සමහර අයව විශ්වාස කරන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-28-ent-46

නිරෝෂා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක්. නිරෝෂා නිරූපණ ක්ෂේත්‍රය තුලින් හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. නිරෝෂා සාරවිටට එකතු වුනේ මේ විදිහට.

 

නිරෝෂා ගැන ටිකක් හඳුන්වලා දුන්නොත්?

මගේ නම බී. නිරෝෂා. මගේ පාසල හේවාවිතාරණ විද්‍යාලය. පාසල් ගිහින් අවසන් වුණාම මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරා. ඒ අතරතුර මම ඉවෙන්ට් කරා. ඊටපස්සේ තමයි මොඩ්ලින් පැත්තට ආවේ. මේ ළඟදි සන්ඩේ ඔබ්සවර් පත්තරේටත් මගේ ෂූට් එකක් කරා.

 

නිරූපණයට එද්දි ගෙදරින් ලැබුණු සහය කොහොමද?

තාත්තා නම් ටිකක් කැමැත්ත තිබුණා. ඒත් එයාලා බයෙන් හිටියේ. මුල් කාලේදි නම් බැනුම් අහගෙන වැඩ කරේ. දැන් නම් එහෙම නැහැ. දැන් එයාලා කැමතියි.

 

නිරෝෂා නිරූපණය ගැන හදාරලා තියෙනවාද?

මම මේ ක්ෂේත්‍රයට ආවා විතරයි. තව ටිකක් වැඩ කරලා හදාරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳයිනේ.

 

කොහොමද නිරූපණයට එකතු වෙන්න අවස්තාව ලැබුනේ?

මම වැඩ කරේ ගායක චිලි තිලංගගේ ඇඳුම් නිර්මාණ ආයතනයේ. එතකොට චිලි අයියා කතා කරලා මාවත් මොඩ්ලර් කෙනෙක් විදියට ආයතනයේ ප්‍රඩක්ෂන් අන්දලා එයාලාගේ ෆේස්බුක් පිටුවේ ෆොටෝස් දැම්මා. ඒකෙන් තමයි මට නිරූපණයට එන්න අවස්තාව ලැබුණේ.

 

2018-02-28-ent-45

 

මේ නිරූපණ ක්ෂේත්‍රය හොඳ ක්ෂේත්‍රයක්ද?

මේකේ පැති දෙකක් තියෙනවා. හොඳ පැත්තකුයි නරක පැත්තකුයි. තමන් දැන ගන්න ඕනේ හොඳට ඉන්න. සමහර අයව විශ්වාස කරන්න අමාරුයි. ෆොටෝ ෂූට් කියලා කතා කරනවා. ඒත් හොයලා බැලුවාම එහෙම දෙයක් නැහැ. දැන් කාලේ හැටියට හරිම බයයි. මම හැමදේම කරන්නේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි අහලා. මම වැඩවලට තනියම යන්නෙත් නැහැ.

 

ක්ෂේත්‍රයේ වැඩ කරද්දි යාළුවෝ උදව් කරනවාද?

මට වැඩ කරන්න ගොඩක් උදව් කරා හිරුණි ඉෂාරා අක්කා. මම හැමදේම එයාගෙනුත් අහනවා. එයා මගේ අක්කා වගේ. හැමදේම පස්සෙන් ඉඳලා කියලා දෙනවා.

 

නිරෝෂාට රඟපාන්න අවස්තා ලැබිලා නැද්ද?

මියුසික් වීඩියෝවලට නම් ආරාධනා ලැබුණා. ඒත් හැමදේම ටිකෙන් ටික ඉගෙන ගෙන තමයි කරන්න අදහස තියෙන්නේ. හොඳ දෙයකට ආරාධනා ලැබුනොත් කරනවා.

 

ඒ කියන්නේ හැමදේම කරන්නේ තෝරා බේරාගෙනද?

ඔව්. අනිවාර්යෙන්ම මම හැමදේම තෝර බේරාගෙන තමයි කරන්නේ. බයත් හිතෙනවා සමහර වෙලාවට.

නිරූපණ ක්ෂේත්‍රය ගැන දැන් සමාජය කතා කරන්නේ වෙනස් විදිහකට. මේ තත්වය තුල වෙනත් ක්ෂේත්‍රයකයක් තෝරා ගන්න හිතෙන්නේ නැද්ද? නැහැ. මම හැමතිස්සෙම පරිස්සම ගැන හිතනවා. හොඳ දේවල් විතරයි මම බාර ගන්නේ.

 

නිරොෂාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් තවම පොඩි කාලයයි. ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගන්න ඕනේ. ආසාවෙන් මම මේ වැඩ කරන්නේ. හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

 

අපි අවසාන වශයෙන් කියමු මේ ගමනට උදව් කරපු අය ගැන?

මගේ අම්මයි තාත්තයි මුලින්ම මතක් කරන්න ඕනේ. එතකොට හිරුණි ඉෂාරා අක්කා සහ මට වචනයකින් හරි උදව් කරපු හැමදෙනාටම මම මේ වෙලාවෙදි ස්තූතියි කරනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2018-02-28-ent-44   2018-02-28-ent-47 2018-02-28-ent-48 2018-02-28-ent-49