සමහර පිරිසක් කරන වැරදි වැඩ නිසා හැමෝම මනින්නේ ඒ මිම්මෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-24-ent-12

නර්තනය හා නිරූපණය තුළින් ක්‍ෂේත්‍රයට පිවිසි මෙම රුවැත්තිය හැදෑරීම් කටයුතු සිදුකරමින් ඉදිරියට යමින් සිටින්නීය. නර්තනයට දැඩිලෙස ඇල්මක් ඇති ඉසුරු කාංචනමාලාගේ ඉදිරි කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් පැවසුවේ මෙවැන්නක්.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?

2017-01-24-ent-15මම ඉසුරි කාංචනමාලා නානායක්කාර. දැනට නර්තන අංශයේ කටයුතුවල නියැලිලා ඉන්නේ. මගේ ගෲප් එකක් තියේ අවුරෝරා කියලා. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරනවා.

 

ඔබ වෘත්තීය වශයෙන් නර්තන ශිල්පිනියක්ද? නිරූපණ ශිල්පිනියක්ද?

නර්තන ශිල්පිනියක්.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ කොහොමද?

නිරූපණයට තෝරාගත්තේ විනෝදාංශයක් විදියට.

 

නර්තනයට යොමු වුණේ කුඩා කාලේ ඉඳන්මද?

ඔව්, මම ප්‍රාථමික ශ්‍රේණිවල ඉඳන්ම නර්තනයේ යෙදෙනවා. වෘත්තීමය වශයෙන් අවුරුදු 16දී තමයි නර්තනයේ යෙදෙන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන කාලය?

දැන් අවුරුද්දකට විතර කලින් තමයි නිරූපණයට එන්නේ.

 

කුඩා කාලයේ සිට ආසාව තිබුණේ නර්තන ශිල්පිනියක් වෙන්නද?

මම ආසාවෙන් හිටියේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් ඉදිරියට යන්න. ඒවත් කළා. නමුත් මම නර්තනය පැත්තෙන් තමයි ගොඩක් ඉදිරියට ගියේ.

 

මේ දේවල්වට පවුලේ අයගෙන් ලැබුන සහාය මොනවගේද?

ගෙදරින් පුංචිකාලෙ ඉඳන්ම සහයොගයක් ලැබුණා. පොඩි කාලෙ ඉඳන්ම මම නර්තනය සඳහා පංතිවලට සහභාගී වුණා. ඉගෙන ගත්තා. අම්මයි තාත්තයි දෙන්නම කැමති වුණා මම නර්තනය කරනවට. අපේ පවුලේ කිසිම කෙනෙක් කලාව පැත්තට යොමුවෙලා තිබුණේ නැහැ. ඒ වුණාට ගෙදරින් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. විශේෂයෙන් මගෙ අම්මා ගොඩක් කැමතියි මම නර්තනය කරනවට.

 

නිරූපණයේ හා නර්තනයේ නියැළෙද්දී කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?

මම ගයාන් අයියා ගාව ස්ථිර නර්තන ශිල්පිනියක්. එයාගේ ශෝ එකක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම එතැනට යන්න ඕන. නර්තනයට මම ප්‍රධාන තැනක් දීලා වෙලාවක් තියෙන විදියට තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. ගොඩක්ම නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු තමයි කරන්නේ. නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදියට තමයි.

 

නිරූපණයට හා නර්තනයට ලංකාවේ තියෙන තැන ගැන මොකද හිතෙන්නෙ?

