත්තගේ යාළුවොත් කිහිපදෙනෙක්ම නීතිඥවරු විදිහට වැඩ කළා. ඒ අංකල්ලා නිතර නිතර අපේ ගෙදර ආවා. ඉස්කෝලෙ වුණත් කථික තරගවලට විවාද තරගවලට සහභාගි වුණා. ඉස්කෝලෙ මම ශිෂ්‍ය නායිකාවක් විදිහට කටයුතු කළා. වසර කිහිපයක්ම පාසලේ උදෑසන රුස්වීම මෙහෙයුවේ මම. ඒ නිසා පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට මම ගොඩක් සහභාගි වුණා. ඉතින්... ඒ නිසාම නීතිඥවරියක් වෙන්නත් ලොකු හීනයක් තිබුණා.

 

නීතිඥවරියක් වෙන්න හීන දැකපු ඔබ නිරෑපණ ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද...?

මම ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ කරන කාලෙදී නැටුම් විෂය තමයි කලා විෂයට හැදෑරුවේ. ඉතින් ඒ නිසාම නැටුම් ඉගෙන ගන්න මම කොළඹ සුදර්ශි ශාලාවට හැම සති අන්තයකම කුරුණෑගල ඉඳන් කොළඹ ආවා. මගේ අම්මා තමයි මාව හැම සෙනසුරාදාටම පන්ති එක්කගෙන ආවේ. ඉතින්... සුදර්ශියේ නැටුම් පන්තියේ ඉගෙන ගනිද්දී වෙළෙඳ දැන්වීම් දෙකකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒවාට සම්බන්ධ වුණා කියලා මුලදීනම් පාසලෙන් ප්‍රශ්නයකුත් වුණා. හැබැයි පාසලේ හැම බාහිර ක්‍රියාකාරකමක්ම කරපු නිසා මට සමාව ලැබුණා. උසස් පෙළ පන්තියේදී මාව ශිෂ්‍ය නායිකාවක් පවා කළා.

 

පාසලෙන් කොච්චර තහංචි දැම්මත් ඒෂනී නිරෑපණ ක්ෂේත්‍රය අතහැරියේ නෑ ...?

නෑ.. ඉස්කෝලෙන් අස්වෙනතුරුම ඊටපස්සෙ මම ඒවාට සම්බන්ධ වුණේ නෑ. උසස් පෙළ සමත් වුණාට මට නීති පීඨයට ඇතුළත් වෙන්න තරම් සුදුසුකම් තිබුණේ නෑ. නීතිඥවරියක් වෙන්න ඕනෑකම නිසාම මම දෙවැනි වතාවෙත් උසස් පෙළ විභාගය ගත්තා. නමුත් ඒ අවස්ථාවෙදීත් මට විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුණෙ නෑ. ඊටපස්සෙ මම මානව සම්පත් කළමනාකරණය හැදෑරුවා. ඒ අනුව මට පෞද්ගලික ආයතනයක රුකියාව ලැබුණා.

 

එම ආයතනයේ රුකියාව කරද්දී නැවතත් ඒෂනී නිරෑපණ ක්ෂේත්‍රයට යොමුවුණා...?

ඔව්... ඒ ආයතනයේ මොඩල් කරන අයියා කෙනෙකුත් සේවය කළා. එයාගේ මාර්ගයෙන් මම බ්‍රයන් සර් යටතේ නිරෑපණ ක්ෂේත්‍රය පිළිබඳව යම් හැදෑරීමක් කළා. ඊටපස්සෙ නැවතත් මට වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබිලා මම ඒවාට සහභාගි වුණා. 2010 වසරේ ‘Model of the year’ තරගයට සහභාගිවෙලා මම එයින් ජයග්‍රහණය කළා.

 

වසර ගණනාවක් නිරෑපණ ක්ෂේත්‍රයේ හිටපු ඔබ අද වෙද්දී මේ ක්ෂේත්‍රයේ වැඩිය දකින්න ලැබෙන්නෙ නෑ..?

ඔව්.. ඉස්සර බොහෝ තරගවලට සහභාගි වුණා. ජයග්‍රහණයන් ලබාගත්තා. නමුත් දැන් අවුරුදු තුනක විතර තිස්සෙ දැන් මම මේ ක්ෂේත්‍රයේ නෑ. නිරෑපණ ක්ෂේත්‍රයට දැන් බොහෝ දෙනෙක් ඇවිත් තියෙනවා. සමහරු කරපු දේවල් නිසා අද වෙද්දී මේ කලාවේ තියෙන වටිනාකම අඩුවෙලා තියෙනවා. ඒ නිසා මම දැන් වැඩිය මේ දේවල්වලට සම්බන්ධ වෙන්නෙ නෑ.

 

නිරෑපණ ක්ෂේත්‍රයට එනවට ඔබගේ ගෙදරින් කැමැත්තක් තිබුණද...?

ඔව්... ඒ අයගේ කිසිම අකමැත්තක් තිබුණේ නෑ. මම දන්න දේ තමයි කරන්නෙ. මම හරි දේ තමයි කරන්නෙ. ඉස්සර මම මේ හැමදේකටම ආවේ මගේ අම්මා එක්කයි. තමන් ෆීල්ඩ් එකේ හරියට ඉන්න දන්නවනම් එච්චරයි. අද බොහෝ දෙනෙක් නිරෑපණ ශිල්පිනියන් දිහා බලන්නෙ අමුතු විදියට. අපි fashion ෆීල්ඩ් එකට ගියාම අපි දිහා බලන පිරිස වැඩියි. අපි ගැන හැමෝම කතා කරනවා. අපි ගැන අවධානය යොමුකරනවා. හැබැයි ඊට වඩා වැරදි කරන අය ඕනතරම් මේ රටේ ඉන්නවා. කොටට ඇන්ඳ පලියට කෙනෙක් වැරදි කරන්නෙ නෑ. ඇඳුමෙන් කෙනෙක්ව මනින එක වැරදියි.

 

ඔබට රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද...?

ආරාධනානම් ලැබුණා. හැබැයි මම ඒවා බාරගත්තෙ නෑ. මට ඕනවුණේ fashion පැත්තෙන් ඉස්සරහට යන්න. මම දැන් ‘EDIQUEEN^ කියලා ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් දැන් මගේ ලොකුම බලාපොරොත්තුව ඒක වැඩිදියුණු කිරීම තමයි.

 

Text – Dishani / Pic - Malaka

 

 2018-06-30-ent-19 2018-06-30-ent-20