සමහරු ලොකු ගණන්වලට විවිධ ෂූට්වලට ආරාධනා කරනවා
නවක නිරූපණ ශිල්පිනියක් වන මංජුලා විජේගුණවර්ධනව අද සාරවිට කතාබහට එකතු කරගන්න අපි කටයුතු කළා. ඇය මේ වනවිට මියුසික් වීඩියෝ කිහිපයකටම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ක්ෂේත්රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන ඇය අපට පිළිතුරු දුන්නේ මේ විදිහට.
මගේ නම මංජුලා විජේගුණවර්ධන. මගේ වයස අවුරුදු 24යි. දැනට මම කලමණාකරණ පාඨමාලාවක් හදාරනවා. ඒ අතරතුර මොඩ්ලින් කරනවා.
නිරූපණය පැත්තෙන් දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
මියුසික් වීඩියෝ දෙකකට දායක වුණා. ලක්ෂ්මන් හිල්මි මහතාගේ ගීතයක වීඩියෝ එකකට ළඟදී දායක වුණා. තවම ඒක රිලීස් වුණේ නැහැ. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂූට්, කැෂුවල් ෂූට් කරලා තිබෙනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මුලින්ම මගේ යාළුවෙක්ගේ ෂූට් එකක් කරා. ඒක දැකලා තමයි මට ගොඩක්ම ආරාධනා ලැබුණේ. දැනට අවුරුදු දෙකක් විතර වෙනවා නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා.
තෝරාගත් නිර්මාණ වලට විතරද දායක වෙන්නේ?
ඔව්. එන හැම ආරාධනයක්ම බාර ගන්නේ නැහැ. මට ගැලපෙන දේවල් තමයි කරන්නේ. සමහරු ලොකු ගණන්වලට විවිධ ෂූට්වලට ආරාධනා කරනවා. නමුත් මම ඒ දේවල් කරන්නේ නැහැ.
රංගනයට අවස්ථා ලැබිලා නැද්ද?
ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා තියෙනවා. සමහරු කතා කරපු විදිහටම මට යන්න හිතුනේ නැහැ. නමුත් හොඳ වැඩක් කරන්න පුළුවන් අයගේ ආරාධනාත් ලැබිලා තියෙනවා. ඉදිරියේදී හොඳ දෙයක් ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
අවුරුදු කුමාරි තරඟවලින් අද වෙද්දි නිරූපණයට සහ රංගනයට ගොඩාක් අය එනවා. ඒක ක්ෂේත්රයට හොඳයිද?
ඒ තරඟවලින් දිනන අයට කොහොමත් රංගන ක්ෂේත්රයට අවස්ථා ලැබෙනවා. හොඳ විදියට යනවා නම් ක්ෂේත්රයටයි එයාටයි දෙන්නටම හොඳයි.
ප්‍රවීණයන් නවකයන්ට උදව් කරන්නේ නැහැ කියන චෝදනාව ඇත්තද?
මම වැඩ කරපු අයගෙන් නම් මට සහයෝගය ලැබිලා තියෙනවා. මම වැඩිය ප්‍රවීණ අයත් එක්ක වැඩ කරලා තිබුණේ නැහැ. ලක්ෂ්මන් හිල්මි කියන්නෙත් ගොඩක් ප්‍රවීණ කලාකරුවෙක්. එයා එක්ක වැඩ කරපු ඒ පොඩි කාලයේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයා ඇත්තටම හොඳට උදව් කළා. නමුත් සමහර අය ඉන්නවා එහෙම උදව් කරන්නෙත් නැති, අති දෙන්නෙත් නැති අය. ඒ වගේ හොඳ නරක දෙකම තියෙන අය කලවමේ ඉන්නවා.
ගෙදරින් ලැබෙන සහය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අක්කයි, තාත්තයි මගේ පිටිපස්සෙන්ම ඉන්නවා හැමදේටම.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
රංගනය පැත්තෙන් සහ නිරූපණය පැත්තෙන් හොඳ නමක් දිනාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මට කිසිදේකට හදිස්සියක් නැහැ. කරන දේවල් හොඳ විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මේ පැමිණි ගමනේදී උදව් කළ පිරිස ගැන කිව්වොත්?
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ජූඩ් ලසන්ත අයියා, මගේ ගෙදර අය, මගේ යාළුවෝ. එතකොට මගේ මුල්ම ෂූට් එක කරපු මගේ යාළුවා. මගේ පලවෙනි මියුසික් වීඩියෝව කළ රුවන් අයියා. ඒ හැමෝවම මතක් කරනවා.
කැළුම් දේවින්ද