ක්ෂේත්‍රය හොඳයි. ඉගෙන ගන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා නිරූපණ ක්ෂේත්‍රයට එන්න බැහැ. හොඳට ඉගෙනගෙන කළොත් කොයිදේත් හොඳයි. මොකද එහෙම වුණොත් අපිට තව කෙනෙකුට ක්ෂේත්‍රය ගැන කියලා දෙන්න හරි පුළුවන්. ගොඩක් අය කියනවා නිරූපණ ක්ෂේත්‍රය නරකයි ඒ වගේම නර්තන ක්ෂේත්‍රය නරකයි කියලා. හොඳ අය ඉන්නවා. සමහර පිරිසක් කරන වැරදි වැඩ නිසා හැමෝම මනින්නේ ඒ මිම්මෙන්. ලංකාවේ නර්තන ශිල්පිනියක් කිව්වොත් ඒ කෙනා දිහා බලන්නේ අමුතු විදියකට. ඒ ගොල්ලන්ගේ චරිතෙ හොඳ නෑ කියලා කියන්නේ. නමුත් පිටරටක නර්තනය හදාරන කෙනෙක් කිව්වොත් දේවත්වයෙන් සලකනවා. උදාහරණයක් විදියට ඉන්දියාව ගත්තොත් නර්තන ශිල්පීන්ට ගරු කරනවා. ලංකාවේ එහෙම තත්ත්වයක් නෑ.

 

ඒක ලංකාවේ සිස්ටම් එකේ අවුලක්ද?

ඒ තැන හදාගන්නේ නර්තන ශිල්පීන්ම තමයි. ඒ ගොල්ලො කරන වැඩ නිසාම තමයි ඔවුන්ට ඒ නම් පටබැඳෙන්නෙ. එතකොට හොඳට ඉන්න කෙනෙක්ට වුණත් අර වරදම පටබැඳෙනවා. හැමෝම නරක අය නෙවෙයි. හැමෝම හොඳ අයත් නෙවෙයි. නර්තනය හා නිරූපණය ගත්තාම ඒක තමන්ගෙ රැකියාව. ගොඩක් අය අපි දිහා බලන්නේ වැරදි විදියට. ඒ නිසා පරිස්සමින් කරන දේ හරියට කරන්න ඕන. ලංකාවේ කොච්චර හොඳ නර්තන ශිල්පීන් හිටියත් ඔවුන්ට හරි තැනක් නොලැබෙන්නේ පුද්ගල ක්‍රියාකාරකම් නිසාද? ඔව්. හේතුව ඒක තමයි. හැබැයි ඒ තැන හදාගන්නෙත් අපේ නර්තන ශිල්පීන්ම තමයි. සුළු පිරිසක් කරන වැරදි නිසා අපිත් ඔවුන්ගේ ඝනයටම තමයි වැටිලා තියෙන්නේ. ‘අපෝ මෙයත් ඩාන්සර් කෙනෙක්’ කියලා හරි අමුතු විදියට මිනිස්සු අපි දිහා බලන්නේ. හැමෝම එකවගේ නැති නිසා හැමෝම දිහා එකම කෝණයකින් බලනවට මම කැමති නැහැ.

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතාකළොත්?

මගේ නර්තන කණ්ඩායම තව තවත් ඉහළට ගන්න ඕන. මම දැනට ඒක පොඩියට කරගෙන යනවා. දැනට මගෙ තියෙන බලාපොරොත්තුව ඒක තමයි.

 

ඔබට උදවු කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඔව් මම තුනවසරේදී සාම්ප්‍රදායික නර්තනය ඉගෙන ගත්තේ ස්වර්ණපාල නුවරපක්ෂ සර්, මහරගම ප්‍රසාදි රණසිංහ මිස් ඇය ළඟ අවුරුදු 7ක් පමණ ඉගෙන ගත්තා. ඒ හැම වෙලාවකම මගේ ළඟින් හිටියෙ මගේ අම්මයි තාත්තයි. ඒ වගේම මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉමල්ක වෙන්රෝයි තමයි මගෙ පිටුපස ඉන්නෙ.

 

Dilan Chryshantha / Pix - Romesh Danushka

 

2017-01-24-ent-18
2017-01-24-ent-17
2017-01-24-ent-16
2017-01-24-ent-14
2017-01-24-ent-13
2017-01-24-ent-11
2017-01-24-ent-10
2017-01-24-ent-09