සමහර අයට මේ ක්ෂේත්රය පේන්නේ ගොඩක් පහත් විදිහට
නිරූපණ ක්ෂේත්රයට නවකයෙක් වන අමන්දා හෂිනි සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙළෙස සමබන්ධ කරගත්තේමු. රංගනයටද කැමැත්තක් දක්වන අමන්දා දැනට ගීත රූප රචනා කිහිපයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.
නිරූපණ ක්ෂේත්රයට ඔබ පිවිසෙන්නේ?
මම නිරූපණ ක්ෂේත්රයට එන්නේ 2016 වසරේ. හසිත විතානගේ අයියා තමයි මට නිරූපණ ක්ෂේත්රයට එන්න අවස්ථාව උදා කරලා දුන්නේ. ඔහුගේ පොටෝ ෂූට් කිහිපයකම වගේ මම පෙනී හිටියා. ඒ හරහා තමයි නිරූපණයට යොමු වුණේ.
ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ දේවල් වල පෙනි ඉඳලා නැද්ද?
ගීත රූප රචනා කිහිපයකට නම් පෙනි ඉඳලා තියෙනවා. ගොඩක්ම කරලා තියෙන්නේ පොටෝ ෂූට්වලට පෙනි හිටිය එක තමයි.
නිරූපණ ක්ෂේත්රයට ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්රය නම් ගොඩක් හොඳයි. අපි වගේ තරුණ පිරිසට ඉදිරියට යන්න ලොකු අවස්ථාවක් මේ ක්ෂේත්රය තුළ තියෙනවා කියලා දකිනවා. ඒ වගේම තමයි දක්ෂයාට හොඳ අනාගතයකුත් මේ ක්ෂේත්රය තුළ තියෙනවා.
ලංකාවේ නිරූපණයෙහි යෙදෙන් තරුණ පිරිස්වලට තියෙන පිළිගැනීම කොයි වගේද?
ලංකාවේ නිරූපණ ක්ෂේත්රය ගැන විවිධ පුද්ගලයන්ගේ විවිධ විවේචනය කරනවා. මොකද, සමහර අයට මේ ක්ෂේත්රය පේන්නේ ගොඩක් පහත් විදිහට. හැබැයි අපේ රටේ දැන් ගොඩක් නිරූපණ ක්ෂේත්රයෙන් ජාත්‍යන්තර දක්වා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හොඳ පිළිගැනීමකුත් ලබාගෙන තියෙනවා.
දිනෙන් දින නිරූපණ ක්ෂේත්රයට අලුත් අය එකතු වෙනවා?
ඔව්, අද ගොඩක් අය නිරූපණ ක්ෂේත්රයට එනවා. අපි සතුටු වෙන්නේ ඕනා ඒ ගැන හිතලා. මොකද අපි තවත් අයගේ දක්ෂතාවලට තැනක් දෙන්න ඕනා. එක එක අයට විවිධ දක්ෂතා තියෙනවා. මම හිතනවා අද ක්ෂේත්රයට එන ගොඩක් තරුණ පිරිස් අතර දක්ෂතා තියෙන අය ගොඩක් ඉන්නවා කියලා.
ඉලක්ක තියෙනවාද?
මේ දවස්වල නම් ගොඩක්ම නිරූපණ ක්ෂේත්රයෙන් තරමක් ඈත්වෙලා ඉන්නේ. හේතුව මේ දවස්වල පසැලසුම් කරමින් ඉන්නවා හෝටල් ක්ෂේත්රය පැත්තෙන් රැකියාවකට යොමු වෙන්න. ඒ පැත්තෙන් ඉදිරියට යන්න ලොකු අවස්ථාවක් මට ලැබිලා තියෙනවා. නමුත්, නිරූපන කටයුතු කවමදාකවත් අමතක කරන්නේ නැහැ ඉඩ ලැබෙන පරිදි ඒ වැඩවලටත් දායක වෙනවා.
උදව් කරපු අය?
ඇත්තටම, මන් අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ හසිත විතානගේ අයියා දිපූ අතදීමෙන්. ඒ වගේම තමයි හැමදාම මගේ ලඟින් ඉන්න යාළුවෝ ටික. මගේ අම්මා තමා මට ගොඩක්ම ළඟින් ඉන්නේ හැම වෙලාවෙම. ඇය මට ගොඩක් උදව් කරනවා මේ ක්ෂේත්රය තුළින් ඉදිරියට යන්න. ඒ අතර නම් කියූ නොකියූ බොහෝ දෙනෙක් ඉන්නවා මට උදව් කරපු.
බුද්ධික සේනාධීර