සමහර අයගේ වැඩ නිසා ක්ෂේත්‍රයේ නම විනාශ වෙලා වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201007Hot (7)

වෘත්තීයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක් වන මාෂි නිරූපණ ක්ෂේත්‍රයේද නිරත වනවා. නිරූපණය වගේම රංගනයටත් එකතු වීමට මාෂි තුළ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න මාෂිව සාරවිට කතාබහකට එකතු කරගන්නට අපි උත්සාහ කළා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම මාෂි චතුරිකා. මගේ ගම දිගන. මම වෘත්තීයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්. නමුත් මම ලංකාවේ සැලෝන් එකක්වත් දාලා නැහැ. විදේශ ගත වෙලා තමයි වැඩ කළේ. ලංකාවට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. දැන් නිදහස් නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ කටයුතු කරනවා.

නිරූපණයට පිවිසෙන්නේ?

දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. මගේ පළමු ෂූට් එක නුවන් සංජීවයි සැලෝන් ඉන්දු සමග තමයි කළේ.

නිරූපණයේ ඔබ මොන පැත්තද නියෝජනය කරන්නේ?

බ්‍රයිඩ්ල් මොඩ්ලින්, කැෂූවල් ෂූට්, කන්සෙප්ට් ෂූට්වලට දායක වෙනවා.

වෙළඳ දැන්වීම්, රූප රචනාවලට?

ආරාධනා ලැබිලා තිබෙනවා. ස්ක්‍රීන් ටෙස්ට්වලටත් ගිහින් තිබෙනවා. හොඳ දෙයකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා.

නැවත විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඔව්. රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට විදේශගත වෙලා වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී බලමු.

ෆොටෝෂූට් කීයකට විතර දායක වෙලා තිබෙනවාද?

බ්‍රයිඩ්ල් ෂූට් දහයක් විතර කරලා තියෙනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ නංගි තමයි ගොඩක්ම උදව් කරන්නේ.

නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?

ඇත්තටම ක්ෂේත්‍රය හොඳයි. වැදගත් තැනක්. මිනිස්සු මේ ෆීල්ඩ් එක දිහා බලන එකයි, අළුතෙන් එන සමහර අයගේ වැඩ නිසයි ක්ෂේත්‍රයේ නම විනාශ වෙලා වගේ. මොඩ්ලින් කිව්වාම ගොඩක් අය හිතන්නේ ජරා, පහත් තැනක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. ඒ වැරදියි. වැදගත් විදිහට ක්ෂේත්‍රයේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා. රූපලාවණ්‍ය සහ නිරූපණය කියන්නේ ඉතා වැදගත් ක්ෂේත්‍ර දෙකක්. අපේ රටේ මේ වගේ තැනකට දාලා තිබුණාට විදේශ රටවල්වලදි නිරූපණයට ඉහළ පිලිගැනීමක් දෙනවා. විශාල ගෞරවයක් දෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම ලැබෙන ආරාධනා අනුව නිරූපණයෙනුත් සම්බන්ධ වෙනවා. රංගනයටත් එකතු වෙන්න ආසාවක් තිබෙනවා. හොඳ ආරාධනාවක් ලැබුණොත් ඒකටත් දායක වෙනවා.

විශේෂයෙන් මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්. මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට නුවන් සංජීව, දුමින්ද ගුරුගේ, ඉන්දු දේවස්මිකා, ඉෂන්කා, දුලානි ප්‍රසංගිකා ඇතුළු වචනයෙන් හරි උදව් කළ අයවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද 

20201007Hot (1) 20201007Hot (2) 20201007Hot (3) 20201007Hot (4) 20201007Hot (5) 20201007Hot (6) 20201007Hot (8) 20201007Hot (9)